එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙලා පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත. 26 January 2025
ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් සිවුදෙනෙක් රෝහලට ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද ඇතිවු ගැටුමකදි රැඳවියන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 26 January 2025
යෝෂිත වැලිකඩ සාමාන්‍ය වාට්ටුවක රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 26 January 2025
ලෝක රූ රැජින කිරුළ දිනූ ලාබාල ශ්‍රී ලාංකික දියණිය කටුනායකට තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් - 2025 ( I am Medel Search Kids International ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජලා විමලසූරිය දියණිය , එම තරගාවලියේ ජයජයග්රාහී කිරුළ දිනා ගෙන අද(26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 26 January 2025
වැඩි මිලට විකුණු හාල් පාලන මිලට පාරිභොගිකයින්ට ඇල්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලක වැඩිමිලට විකිණීමට ලොරියකින් රැගෙන ආ කැකුළු සහල් කිලෝ15000ක් පාරිභෝගික අධිකාරිය විසින් අත් අඩංගුවට ගෙන පාලන මිලට පාරීභෝගිකයන්ට මිලදී ගැනීමට ඉඩකඩ සැලසූහ. 26 January 2025
’’වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉමු’’ ’’ වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු’’ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ අද පැවසීය. 26 January 2025
පවතින රාජ්‍ය සේවය ගැන මිනිස්සු සතුටු නෑ පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී අද (26) පැවසීය. 26 January 2025
හුණුගල් දුම්රිය පුත්තලමේදී පිලීපනි පුත්තලම පාලවියේ සිට අරුක්කාඩු හුණුගල් කොරියට හුණුගල් ප්‍රවාහනය සදහා ධාවනය වෙමින් තිබු දුම්රීය පුත්තලම නගරය ආසන්නයෙදී පිලි පැනිමකට ලක්ව ඇති බව කියයි. 26 January 2025
කෝටි පහක හොර අරක්කු සමඟ 6ක් දැලේ රජයේ අනුමත ප්‍රසිද්ධ රටබීම නිෂ්පාදන ආයතනයක නාමය භාවිතා කරමින් ව්‍යාජ අයුරින් විකිණීම සඳහා සූදානම් කර තිබූ වර්ණ ගන්වන ලද රුපියල් කෝටි පහකට පමණ ආසන්න වටිනාකමකින් යුත් හොර මධ්‍යසාර ස්ප්‍රීතු සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් පවසයි. 26 January 2025
ලංවිම නිලධාරී මාෆියාවට අහුවුනොත් මේ ආණ්ඩුවත් ඉවරයි විදුලි බල මණ්ඩලයේ නිලධාරී මාෆියාව අනුව වත්මන් පාලකයන් ක්‍රියා කරන්න ගත්තොත් මේ පාලකයන්ටත් අත් වන්නේ එදා සිටි පාලකයන්ට අත් වූ ඉරණම බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නා හිමියෝ කොළඹ මාධ්‍ය හමුවක දී පැවසූහ. 26 January 2025
ඕඩිසි දුම්රියේ ටිකට් වංචා කළ තවත් ත්‍රිරෝද රියදුරෙක් අල්ලයි මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 26 January 2025
ජපුරේ දන්ත පීඨයට මහාචාර්ය ඒකකයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. 26 January 2025
සහල්වලින් කෝටි 1,090 ආනයන බදු ආදායමක් ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර දී තිබූ කාලයේ දී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 10.9 ක් හෙවත් රුපියල් කෝටි 1,090 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 26 January 2025
උද්ධමන ඉලක්ක සම්පූර්ණ කර නෑ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 වසරේ දෙවැනි සහ තුනවැනි කාර්තුවල උද්ධමනය, උද්ධමන ඉලක්කවලට වඩා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති ආන්තිකයන්ට පහළින් ඇති බවත් ඒ අනුව එහි වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට යොමු කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 26 January 2025
වැටලීමට ගිය පොලිස් නිලධාරියාට වෙඩි මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළීන් පිහිටි කැලෑවේ ඇති නීතිවිරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සඳහා අද (26) දහවල් එහි ගිය කන්දකැටිය පොලීසියේ නිලධාරි පිරිසක් අතර සිටි එක් නිලධාරියෙකු වන සතෙකුට අටවන ලද තුවක්කුවක් පත්තුවී බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලටත් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යැවූ බව පොලිසිය පවසයි. 26 January 2025
කුණු කන්ද ළඟ සිටි අයට දෙන්න අලුත් ගෙවල් සොයයි මීතොමුල්ල කුණු කන්ද අසල නිවාසවල ජීවත් වූ පිරිස් පදිංචි කිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියට අයත් හිස් නිවාස පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන ලෙස ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය. 26 January 2025
ෆයිල් විසිනව දාහක් පොලිසියේ හිරවෙලා ෆයිල් විසිනව දාහක් පරීක්ෂණ වල හිර වී තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා හෝමාගම දී පැවසීය. 26 January 2025
කොටුව -කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රියක් කොළඹ කොටුව හා කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය ජනවාරි 31 දා සිට දිනපතා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 26 January 2025
ඉන්දීය ධීවරයෝ 33 ක් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් 33 දෙනෙක් ධීවර යාත්‍රා 3 ක් සමග අද (26) මන්නාරමට උතුරින් වූ මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 26 January 2025
’’එල් බෝඩ්’’ ආවොත් වෙන දේ රනිල් කට කැඩෙන තුරු කිව්වා එල් බෝඩ් කාරයන්ට බලය දෙන්නට එපා යැයි රනිල් කට කැඩෙන තුරු මහජනතාවට කියූ නමුත් ජනතාව ඒ කතාව ඇසුවේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 26 January 2025
කොටි වළ දැමූ රන් සෙව් 10ක් අල්ලයි කිලිනොච්චිය, තිරුණගර්හ හි එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා අැති රත්‍රං සොයා කැණීම් කල දස දෙනකු ඊයේ (25) භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත්බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 26 January 2025
බස් බස් ගැටී නවයක් රෝහලේ ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදූව ගල් බෝක්කුව අසල දී පුද්ගලික බස් රථ තුනක් අද (26) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් එම බස් රථවල ගමන් ගත් මගින් නව දෙනකු තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 26 January 2025
අල්ලේ සවාගෙන යා හැකි ගිනි අවියක් කහතුඩුවෙන් සොයාගනී අල්ලේ සඟවාගෙන රැගෙන යා හැකි අඟල් 4 - 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 26 January 2025
පුරාවස්තු ළඟ තබාගත් අයෙක් පොලිස් දැලේ නිධානයකින් ලබා ගත් පුරාවස්තු බව පවසන රන්පැහැති බුද්ධ ප්රථීමාවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අලෙවිය සඳහා සූදානමින් රැගෙන යමින් සිටි සැකකරුවකු එම භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනීමට ගිරානේගම පොලිසිය සමත්ව තිබේ 26 January 2025
ඇලකට අප ජලය මුදාහැරි ගලිබවුසර් රියදුරා අත්අඩංගුවට බණ්ඩාරගම ගැලණිගම අධිවේගී පිවිසුම අසල ඇළ මාර්ගයකට කානු පද්ධතිය හරහා අප ජලය යොමු කරමින් සිටි බවුසර් රථ රියදුරකු ඒ මොහොතේම අල්ලාගෙන පොලිසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. 26 January 2025
ආනයනය කරන පළමු ලුණු තොගය හෙට දිවයිනට ඉන්දියාවෙන් ආනයනය කරන මෙට්‍රික් ටොන් 4500 ක් වන පළමු ලුණු තොගය හෙට (27) දිවයිනට ළගා වීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. 26 January 2025
ජනපතිගෙන් ඇමතීන්ට අවවාදයක් දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත. 26 January 2025
කොල්ලකෑම්වලට සම්බන්ධ තරුණියක් ඇතුළු 5ක් මාට්ටු ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ සොරකමේ යෙදුණු ,මත් කුඩු ජාවාරමේ සහ බරපතල පුද්ගල පහරදීම් ඇතුලු දරුණු අපරාධ රැසකටම සම්බන්ධ යැයි කියන හිටපු යුද හමුදා සෙබලෙක් ,තරුණියක් ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 26 January 2025
ජනපති මැද පෙරදිග සහාය ගන්න පෙබරවාරියේ යයි මැදපෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් හමුවීම සඳහා පෙබරවාරි මැද භාගයේදී තමා එහි සංචාරයකට යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය. 26 January 2025
ඌව,දකුණ ඇතුළු දිසා කීපයකට අදත් වැස්ස ඌව සහ දකුණ් පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025