
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ ගොවිතැන සාර්ථක කර ගැනීම සදහා , කුඩා බිම් ප්‍රමාණයක වගා කර වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි , නවීන තාක්ෂණයෙන් යුතු , ලෝකයේ දියුණු කෘෂිකාර්මික රටවල් භාවිතා කරන , 04 වන පරම්පරාවේ දියර පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සදහා , අවශ්‍ය තාක්ෂණය රැගත් දකුණු කොරියානු ආයෝජකයෝ දෙදෙනෙක් දිවයිනට පැමිණියහ .
අන් ජින්සොක් ( An Jinseok) සහ සොන්ග් ජේ හෝ ( Song Jae Ho ) එම ආයෝජකයන් දෙදෙනා වන අතර , ඔවුන්ගේ දකුණු කොරියාවේ පිහිටි මව් සමාගමට අයත් සමාගම් 68 ක් ලොව පුරා පවතින බව ගුවන් තොටුපොළේ දී අනාවරණය කළේය .
මෙම පොහොර තුළ බැර ලෝහ මෙන්ම අන්තරායක විෂ රසායන ද්‍රව්‍ය අඩංගු නොවන අතර , මිනිස් පරිභෝජනයට ඉතා හිතකර වීම විශේෂත්වයකි .
එසේම මෙම පොහොර මිළ ගනන් සාපේක්ෂ වශයෙන් , දැනට භාවිතා කරන 01 වන හෝ 02 වන පරම්පරාවේ පොහොර මිළ ගනන් වලට වඩා අඩු මට්ටමක පවතින අතර , ඒවා ගොවි බිම තුළට ඩ්‍රෝන තාක්ෂණය මගින් ඉසීම සිදු කළ හැකිය . එමගින් වැඩි අස්වනු ප්‍රමාණයක් නෙළා ගැනීම සදහා අඩු පොහොර ප්‍රමාණයක් යෙදීම ද විශේෂත්වයකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා බිම් ප්‍රමාණයකට ඩ්‍රෝනත් අවශ්‍යද...? නොකියා කියන්නේ මහා පරිමාණ ඉඩම් වගා ගැන නේද...?
නියමයි, මෙන්න වැඩ. මේ වැඩේ ඉක්මනින්ම සාර්ථක වේවා.
හෙක්ටයාරකට හාල් නිෂ්පාදනය වැඩිම චීනයේ, දකුණු කොරියාවේ. ඒ අයගේ තාක්ෂණය ඉතා දියණුයි, ජල පරිභෝජනයත් ඉතා අඩුයි. ලංකාවේ මේ අයගේ උපදෙස් හරියට ගත්තා නම් අපිට හාල් රට යවන්නත් පුළුවන්.