
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න සහ නිමල කොඩි තුවක්කු)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.
විසි අට වැනි කතානායක ධූරය සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාත් සමගි ජන බලවේගයෙන් රෝහිනී කුමාරි විජේරත්න මහත්මියත් යෝජනා කරනු සිටිති.
වෛද්‍ය පරිපාලකයෙකු වශයෙන් සේවය කර ඇති වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ජාතික ජන බලවේගය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකර ගත් වික්‍රමරත්න මහතා එහිදී ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 51391කි.
කතානායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් යෝජනා කෙරෙන රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය හිටපු පාසල් ආචාර්යවරියකි.
පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරියක වන ඇය පසුගිය පාර්ලිමේන්තුවේ සභාපති මණ්ඩලයේද( මුලසුන) කටයුතු කළාය.
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(17) පෙරවරුවේ රැස්වේ.
අද පාර්ලිමේන්තුවේ පළමු කටයුත්ත වන්නේ නව කතානායකවරයා තෝරා පත් කර ගැනීමයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 27 වැනි කතානායකවරයා වූ අශෝක සපුමල් රන්වල මහතා සිය ආධ්‍යාපන සුදුසුකම්වලට අදාළව ඇතිවූ අර්බුදය හමුවේ එම ධූරයෙන් පසුගිය 13 වැනිදා ඉල්ලා අස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලේ, උසාවියෙන් දඬුවම් නියමවෙච්චි කෙනෙක් කැබිනට් ඇමැති සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, උසාවියෙන් මරණ දඬුවම නියමවෙච්චි කෙනෙක් රාජ්‍ය ඇමැති, විදේශීය පුරවැසියන් රාජ්‍ය ඇමතිනි සහ මහ බැංකු අධිපති. අට පාස් නෑ කියලා ප්‍රසිද්දියේ කියන, කඳ-බඩ මහත වත්මන් පා.මන්ත්‍රී, පළාත්සභාවේ හිටපු මුදල් ඇමැති. දැන් වගේ නෙමෙයි, ඒ කාලේදී රටට-දැයට කිරි ඉතුරුණා..
පාර්ලිමේන්තුවේ කාලය කා දමන වැඩක්... බහුතරය NPP දැනගෙන පලපුරුදු අය කරන වැඩ මේ...
ඇත්ත වශයෙන්ම රෝහිනී කවිරත්න මහත්මිය තමයි මේ ධුරයට සුදුසුම කෙනා...
රෝහීණී කවිරත්නලාගේ පැටිකිරිය දන්නෝ හොන්දාකාරවම දන්නවා.
රෝහිනී කවිරත්න වරදක් නැහැ. එයාට දැන් පළපුරුද්ද හොඳට තියෙනවනේ. අලුත් අයත් රට ගෙනයාමට සූදානම් විය යුතුයි. ඒ නිසා, 159 ක් ඉන්න කොට, ඒ අය අතුරින් කෙනෙක් පුරුදු පුහුණු වන එකත් යෝග්‍ය වෙනවා...