මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම් මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත මගින් හැකියාව ලැබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 April 2025
අපරාධ දේපොළ පවරා ගන්නා පනතට පොහොට්ටුව පක්ෂයි අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:- (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 April 2025
රජයේ ඉඩම් සංවර්ධනයට ආයෝජකයන් සොයයි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
’’අමෙරිකා බදු ගැන කතා කරන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න’’ අමෙරිකාව පැනවූ ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) ඉල්ලීමක් කළේය. 08 April 2025
අග්‍රාමාත්‍යවරිය - IMF ප්‍රධානී අතර සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (7) පැවැත්වීණි. 08 April 2025
ශාක වල අයිතිය රකින්නත් පනත් කෙටුම්පතක් නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නීති කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
මාධ්‍ය වෘත්තිකයන්ට වරලත් ආයතනයක් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
ගුරු පුණුවට ජාත්‍යන්තර ත්‍රෛයි පාක්ෂික ගිවිසුමක් දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ දකුණු ආසියාතික කලාපීය කාර්යාලය සහ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්ව විද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
පිස්සු බලු බේත ගන්න ප්‍රසම්පාදනය දෙයි රේඛීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලි ලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා මිලියන 3ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
පෙට්‍රල් නැව් පහක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
අලුත් හැඳුනුම්පතට කාඩ් ගන්න ලංසු දෙන්න යයි ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
මහා බැංකු වාර්තාව පාර්ලිමේන්තුවට 2024 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
වියලේන්ද්‍රන්ට ඇප වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (08)නියෝග කළාය . 08 April 2025
රාජ්‍ය සේවයට උපාධිධාරීන් තිස් දාහක් ගන්න අනුමැතිය රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000 ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
අවම වේතන වැඩි කරන්න කැබිනට් අනුමැතිය සේවකයන්ගේ ජාතික අවම වේතනය පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
අනුරගෙන් ට්‍රම්ප්ට ලිපියක් අන්‍යෝන්‍ය තීරුබදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද රාත්‍රියේ පවත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 April 2025
ඊශ්‍රායලයේ හෝටල් වැඩට ලාංකිකයෝ 103ක් යති ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ක්ෂේත්රය ආශ්රිත රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 08 April 2025
කටුනායක වෙඩි තැබීමකින් අයෙක් මරුට කටුනායක ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. 08 April 2025
කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට පරිසරය හදනවා ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමටත් කාන්තාවන් සතු කුසලතා ඉදිරිපත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 08 April 2025
ප්ලාස්ටික් බෝතල්වලට මුදල් දෙන ‘ඩිජිටල් යන්ත්‍රයක්‘ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයියහැකි ඩිජිටල් යන්ත්‍රයක් ‘මාස් හෝල්ඩින්ස්’ ආයතනය හදුන්වාදුන්නේය. 08 April 2025
යතුරුපැදිය මතට ගසක් කඩා වැටී යුවළ රෝහලේ අඹුසැමි යුවළක් ගමන් ගත් ස්කූටරයක් මතට කැස්බෑව බටුවන්දර පාසල් මාවත අසලදී විශාල කොට්ටන් ගසක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කැස්බෑව පොලිසියකියයි. 08 April 2025
චාමරගේ නඩුවකට ඇප ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇපමත මුදා හැරීමටට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (08) නියෝග කළාය. 08 April 2025
මන්ත්‍රී ධුරයක් පුරප්පාඩුයි 2025 අප්‍රේල් 6 දින සිට දස වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 08 April 2025
ලංගම ඩිපෝ 55ක් කොට උඩ ලංගම බස් ඩිපෝ පනස් පහක් පාඩු ලබන බව ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2025
විදේශිය පිස්තෝලයක් සමඟ ව්‍යාපාරිකයා අත්අඩංගුවට විදේශ රටක නිෂ්පාදිත මොඩල් 75 වර්ගයේ 9 එම් .එම් උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවියක් සහ මැගසිනයක් සමඟ ව්‍යාපාරිකයෙකු නුගේගොඩ තලපත් පිටිය පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 08 April 2025
වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක් ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් තබා තිබේ. 08 April 2025
කෝසල නුවන්ට මැති සබෙන් සොව ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අභාවප්‍රාප්ත කෝසල නුවන් මහතාට අද පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරනු ලැබීය. 08 April 2025
යාපනය සරසවියේ ඇදුරෝ අසූවක් රට පැනලා මුළු පාඩුව කෝටි 17ක් ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා විදේශගතවූ යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අසූ දෙනෙකු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් ( බැඳුම්කර) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළා වාර්තාවක සඳහන්වේ. 08 April 2025
දේශබන්දු යෝජනාවට අද ඡන්දයක් පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද(8) ඉදිරිපත් කෙරේ. 08 April 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026