
(සුජිත් හේවාජුලිගේ )
රථ වාහනවල ඉදිරිපස වීදුරුවල නීතිඥවරුන් වෛද්‍යවරුන් හෝ වෙනත් වෘත්තිකයන්, පාසල් හෝ විශ්ව විද්‍යාල හැඟවීමට විවිධ ලොකු කුඩා ස්ටිකර් ඇලවීම නීති විරෝධී බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි
රථ වාහනවල ඉදිරිපස වීදුරුවේ ඇලවීමට අවසර ඇත්තේ ආදායම් බලපත්‍රය පමණක් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම අභ්‍යන්තරයට හිරු එළිය වැළැක්වීම සඳහා ඉදිරිපස වීදුරුවේ ඉහළ පහෙන් එකක කොටසක් අඳුරු කිරීමටද අවසර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොඳ දෙයක්. පවුලට සම්බන්ධ හරක් වෙදෙක් හිටියත් දොස්තර ස්ටිකර් එක ගහගෙන යනවා. බොහෝවිට රථවාහන වැරදි වලින් ෂේප් වෙන්න. ලෝකයේ කිසිම රටක මේ වගේ මන්දමානසික හැසිරීම් නෑ.
සමහරුන්ට අනූව මේවද රටේ තියෙන ප්‍රශ්න කියල ඇහුවට මේක මේ රට හදන්න ගන්න ඕනි අත්‍යවශ්ය පියවරක්. මොකද බුද්ධිමත්ව හිතල බැලුවොත් තේරෙනව මේ රට මෙහෙම වටෙන්න ප්‍රධාන හේතුවක් තමා මේ රටේ තියෙන වෘත්තීය බේදය. අපේ වචනයෙන් කියනවනම් ගැට්ට.වෙන කිසිම රටක මේහෙම නැ. දොස්තරද ලෝයර්ද අරයද මෙයාද පාරට වැඩක් නැ. නමුත් අපෙ රටෙ ගැට්ට කොච්චරද කියනවනම් රෝහල්වල කැන්ටින් වල ඩොක්ටර් කැන්ටින් කියල වෙනම තියෙනෙනව. වෙන මොන රටේද එහෙම තියෙන්නෙ. රෝගීන් කන කැන්ටිමෙන් රෝහල් සෙවකයො කන්න බැ කියන එක යම්තාක් දුරට තර්කයක් තියෙනව. එකක් කාලය, අනික විසබීජ. නමුත් දොස්තරට විතරක් වෙනම ගැටි කැන්ටීන් ඕනි නේ. staff canteen කියලතිබ්බම හරි. වාහනයක් වික්කත් පත්තරේ ඇඩ් එක දාන්නෙ doctor used, lawyer used කියල. සමහරු කියයි දොස්තරට වාහනේ දොස්තර කියල ගහ ගන්න ඕනි කියලා. එහෙම ඕනි නෑ. අවශ්‍යනම් සෞඛ්‍ය (health) කියල හැම සෞඛ්‍ය සේවයකටම දුන්නන්ම් හරි. මොකද හැමෝම අවශ්‍ය අය තමා. ඔහොම ගැටි හදගනෙ ඊට පස්සෙ හිතන්නෙ තමන් තම උසස්ම කෙනා. අනික පහළ කියල. මේව ලෝක විහිලුනෙ. ලෝකෙ මොන රටේද වෘත්තිය වාහනෙ ගහගෙන යන්නෙ. පාසලෙ නම, විශ්වවිද්‍යාලයෙ නම ගහගෙන යන්නෙ.
දැන් ලොකුම ප්‍රශ්නය මේකද? බස් වල තොරම්බල් ගැලවීම, අධි වේගී මාර්ග වල මගී ආසන පටි ......ෂෝ එක ඉවරද ? තවමත් ආසන පටි නොදාන මගීන් විතරක් නෙමෙයි , බස් රියදුරන්ද ඉන්නවා. බස් වල තුප්පහි සින්දු කරච්චලය නිසා කතා කරන දෙයක්වත් ඇහෙන්නේ නෑ. නීති හදන එවුන් බස් එකක ගිහිල්ල තියා බස් එකක් දැකලවත් නැති වෙන ලෝකයක ඉන්නවා වගෙයි . අයිස් ගහල බීලා යන ඩ්‍රයිවර් බර ගානක් පාරේ පිස්සු කෙලිනවා . මාර්ග නීති අමු අමුවේම කඩනවා. පොලිසිය බුදි
ඒක හොද දෙයක්.. ගෝත්‍රික ගතිය යන්නත් එක්ක හොද දෙයක්
නියමයි. වෙන රටවල කාගෙවත් වෘත්තිය වැදගත් නැහැ, සේරම එකයි, ඔය ලේබල් ගහගෙන යන්නෙ එදාවේල කන්න නැති තමන්ගෙම පන්තියෙ උන්ගෙන් ලොකුකම් ගන්න, නැත්නම් අඩුමගානෙ පාරෙ ඉඩහරි ගන්න බලාගෙන. පාරට බැස්සම සේරටම සම අයිතිය බව පිලිගත්ත රජයක් අපට ලැබිල. පාරෙ රඟපු වී අයි පී කාරයො එනකොට කානුවලට බැහැල අප්පුඩි ගහපු අයට ටිකක් රිදෙයි රජයෙ මේ ප්‍රගතිශීලි වැඩ ගැන.
ඇත්තම දේ මෙය කළ යුතුම දෙයක්.දොස්තරලා ,ලෝයස්ල, තමයි මේක කරන්නේ.ලෝකෙ කිසිම දියුණු රටක මේ පිස්සු වැඩ නැහැ. ඕස්ට්‍රේලියාවේ අඩුම ලෙස ඩොක්ටර් කියන නමක්වත් පාවිච්චි වෙන්නෙ නෑ. වයිද්‍යවරයගෙ නමින් කතා කරන්නේ. අපේ තමයි මේ තර්ඩ් ක්ලාස් මානසිකත්වය තියෙන්නේ. වීදුරුව ඉස්සර සලකුනු දාන එකෙන් ඒ මිනිස්සු මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ? ප්‍රමුඛත්වය හැම්දේකදිම ප්‍රමුඛත්වය. ඒ කියන්නෙ දූපත් මානසිකත්වය. හැම මානවයෙක්ම එක හා සමනායි. බලද්දි මේ මිනිස්සු තමයි ලෙඩ්ඩු.
තව කට්ටියක් ඉන්නවා, මන්ත්‍රී උතුමන්, උන්නාන්සේලාත් ස්ටිකර් එකක් ගහන තමයි යන්නේ.
හදිසි හා අත්‍යාවශ්‍යම අවස්තාවල වෛද්‍යවරුන්ගේ වාහනවල ඉදිරිපස එම ලාංචන තිබීම රස්තියාදු නොවී යාමට ප්‍රයෝජනවත් වෙනවා එය ඉවත්කිරීම නුසුදුසුයි කියලා සාමාන්‍ය පුරවැසියෙක් හැටියට කියන්නම පුලුවන් පණනම් තණ අග පිනිබිදු වැන්නේ නොදන්නාකමට දොස්තරල පාවිච්චියට ගන්නා ස්ටිකරය ඉවත්කිරීමට කටයුතු කිරීම නුසුදුසුයි කියලා කිව්වෙ මගේ අදහස පමණයි
අපි අහලා තියෙන ආකාරයට ඔය පොතේ ලංකාවෙ නිපදවූ වාහන හෝ අත් ට්‍රැක්ටර් ලියාපදිංචි කරන්න ප්‍රතිපාදන නැහැ කියල කියපු නිසානේ ලෝකයේ මුල්ම අත් ට්‍රැක්ටරය ලංකාවෙ නිෂ්පාදනය කලත් ඒකෙ අයිතිය විදේශිකයන්ට පවරා දෙන්න සිදුවුනේ අන්තිමේ ඒ යන්ත්‍ර පිටරටින් ගේන්න වුනා
මෙහෙම කියනවට සම වෙන්න මේ ස්ටික්කර් ගහගෙන විශේෂ සැලකිලි හැම විටම බලපොරොත්තු වෙන වෛද්‍යවරු හා නීතිඥයන් කොපමණ බදු වංචා කරනවාද? අපේ අවුරුදු 20 ආදී යන ඉදන් නඩුවකට නීතිඥලා හිතෙන ගණන් ගන්නවා, කිසිවෙකුට රිසිට් දෙන්නේ නෑ. ඒකට මොකද හැසිරෙන්නේ ඒගොල්ලෝ එක කියලා.
හොඳ වැඩක්. ඒක වෙන්නම ඕන දෙයක්
අදායම් බලපත්‍රය ඇතුළු ඔක්කොම ස්ටිකර් ගලවල දමමු , එතකොඅට ප්‍රශ්නේ ඉවරනේ ? අදායම් බලපත්‍රය ඕනේ නම් නවතල චෙක් කරගන්න කියන්න .
හැමෝම එක සමනානම් සමානව බදු ගෙවන්න ඕනේ. බදු නොගෙවා ව්‍යාපාරිකයන් කොච්චර ඉන්නවද? බාබර්ලා, ගැරේජ් වැඩ කරන අය, ඍජුව මුදල් ගන්න සියළු අය බදු නොගෙවා සිටියට ආදායම වෛද්‍යවරුන්ට වඩා ගොඩක් වැඩියි. කරන්න වැඩ තියෙද්දි වෙන වැඩනේ කරන්නේ. මෙහෙම ගියොත් ඉන්න වෘත්තිකයන් ටිකත් රට අතහැරලා යයි. දොස්තරට නම් කියලා බෙහෙත් ගන්න රටවල්වල මුදල් ගෙවලා විතරයි වෛද්‍යවරුන් හමුවන්න පුළුවන්. ඒ වගේම ඒ රටවල ගොඩක් වෛද්‍යවරුන් ඉන්නවා.
හොඳ තීරණයක් .
දොස්තරලා අලවන ස්ටිකර් එකෙන් ඔවුන්ට රෝහල් පරිශ්‍රයකට ඇතුල් වන්න අවසර ලැබෙනවා.
රෝහල්වල හැම වාහන තියන සේවකයාටම කුරුස සලකුණ දෙනවා. ඒක දෙන්නේ රෝහල් ගේට්ටුවෙන් ඇතුල්වෙන්න. ගේට්ටුව ලගදී ඔය සලකුණ වීදුරුවට හේත්තු කළා නම් ඇති . ඕක අලවගෙන පාරේ යන්න ඕන නෑ. නමුත් ඕක ඇලෙව්වා කියලා අනතුරු වෙන්න තරම් දර්ශන පථය අවහිර වෙන්නේ නෑ. දොස්තරලා වර්ජනය කළොත් ඕක ආපහු අලවන්න දෙනවා
මතක විදිහට නම් කොරෝනා සමයේ තමයි ඩොක්ටර් ස්ටිකර් මුලින්ම දාන්න ගත්තේ ඒ අයට රට වහලා තිබුනු කාලේත් රෝහල්වලට එහෙම යන්න තිබුනු නිසා. හබැයි ලෝයර්ස්ලාට නම් ඕක අත්‍යවශ්‍ය ඇයි කියලා තේරෙන්නේ නෑ.
ඩොක්ටර්ස්ලා ප්‍රොක්ටස්ලා ඉස්සර වීදුරුවේ ස්ටිකර් ගහගෙන ගියාට අපිට නම් ප්‍රශ්ණයක් නැහැ, හැබැයි ඒක රටේ ප්‍රවාහන නීතියට අනුකූල නම් ඒකට යටත් වෙන්න සිද්ධ වෙනවා.