
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි.
ඉන්දු - ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගනු ලැබිණ.
සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාළුකම වැඩි වුණාට කමක් නැහැ කලින් රජයවල් වගේ ඉල්ලන ඉල්ලන අපේ රටේ වටින සම්පත් ටික නම් දෙන්න එපා.
වැඩි යාලුකම් දබරෙටයි කියලා කතාවක් තියෙනවනේ. පොඩ්ඩක් ඔන්න ඕකත් මතක තියාගෙන වෑඩ කලොත් හොදයි. මොකද ඉන්දියාව කියන්නේ ප්‍රතිපත්තියකට වෑඩකරන රටක්. තාම පාරට කෑත කළත්. දෑනටමත් අපේ රටට ඈවිත් කරන්න ඕන දේවල් ඔක්කොම ප්ලෑන් කරලා තමයි ඔය ලොකූ ආදරය ආවේ කවුරු කොහොම කිව්වත්.