IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


කතානායක තෝරන්න ඡන්දයක්?

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න සහ නිමල කොඩි තුවක්කු)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.

විසි අට වැනි කතානායක ධූරය සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාත් සමගි ජන බලවේගයෙන් රෝහිනී කුමාරි විජේරත්න මහත්මියත් යෝජනා කරනු සිටිති.

වෛද්‍ය පරිපාලකයෙකු වශයෙන් සේවය කර ඇති වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ජාතික ජන බලවේගය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකර ගත් වික්‍රමරත්න මහතා එහිදී ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 51391කි.

කතානායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් යෝජනා කෙරෙන රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය හිටපු පාසල් ආචාර්යවරියකි.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරියක වන ඇය පසුගිය පාර්ලිමේන්තුවේ සභාපති මණ්ඩලයේද( මුලසුන) කටයුතු කළාය.

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(17) පෙරවරුවේ රැස්වේ.

අද පාර්ලිමේන්තුවේ පළමු කටයුත්ත වන්නේ නව කතානායකවරයා තෝරා පත් කර ගැනීමයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 27 වැනි කතානායකවරයා වූ අශෝක සපුමල් රන්වල මහතා සිය ආධ්‍යාපන සුදුසුකම්වලට අදාළව ඇතිවූ අර්බුදය හමුවේ එම ධූරයෙන් පසුගිය 13 වැනිදා ඉල්ලා අස්විය.

 



අදහස් (5)

කතානායක තෝරන්න ඡන්දයක්?

පිටරටවැසියා Monday, 16 December 2024 05:20 PM

පසුගිය කාලේ, උසාවියෙන් දඬුවම් නියමවෙච්චි කෙනෙක් කැබිනට් ඇමැති සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, උසාවියෙන් මරණ දඬුවම නියමවෙච්චි කෙනෙක් රාජ්‍ය ඇමැති, විදේශීය පුරවැසියන් රාජ්‍ය ඇමතිනි සහ මහ බැංකු අධිපති. අට පාස් නෑ කියලා ප්‍රසිද්දියේ කියන, කඳ-බඩ මහත වත්මන් පා.මන්ත්‍රී, පළාත්සභාවේ හිටපු මුදල් ඇමැති. දැන් වගේ නෙමෙයි, ඒ කාලේදී රටට-දැයට කිරි ඉතුරුණා..

:       3       31

Kamal Koyrala Monday, 16 December 2024 05:23 PM

පාර්ලිමේන්තුවේ කාලය කා දමන වැඩක්... බහුතරය NPP දැනගෙන පලපුරුදු අය කරන වැඩ මේ...

:       5       23

බණ්ඩා Monday, 16 December 2024 06:19 PM

ඇත්ත වශයෙන්ම රෝහිනී කවිරත්න මහත්මිය තමයි මේ ධුරයට සුදුසුම කෙනා...

:       50       9

ගමේ එකාලා Monday, 16 December 2024 09:18 PM

රෝහීණී කවිරත්නලාගේ පැටිකිරිය දන්නෝ හොන්දාකාරවම දන්නවා.

:       0       0

swene Tuesday, 17 December 2024 06:10 AM

රෝහිනී කවිරත්න වරදක් නැහැ. එයාට දැන් පළපුරුද්ද හොඳට තියෙනවනේ. අලුත් අයත් රට ගෙනයාමට සූදානම් විය යුතුයි. ඒ නිසා, 159 ක් ඉන්න කොට, ඒ අය අතුරින් කෙනෙක් පුරුදු පුහුණු වන එකත් යෝග්‍ය වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 13 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 23 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 136 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 196 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 107 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


සබරගමුව සරසවියේ තවත් සිසුන් 4ක් පොලිසියට බාරවෙති
2025 මැයි මස 05 543 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site