
(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)
නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16) පැවැත්විණි.
දෙරට අතර ක්‍රීඩා සම්බන්ධතා වැඩි දියුණු කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවත්, රග්බි ක්‍රීඩාව කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වෙනුවෙන් මැදිහත් වන බවත් නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
මෙම හමුවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd