
(අංජුල මහික වීරරත්න)
බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීම සදහා අද (16) පෙරවරුවේ එහි පැමිණි අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කිරීම පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණ අමාත්‍යවරයා අදාළ පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.
"දැන් අපි රාජපක්ෂවරු වේවා, රනිල් වේවා අවුරුදු 70 ක දූෂිතයෝ පැන්නුවා.
දූෂිතයෝ පැන්නුවාට පස්සේ. මේක තමයි ප්‍රතිවිප්ලවයේ ආරම්භය.
දැන් බල්ලා ලැගලා ඉන්නවානේ යම් තැනක. බල්ලා එලෙව්වා අපි. හැබැයි කිනිතුල්ලෝ හැම තැනම ඉන්නවා. ඒගොල්ලෝ යන්නේ නෑ. බල්ලා ගියාට ඉතින් ඒගොල්ලෝ තැනින් තැන ඉන්නවා. අනික කිනිතුල්ලා පොඩියි.පේන්නේ නැහැ.ඒ වගේ ඉන්නවා. ඉතින් ඒක නිසා අපි ඒක එකෙන් එක අධ්‍යයනය කරමින් ඒ කිණිතුල්ලන් රාජ්‍ය තන්ත්‍රයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකුත් සිද්ධ කරන්න වෙනවා. මොකද බල්ලා පැන්නුවට කිණිතුල්ලන් එහෙම යන්නේ නැහැ" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ එළවලා හරක් රිංගලා, කිනිතුල්ලෝ හරකුන්ගේ එල්ලිලා.
ඇමැතිතුමෝ, පොඩ්ඩක් ශිෂ්ඨ විදියට කතාකරන්න ඉගෙන ගත්තොත් හොඳ නැද්ද? නැත්නම් අන්තිමට මර්වින් සිල්වා තරමටම පීචං වෙයි...
ඒ දූෂිතයෝ ඒ බල්ලෝ ගෙනාපු නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබලා, ඒ මනුස්සයන්ට ගරහන තත්වයට වැටෙන්න තරම් ඔබතුමාගේ බුද්ධිය අඩු බවයි පේන්නේ...
එහෙම මවපු සත්තු එළවන එක ලේසි නෑ.
සම්පූර්ණ ඇත්ත . දකුණු පළාත විශේෂයි.පරණ හොරු ටිකම තමයි රාජ්‍ය සේවයේ ඉන්නේ. ප්ධාරන ලේකම් ඇතුලු සියලුම දෙනා මාරු කළ යුතුයි. එහෙම නොකලොත් මේ ආණ්ඩුවෙන් වැඩක් වෙන්නේ නැහැ. තවමත් ඉන්නෙ පරණ මැක්කො ටික තමයි. සම්පූර්ණයෛන් කණ පිට ගහන්න ඕනා.
මෙයාගේ උගත්කම හොඳයි බල්ලාට
එහෙනම් ඉතින් මාලිමාවේත් කිනිතුල්ලො ඉන්නවා. මොකද පක්ෂෙන් යවපු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරවල දෙවැනියට සඳහන් වෙන්නේ ඔබතුමාගේ නම. ඒ සඳහන් කරලා තියෙන්නේ ආචාර්‍ය පට්ටමත් එක්කමයි. සමහරවිට ආචාරි කියලා ලියන්න ගිහිල්ලා මාලිමාවේ සහෝදරයින්ට වැරදුනාද දන්නෑ.
සමහර වෙලාවට කිනිතුල්ලෝ හිතනවා ලැගලා හිටපු බල්ලා නැවතත් ඒවි කියලා, බලාගෙනම ඉන්නවා..එතකල් මෙතුවක්කල් කරගෙන ආපු රාජකාරිය අකුරක් නෑර කරනවා...
බල්ලා කිව්ව නේද .... තොප්පිය හරිනං නේද ඉතිං..
ශිෂ්ඨ සම්පන්න ශ්‍රී ලංකාවක් බිහි කරනවා කියලා ඔය වගේ තුන්වැනි කතා කියන එක හරි නෑ. ඒකෙන් පේන්නේ තමන්ගේ තරම පහත් කියන එකයි.
කටමැත දොඩන්නේ බලයට ආවේ මෑත අතීතයේ රටටම පිළිලයක් වූ 69 ලක්ෂයක කිනිතුල්ලන්ගේ විෂන් බව නොදන්නා නිසා විය හැකියි.
ඉතුරු වෙලා ඉන්න ලොකුම මැක්කා තමයි OL වැඩ 8 ම අසමත් කෙනා...
අනේ සර් මසුරන් කථාව...!
ප්‍රතිවිප්ලවය හ්ම්.....
අනිවාර්යෙන්ම උන් ටිකත් එලවන්නේ නැතිව රට ගොඩදාන්න අමාරුයි.
ඒක ඇත්ත, ඉල්ලා අස්වුණා නේ. තව හොර උපාධි ගත්ත අයට මොකද වෙන්නේ.