
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.
පසුගිය ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් පිරිනැමීය.
ආර්ථික සහයෝගීතාව, කෘෂිකර්මය හා ඩිජිටල්කරණය ආදී විෂයයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
අනතුරුව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය, භාරතීය ජනතා පක්ෂයේ සභාපති ජගත් ප්‍රකාශ් නද්දා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතරද හමුවක් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද නිකන්ම ගිහින් එන්නැතිව, පාස්කු කාරයින්වත් ඉල්ලගෙන ආවානම්... මේසෙට ගහලා බයකරලා හරි කමක් නැහැ.