(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහතික වූ බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී අද (16)පැවසීය.
පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරයකට එන්නැයි අග්‍රාමාත්‍ය මෝදි මහතාට ආරාධනා කළ බවද අනුර දිසානායක මහතා කීය.
ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී ජනාධිපති අනුර දිසානායක මහතා මෙසේද කීය.
ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මා නියැළෙන පළමු විදෙස් සංචාරයේදී නවදිල්ලි නුවරට පැමිණීමට ලැබීම පිළිබඳව මා සැබැවින්ම සතුටට පත්වනවා.
මාහට කරන ලද ආරාධනය වෙනුවෙනුත් උණුසුම් පිළිගැනීම සහ සත්කාරකත්වය වෙනුවෙනුත් ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මැතිනියට සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට මා ස්තුතිවන්ත වනවා. දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ශිෂ්ටාචාරමය සබඳතා සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට මෙම සංචාරය ඉවහල් වුණා.
මාගේ මෙම සංචාරය සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්ථාපිත වූ මැතිවරණ ක්‍රම හරහා දෙරටේම ජනතාව පැහැදිලිවම සිය ජනමතය ඉදිරිපත් කර ඇති පසුබිමක හා තිරසර සංවර්ධනය, සමාජ සවිබල ගැන්වීම් සහ සෞභාග්‍යයේ මාවත ඔස්සේ අප රටවල් මෙහෙයවීමට ජනවරමක් ලබාදී ඇති, දෙරටේම දේශපාලන වාතාවරණයෙහි වැදගත් සන්ධිස්ථානයකයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැන් තනි ජනවරමක් යටතේ මෙතෙක් තේරී පත් වූ වැඩිම නියෝජිතයින් සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තුව බවට පත්ව සිටින බව මා දන්වා සිටින්නේ සතුටින්. මගේ නායකත්වය යටතේ ජාතික ජන බලවේගයට ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ලැබුණු මෙම අතිමහත් සහයෝගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනවා. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශ වූ ජන වරම අප රටේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට හැකිවන දේශපාලන පරිවර්තනයක බීජ රෝපණය කර තිබෙනවා.
උතුර, දකුණ, නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල පිහිටි සියලුම පළාත් වල විවිධ ප්‍රජාවන් සහ විවිධ තරාතිරම් වල ජනතාව මෙම ජනවරමට දායක වුණා.
මගේ ජනතාව විසින් එවැනි වැදගත් වගකීමක් පවරන ලද නායකයෙකු ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය පවතින්නේ විවිධ දේශපාලන මත සහ කණ්ඩායම්වල සහජීවනය තුළ බව මා පැහැදිලිවම වටහාගෙන සිටිනවා.
ධර්මයේ ඉගැන්වීම් බෙදාගැනීමේ සිට අපගේ සංවර්ධන ප්‍රගතියේ කොටස්කරුවෙකු වීම දක්වා ඉතිහාසය පුරාම ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ වර්ධනයේ සහ සංවර්ධනයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා.
අද මගේ ඉන්දීය සංචාරයෙන් විද්‍යමාන වන්නේ අප අනාදිමත් කාලයක සිට භුක්ති විඳින මෙම සමීප සහ මිත්‍රශීලී සබඳතායි.
මීට මඳ වේලාවකට පෙර, අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් සමඟ අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අවසන් කළා. අප අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක් කළ අතර ඉදිරියේදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ මාර්ග සහ ක්‍රම පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්තා.
ශ්‍රී ලංකාවට ලබා දුන් නොසැලෙන සහය වෙනුවෙන්, විශේෂයෙන්ම 2022 වසරේදී රට මුහුණ දුන් පෙර නුවූවිරූ ආර්ථික අර්බුදයේදී සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රබල සහයෝගය වෙනුවෙන් මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට සහ ඉන්දීය රජයට ස්තුතිය පළ කළා.
ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුව තුළ ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානයට අනුකූලව ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික වර්ධනය සඳහා ඉන්දියාවේ ඇති පූර්ණ කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහතික වුණා.
දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර ඇති සහයෝගීතාව ඇතුළුව විවිධ මට්ටම් වල දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ඇති වැදගත්කම අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා හඳුනාගත්තා.
දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව සහ ප්‍රධාන අංශවල ආයෝජන පිළිබඳවද අප සාකච්ඡා කළා.
ආරක්‍ෂාව සහ ආරක්‍ෂණය, විදුලිබල සහ බලශක්තිය, පුහුණුව සහ ශක්‍යතා වර්ධනය, අධ්‍යාපනය, කෘෂිකර්මය සහ සමාජ ආරක්‍ෂණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව ද අප අදහස් හුවමාරු කර ගත්තා.
පාලනය, සේවා සැපයීම සහ සමාජ සුබසාධනය යන අංශ ඩිජිටල්කරණය කිරීමෙහිලා ඉන්දියාව ලබා ඇති සාර්ථකත්වය මා අගය කළා. ශ්‍රී ලංකාවේද ඊට සමාන පොදු ඩිජිටල් යටිතල පහසුකම් පද්ධති ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවේ සහය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මට සහතික වුවා.
අප දෙරට අතර පවතින සංස්කෘතික බැඳීම් අපගේ සබඳතාවයට ශක්තිමත් පදනමක් සපයනවා. වඩාත් ශක්තිමත් පුද්ගල-පුද්ගල සම්බන්ධතා සඳහා මෙම බැඳියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන්, අප සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළා.
කලාපීය සහ බහුපාර්ශ්වික සන්දර්භ තුළ, ගෝලීය දකුණේ ප්‍රමුඛතම රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ භූමිකාව මා අගය කළා. අයෝරා සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිත්වයට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ප්‍රකාශ කළා. බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වීමට ශ්‍රී ලංකාව තුළ ඇති අභිලාෂයට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය මා එතුමාගෙන් ඉල්ලා සිටියා.
සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටකයේ පිටත සීමාවන් පිහිටුවීම සඳහා මහාද්වීපික තටකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීමට අදාළව ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා හැකි ඉක්මනින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ මැදිහත්වීමද මා ඉල්ලා සිටියා.
මෑතකදී පැවැත්වුණු ධීවර කටයුතු පිළිබඳ හයවැනි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම කෙරෙහි ප්‍රසාදය පළ කරන අතර, තිරසර විසැඳුමක් උදෙසා ධීවර ගැටලුව ආමන්ත්‍රණය කිරීමෙහිලා සහයෝගී ප්‍රවේශයක ඇති අවශ්‍යතාව පිළිබඳවද අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් භාවිතයක් වන පතුලේ ඇදගෙන යන දැල්පන්න ක්‍රමයෙන් (බොටම් ට්‍රෝලිං) මඟින් සිදුවන යළි පිළිසකර කළ නොහැකි පාරිසරික හානිය හඳුනාගනිමින්, එම භාවිතය නැවැත්වීමටත් නීතිවිරෝධී, වාර්තා නොකරනලද, නියාමනය නොකරන ලද ධීවර කටයුතු නැවැත්වීමටත් පියවර ගන්නා ලෙස මා ඉල්ලා සිටියා.
පුහුණුවීම් හා ශක්‍යතා වර්ධනය සහ ද්විත්ව බදුකරණය වැළැක්වීම යන ක්ෂේත්‍ර වලට අදාළව අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුම් අද දින හුවමාරු කර ගනු ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා.
අන්‍යොන්‍ය වශයෙන් පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන ලෙසට මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට ආරාධනා කළා.
ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට සහතික වුණා.
එළැඹෙන වසර ගණනාවක් තුළ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට මා තුළ කිසිදු සැකයක් නැති, ඉන්දියාව සමඟ ඇති සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව නැවත අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කලාපයේ ආරක්ෂාවට හානි වන කිසිවක් ලක්බිමේ කරන්නේ නෑ
Jayamanna Monday, 16 December 2024 05:45 PM
ඔබ කොහේ ගියත් පුරසාරම් දෙඩීමට සීමාවක් නැත.
sunilTuesday, 17 December 2024 06:01 AM
පුරසාරම් නොවෙයි. රටක් හැටියට අභිමානය ලබාගත හැක්කේ එය තුළිනුයි. රට ඉහළ නැංවීමට ඒවා ඉතා ප්‍රයෝජනවත්. ඔවැනි කතා ලියාගෙන ගිහිල්ලා වූවත් කරන්ට අපට බැරි වුණා. ජයවේවා...!
dileepa1986Tuesday, 17 December 2024 09:24 AM
ජයමාන්න කියන්නේ හරකෙක් බව දන්න කවුරු හරි තව ඉන්නවද? වෙනත් රටකට රාජ්‍ය නායකයෙක් ලෙස ආරාධනාවක් ලැබ එහි ගොස් සිදුකරන කතාව ධනාත්මකව සිදුකළ යුතුයි. නැතිනම් ඔබගේ හාම්පුතා ලංකාවේ මිනිසුන් අවුරුදු ගාණක් රැවටුව ලෙස ඉදිරි සති දෙක අමාරුයි යනුවෙන් කතාවක් කිරිම සුදුසු ද යනුවෙන් මා ප්‍රශ්න කරනවා. අද අධිකරණ ඇමතිතුමා සුපිරිම කතාවක් ජයමාන්න වැනි පුද්ගලයින් ඉලක්ක කරගෙන පවසා තිබේ.’’බල්ලා එලෙව්වට කිනිතුල්ලෝ හැම තැනම’’
Anu viraj Monday, 16 December 2024 06:11 PM
ආදරෙයි සර් සුපිරි කතාවක්... සුබපැතුම්...!
Roni Monday, 16 December 2024 10:21 PM
නියමයි, ඔබ කවදාවත් කිව්ව දෙයක් නොකර සිටියේ නැත. පොරොන්දු වූ සියල්ල අකුරට ඉටු කළා. වචනයක් දුන්නොත් ආය ඉර හඳ වගේ තමයි. මුසාවාදය කිසි දිනක ඔය කටෙන් පිටවී නොමැත. අපිට ඔබතුමන්ව මාර විශ්වාසයි.
Gamini Tuesday, 17 December 2024 04:12 PM
දිලීප ඔයා කේප්ප වස්සෙක්. පචේට පචේ නොකියා මොනවා කියන්නද?