අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට ගිණුම් වලට ජුලි මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට හෙට( 30) බැර කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. 29 July 2025
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 July 2025
යටිනුවර ප්‍ර.ස. විපක්ෂ නායක-බිරිය-දියණිය අභිරහස් ලෙස මැරිලා යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ( ස.ජ.බ) චම්පික විජෙරත්න( 53) , ඔහුගේ බිරිඳ සහ දියණිය ,ඔවුන් පදිංචි මුරුතලාව කම්බිඅඩිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි. 29 July 2025
නාවලපිටියේ කර්මාන්ත ශාලාවක ගින්නක් ගම්පොළ නාවලපිටිය මාර්ගයේ පිහිටි කුඩ කර්මාන්තත ශාලාවක විශාල ගින්නක් හට ගෙන ඇති බව මහනුවර ගිනි නිවීමේ ඒකකය කියයි. 28 July 2025
හිටපු ඩි.අයි.ජි ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 28 July 2025
’’ අනුරගේ දක්ෂ නායකත්වය ලංකාව වඩා ශක්තිමත් කරාවි’’ අනුර කුමාර ජනපතිගේ දක්ෂ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා පැවසීය. 28 July 2025
මාලදිවයින් ආයෝජකයන්ට ලංකාව විශ්වාසදායක තැනක් මාලදිවයින් ආයෝජකයන්ට සැමවිටම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ දී පැවසීය. 28 July 2025
මාලදිවයින් - ලංකා ද්විපාර්ශවික ගිවිසුම් දෙකක් මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 28 July 2025
යුරෝපා සංගමයට ට්‍රම්ප්ගෙන් ලොකු සහනයක් යුරෝපා සංගමයේ අපනයන සඳහා පනවා තිබූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 දක්වා පහළ දැමූ බව ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 28 July 2025
RMV අසල අල්ලස් ගත් තැරැව්කරු රිමාන්ඩ් යතුරුපැදියක ලියාපදිංචි පොත සංශෝධනය කරදීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරියෙකුගෙන් රුපියල් තිස්දහසක මුදලක් ඉල්ලා රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය අසල ගැවසෙන තැරැව්කරුවෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (28) නියෝග කළාය. 28 July 2025
බොරැල්ල අනතුරේ දොඹකරයේ අයිතිකරු අත්අඩංගුට බොරැල්ල ප්‍රදේශයේදී අපරික්ෂාකාරීව පැමිණි දොඹකරයක් මාර්ග සංඥාවලට නවතා තිබූ යතුරුපැදි 6 ක් සහ මෝටර් රථ 3 ක් අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දොඹකරයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසිය. 28 July 2025
ජනපති ගිය යානයෙන්ම නාමලුත් මාලේ ගිහින් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා ගමන් ගත් යානයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ද අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත. 28 July 2025
ත්‍රි’මලේ අල් - ෆලාහ් දරුවෝ ජනපති මන්දිරයට ත්‍රිකුණාමලයේ අල්-ෆලාහ් විද්‍යාලයේ සිසු දරුදැරියන් හට සිය පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමටද අද (28) අවස්ථාව උදා විය. 28 July 2025
තිළිණි පියමාලි ඇප මත මුදා හරියි ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි පියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය. 28 July 2025
ඖෂධ ගැන පරීක්ෂා කරන්න ජංගම දුරකථන යෙදවුමක් ඕනෑම ඖෂධයක් පරීක්ෂා කරගත හැකි SLADA දුරකථන යෙදුම නුදුරේදීම එළි දැක්වීමට නියමිත බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පවසයි. 28 July 2025
හිටපු නාවික හමුදාපති උළුගේතැන්න අත්අඩංගුවට පොතුහැර ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරගෙන යනු ලබන විමර්ශනයකට අනුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය. 28 July 2025
’’වෙසක් දිනය’’ ගැන දැනුවත් කරන්න ඇමෙරිකාවෙන් දූත පිරිසක් ටෙක්සාස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති 2026 වසරේ මැයි 15 දින ජාත්‍යන්තර ’’වෙසක් දිනය’’ පිළිබද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කිරීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ , ඩලස්හි කණ්ඩාවෝ විහාරස්ථානයේ විහාරධිපති රතනගුණ හිමියන් ප්‍රධාන බෞද්ධ දූත පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (28) උදෑසන වැඩම කර සිටියහ . 28 July 2025
පළාත් ඡන්දෙට වැඩ පටන් ගනියි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇත. 28 July 2025
RMV අසල අල්ලස් ගත් තැරැව්කරුවෙකු අත්අඩංගුවට යතුරු පැදියක අනු ලියාපදිංචි සහතිකය මුල් ලියාපදිංචි ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලවා සංශෝධනය කර දීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබා ගත් බවකියන තැරැව් කරුවෙකු අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 28 July 2025
නාමල් රාජපක්ෂට වරෙන්තු හම්බන්තොට අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද වරෙන්තු නිකුත් කළේය. 28 July 2025
බොරැල්ල දොඹකර අනතුරේ රියැදුරා ගංජා ගහලා බොරැල්ල කනත්ත හන්දිය ආසන්නයේදී එක් අයකු මරුමුවට පත් කරමින් තවත් හත් දෙනකුට බරපතල තුවාල සිදුකරමින් සිදු වූ මාරක අනතුරේ දොඹකරය පැද වූ රියදුරා ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී යැයි බොරැල්ල පොලිසිය කියයි. 28 July 2025
හේමසිරිට - පූජිත්ට එරෙහි නඩුව යළි විභාගයට පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් 18 වැනිදා යළි කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නියම කළා. 28 July 2025
තනතුරු හතකට උසස් නිලතල කාරක සභා අනුමැතිය නව තානාපතිවරුන් පස් දෙනෙක් , මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත. 28 July 2025
ක්‍රීඩා සතිය ’’වැඩ කිඩ’’ පෙන්වයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මඟින් සංවිධානය කළ ක්‍රීඩා සතියෙහි දෙවන දිනයේදී ප්‍රදර්ශනාත්මක තරඟ ඉසව් කිහිපයක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි. 28 July 2025
මර්වින්ගේ කෝටි 15 නඩුවේ පූර්ව නඩු විභාගය සැප්තැම්බර් 24 කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද නියම කළේය. 28 July 2025
තායිලන්ත කාම්බෝජ සාකච්ඡා ඇරඹේ දේශසීමා ගැටුම් නවත්වා, කඩිනමින් සටන් විරාමයකට යෑමේ අරමුණින්, තායිලන්ත සහ කාම්බෝජ නායකයන් අතරේ, මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවරදී සාකච්ඡා ආරම්භ විය. 28 July 2025
බැංකොක් අගනුවර වෙඩි තැබීමක් තායිලන්තයේ බැංකොක් අගනුවර, සුප්‍රසිද්ධ ආහාර වෙළෙඳපොළක වෙඩි තැබීමක් සිදුවුණු බවත්, එයින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් පැවැසෙයි. 28 July 2025
සීතාවක අතිරේක රෙජිස්ට්‍රාර්ට ඇප මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට ’’ දොන් අධිත්‍ය අභිමාන ’’ නමින් ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලියාපදිංචිකර නිකුත් කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි සීතාවක ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ට්‍රාර් රුවිනි වාසනා සැකකාරිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28)නියෝග කළාය. 28 July 2025
අධ්‍යාපනයේ වෙනස්කම් ගැන අධීක්ෂණ කාරක සභා අවධානය යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. 28 July 2025
ඌව පළාත් ප්‍රධාන ලේකම් පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ. 28 July 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026