
ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුවන් සිටින බව පැවැසෙයි.
තුවාල ලැබූ තවත් දරුවන් පස් දෙනකු රෝහල්ගත කළ බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ද ජීවිතක්ෂයට පත් වුණු බව මෙඩිසන් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වෙඩි තැබීම කළ තැනැත්තා බාලවයස්කාරයකු බවත් ඔහු ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බවත් පොලිසිය පවසයි.
වෙඩි තැබීම වාර්තා වී පොලිසිය පාසලට වහා පැමිණෙද්දී, වෙඩි තැබීම කළ තැනැත්තා මියගොස් සිටි බව පොලිස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
වෙඩි තැබීම සිදුවූයේ ‘ඇබන්ඩන්ට් ලයිෆ්’ නමැති පෞද්ගලික ක්‍රිස්තියානි පාසලේය. පෙර පාසලේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අතර, සිසුන් 400 කට වැඩි ගණනක් අධ්‍යාපනය ලබන බව පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 5 ක් මරුට
පිටිගල මිලානෝ Tuesday, 17 December 2024 11:49 AM
ලෝකයේ පාසල් සහ විශ්වවිද්‍යාල තුළ සමූහ ඝාතන අවුරුද්ද පතා බහුලව සිදුවන එකම රට ඇමරිකාවයි. සෝමාලියාවේ ද මේ තත්වය නැත.