IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


අද හෙට පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නෙ මෙහෙමයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව අද (17)  රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිත බවත් අනතුරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

අද (16) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී තිබේ. දෙසැම්බර් 17 සහ 18ට දෙදිනට අදාළව පෙර තීරණය කළ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් ද මෙහිදී සිදුව ඇත. 

දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 9.45 දක්වා නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව/ දිවුරුම ලබා දීම සඳහා කාලය වෙන්කර ඇත. සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු මෙසේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඉන්අනතුරුව නව කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව යොමුවනු ඇත. ඉන්පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මන්ත්‍රීවරයන්ට අවස්ථාව සැලසේ.

අනතුරුව පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා විවාදයට ගෙන එම විවාදය 2024.12.18 වැනි දිනට ද පැවැත්වීමට තීරණය වී ඇත. මේ අනුව පෙර තීරණය කළ පරිදි 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව මෙදින විවාදයට ගැනීම සිදු නොවනු ඇත. 

ඉන්පසු ප.ව. 3.00 සිට ප.ව. 6.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත. නව කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට කාලය වෙන් කිරීම හේතුවෙන් විවාද කාලය මෙසේ පැයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.

දෙසැම්බර් 18 වැනි දා බදාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 - පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

අනතුරුව පෙර දින කල්තබන ලද, පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ. මේ අනුව පෙර තීරණය කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රවල සඳහන් නියෝග හා රෙගුලාසිවලට අදාළ විෂයයන් ඉදිරි දිනකදී විවාදයට ගැනීමට එකඟත්වය පළවී ඇත.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇත.

 



අදහස් (0)

අද හෙට පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නෙ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි
2025 මැයි මස 06 346 0

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්


කඩු පිහි රැගෙන ඡන්ද මධ්‍යස්ථානය අසලට ආ 2ක් මාට්ටු
2025 මැයි මස 06 209 0

කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


ජනපති මුළු ලොවටම බෞද්ධ දර්ශනයේ අගය කියයි
2025 මැයි මස 06 281 0

යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර


තුසිත හල්ඔළුව හෙට සී.අයි.ඩීයට
2025 මැයි මස 06 666 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී


ලොකු පැටිගේ නිවසින් බෝම්බයක් හමුවෙයි
2025 මැයි මස 06 684 0

පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 793 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 206 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1247 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site