පස් කන්දට යටවී එක්දරු පියා මරුට ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පස්කන්දක් කපමින් සිටියදි හදිස්සියේම පස්කන්දේ කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කළ පෙදරේරුවෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පැල්මඩුල්ල පොලීසිය පවසයි. 09 April 2025
’’ලෝකෙම දන්න දේ මේ ආණ්ඩුව දන්නේ නැද්ද?’’ ඇමරිකාව විසින් මෙහෙම ප්‍රතිචාරක බදු පනවන බව මුළු ලෝකෙම දැනගෙන හිටියත් ලංකා රජය මේ ගැන දන්නේ නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 April 2025
’’මේ වෙලාවේ ඕන ට්‍රම්ප්ට ටෙලිෆෝනයෙන් කතා කරන්න පුළුවන් නායකයන්’’ ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව ඇමතිය හැකි නායකයන් බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය . 09 April 2025
සේවකයන්ට නොමිලේ දෙන කෑමට පැනවු බදු ඉවතට ආයතනවලට සේවකයන් ප්‍රවාහනයේදී සහ නොමිලයේ ආහාර දීමේදී පනවන ලද බද්ද ඉවත් කරන බව මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 April 2025
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් S.I.S P.C අත්අඩංගුවට පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට එම අපරාධයේ සිදුකිරීම සඳහා අවකාශ සැලසීම සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 09 April 2025
කටුනායක ගුවන්තොට හදන්න ගිය කෝටි 34ක් වතුරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට (සැලසුම් ප්‍රතිනිර්මාණය කිරීම) 2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වැය කර තිබු රුපියල් කෝටි 34 කට වැඩි මුදලක් නාස්තිවී අැතැයි පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරැ අනාවරණය විය 09 April 2025
අබලන්ව තිබූ බස් 60ක් අලුත්වැඩියා කර ජනතාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ජාඇල පිහිටි ලක්දිව ඉංජිනියරිං ආයතනයේදී සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ බස්රථ 60 කට අධික ප්‍රමාණයක් මගී ප්‍රවාහනයට මුදාහැරි බව එම අමාත්‍යාංශය පැවසීය. 09 April 2025
නාමල් මෝදි හමුවෙයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ හමුවිය. 09 April 2025
විගණකාධිපති විශ්‍රාම යයි රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා සිය සේවයෙන් ඊයේ (8) විශ්‍රාම ලැබුවේය. 09 April 2025
කෙහෙළිය සී.අයි.ඩීයට එයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය. 09 April 2025
12ක් රෝහලට යැවූ පේරාදෙණියේ අනතුර මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට කරගෙන යාම හේතුවෙන් 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. 09 April 2025
කේරළ ගංජා සමඟ අයෙක් කිලිනෝච්චි මුහුදේදී අල්ලයි කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පැවසීය. 09 April 2025
දකුණුට ගිගුරුම් සහිත වැසි දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 April 2025
රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි. 09 April 2025
පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක්ෂකයකු වශයෙන් තරඟ කරනු ලබන අයකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි. 09 April 2025
‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක් හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ දි සිදු කෙරිණි. 08 April 2025
පිල්ලෙයාන් අත්අඩංගුවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 08 April 2025
ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොට්ටාවේදී අද (8) පැවසීය. 08 April 2025
ශ්‍රී ලංකන් ලොක්කෝ ජනපති හමුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි. 08 April 2025
හිතුමතේ බෙහෙත් ගත් ගැබිනි මව මරුට වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රුවන්වැල්ල පොලිසිය කියයි. 08 April 2025
දේශබන්දුට එරෙහිව කමිටුවක් පත් කරන යෝජනාව මැති සබේ සම්මතයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය. 08 April 2025
ඇමරිකා- චීන තීරු බදු වෙළෙඳ යුද්ධයක ඇරැඹුමක් ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා ’’අන්‍යෝන්‍ය’’ තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 April 2025
අපරාධ දේපොළ පනතට ඡන්දෙ දෙන්න චාමර බන්ධනාගාරෙ සිට එයි අපරාධයකින් උත්පාදිත දේපොළ පවරා ගැනීමේ පනත් කෙටුම්පතට පක්ෂව කවුරු ඡන්දෙ දුන්නේ නැතත් තමා ඡන්දය ලබා දෙන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8)පැවසීය. 08 April 2025
කෝටි10ක් වංචා කළැයි හිටපු කොස්තාපල් රිමාන්ඩ් විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(08) නියෝග කළේය . 08 April 2025
නානුඔය සහ දෙමෝදර අතර සුන්දරත්වය බලන්න අලුත් දුම්රියක් දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් අද පෙරවරුවේ සිට ආරම්භ කළේය. 08 April 2025
ඇප කොන්දේසි නැතිව වියලේන්ද්‍රන් යළි බන්ධනාගාරයාට වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි ඇප මත මුදා හළ හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බන්ධනාගාරයාට රැගෙන යනු දක්නට ලැබිණි. 08 April 2025
පනත සම්මත කළොත් රට හංගපු සල්ලිත් ගේන්න පුළුවන් අපරාධයකින් අත් පත් කරගත් දේපොළ විදෙස් රටක තිබුණත් එය නැවත ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන අපරාධයකින් අත් පත් කරගත් දේපොළ පිළිබඳ පනත් කෙටුම්පත යටතේ හැකියාව ලැබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 April 2025
මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම් මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත මගින් හැකියාව ලැබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 April 2025
අපරාධ දේපොළ පවරා ගන්නා පනතට පොහොට්ටුව පක්ෂයි අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:- (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 April 2025
රජයේ ඉඩම් සංවර්ධනයට ආයෝජකයන් සොයයි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026