සිසුවාට පහර දුන් පියා අත්අඩංගුවට හතරළියැද්ද පොළ භූමියේ පැවැති සංගීතයක් නැරඹීම සදහා පැමිණ සිටි පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පාසල් සිසුවකුට පහරදී කලහකාරී ලෙස හැසිරුණු සිසුවකුගේ පියකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බව හතරළියැද්ද පොලිසිය පවසයි. 28 January 2025
‘ඊ ටිකට්’ ගැන මගීන්ගෙන් පොලිසිය ප්‍රකාශ ගනී දුම්රිය දෙපාර්තමේන්තුව අන්තර්ජාලය හරහා නිකුත් කරන දුම්රිය ප්‍රවේශපත් ‘ඊ ටිකට්’ වංචාව පිළිබඳ පරීක්ෂණයට අදාලව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මගීන් 100 කට අධික සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සටහන්කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 28 January 2025
කුණු ගෙනියන රථ ගන්න ජපන් සල්ලි කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපන් යෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
පොඩි ගොවීන්ට අත දෙන ණය ක්‍රමයකට කැබිනට් අනුමැතිය ’’ නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය - සරුසාර ’’ පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
ශ්‍රී පාලි මණ්ඩපයට කොටගල වත්තේ ඉඩමක් කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
මුදල් කොමිෂන් සභාවේ අලුත් නිර්දේශ පාර්ලිමේන්තුවට 2025 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
ආණ්ඩුව රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු තීන්දු ගන්නවා ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 January 2025
වෙළෙඳ වැටලීම්වලින් පසුගිය වසරේ කෝටි 20 ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසරේ කළ වැටලීම්වලට අදාලව මහේස්ත්‍රාත් අධිකරණවල පැවරූ නඩුවලින් රුපියල් මිලියන 207ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික දඩ මුදල් රජයට ලැබී ඇතැයි එම අධිකාරිය පැවසීය. 28 January 2025
රටඉඳි බද්ද අඩු කරයි රටඉඳි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 28 January 2025
රෝහල් පහසුකම් වැඩි කරන ව්‍යාපෘතියේ කාලය දිගු කරයි තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
මෛත්‍රීගෙන් ආණ්ඩුවට ලියුමක් මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙන යන ඇලමාර්ග කඩිනමින් ඉදිකරන ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාලන සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. 28 January 2025
යාපනය සරසවි ඇඳුරෝ වර්ජනයක යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද (28) සියලු දේශයනයන්ට සහභාගී නොවී වර්ජනයක් ආරම්භ කර තිබේ. 28 January 2025
අඹේ වටිනාකම ලක්ෂ දෙකහමාරක් යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය. 28 January 2025
බිරිඳ - දරු දෙදෙනා නිවසින් පන්නා නිවසේ රන් සොයලා අංජනම් එළියකින් පැවසූ රත්තරන් සොයා නිවස තුළ කැණීම් කරමින් සිටි තීරෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි . 28 January 2025
ව්‍යාපාරික යුවළ බිය ගන්වා ලක්ෂ 50 ක කප්පම් ඉල්ලලා තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ අපරාධ මර්දන මෙහෙයුම් ඒකකය පවසයි. 28 January 2025
පෙම්වතියගේ පිහි පහරින් පෙම්වතා මරුට අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතාගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇනීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ පෙම්වතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වැල්ලවාය පොලිසිය පවසයි. 28 January 2025
සෞදියෙන් රටඉඳි කිලෝ 50,000 ක් මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්රදානය කළේය. 28 January 2025
දුම්රිය ඊ ටිකට් වංචාවට තවත් අයෙක් අල්ලයි අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන් නෙක් ද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 28 January 2025
වැස්ස වැඩි වන ලකුණු ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 January 2025
රනිල්ගේ පොහොට්ටු කෑලි මහින්දගේ ගෙදර පාටියක පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්වී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනකු එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රී හමුවී ඇතැයි වාර්තාවේ. 28 January 2025
අගමැතිනිය APICTA සිසුන් අගයයි බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් එහිදී අනුශුරතාවක් සහ කුසලතා සම්මාන දෙකක් හිමි කරගෙන තිබේ. 27 January 2025
වැඩි මිලට සහල් වික්කාට ලක්ෂ 10ක දඩයක් දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද (27) නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 27 January 2025
බෙලිඅත්තේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරයි බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවත් පසුව එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් හමුවි ඇති බවත් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 27 January 2025
සාත්තු සේවයට 119ක් ඊශ්‍රායලයට 2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 27 January 2025
කොළොන්නාවේ පාසල් වලට එන කුඩ්ඩන් මට්ටු කරන්න පොලිසිය මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකදී අනාවරණය විය. 27 January 2025
වාහන ගෙන්වන ගැසට්ටුව එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙරට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් අද (27) නිකුත් කළේය. 27 January 2025
කටුනායක ගුවන්තොටුපළට ඇතුල්වීමේ කවුන්ටර 20ක් මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සීඝ්රයෙන් වැඩි වෙමින් පැවතීම පිළිබඳව අවදානය යොමුකර ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කරමින් කටුනායක ගුවන්තොටුපළේ ඇතුල්වීමේ නව කවුන්ටර 20 ක් එකතු කිරීමට තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍යය පවසයි. 27 January 2025
නව ගුවන් හමුදාපති වාසු බන්දු එදිරිසිංහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. 27 January 2025
UK ඉන්දු-පැසිෆික් අමාත්‍යවරිය විපක්ෂ නායක හමුවෙයි එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ දී සිදුවිය. 27 January 2025
රාත්‍රී සංගීත සංදර්ශන ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අවදානය රාත්‍රී පවත්වන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 27 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025