
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය.
"ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස ව්‍යවස්ථාදායකය තුළින් වඩා පරිණත ප්‍රශස්ත සේවාවක් රටේ ජනතාවට සිදුකරන ගමනේදී ඔබ සතුව සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා.
ව්‍යවස්ථාදායක නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලයට තම මහජන සේවය රටට ඉටු කිරීම සඳහා ඔබගේ දායකත්වය අතිශයින් බලපානවා.
හිටපු කතානායකට විරුද්ධව විශ්වාස භංගයකට මුල පුරන්නට අපට සිදුවුණා.මේ පාර්ලිමේන්තු කාලය තුළදී එවැන්නක් යළි ක්‍රියාත්මක කරන්නට ඉඩ නොලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.අපට අවශ්‍ය ස්ථාවර රටක්.
නාමල් රාජපක්ෂ මහතා:-
කෙටි කලකදී දේශපාලනයේ දුරක් යාමට හැකි වීම පිළිබඳව ඔබට සුබ පතනවා.ඉදිරියේදී සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගනිමින් ජනතා ගැටලු වලට විසඳුම් සෙවීමට හැකි මධ්‍යස්ථ මෙහෙයවීම අපි බලාපොරොත්තු වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න බැරි අත ඉඹින නරි රැළ.
අපේ අප්පලා කරා වගේ වෙන්ටැ.
වැඩි කයිවාරු එපා. දැන් ඔයාගේ සහතික ටික පෙන්නන්න.
මීට පස්සේ විශ්වාස භංගයක් ගෙනෙනවා නම් ඒක ගෙන එන්නේ වැඩ බැරි, තමන්ගේ තනතුරේ කාර්ය භාරය හරි හැටි කරගන්න බැරි ළාමක විපක්ෂ නායකයට තමයි හොදේ !
වීදුරු ගෙවල්වල ඉන්න උදවිය අනුන්ට ගල් නොගැසිය යුතුයි කියා ආප්තෝපදේශයක් ඇත.
ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නම් විශ්වාස භංගයක් එයි වගේ.
මීලඟ පාර්ලිමේන්තුවේ ඔය විපක්ෂනායක කමත් ගිලිහී යන බව නම් සක් සුදක් සේ පැහැදිලියි.
ඔව් ඔව්, කථානායක ඉවත් කෙරුවේ මෙයාලගේ දෝෂාබියෝගයෙන්නේ. දැන් ඉතින් ඔයාලට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ ඔය වගේ බාල වැඩ තමා. කෝ දැන් O/L සහතිකය පෙන්නුවද?
ඔබලාගේ කියා පළමුවෙන්ම අත්සන් තැබූ නිසා මේවා ඉදිරියටම ගෙනියන්න... විපක්ෂයේ කාර්යභාරය කරන්න, ආශු ඔබට සහයෝගයට 225 තොරතුරු ඉල්ලා තියෙන්නේ...