අයවැයෙන් අධ්‍යාපනයට වෙනදාට වඩා සලකනවා ඉදිරි වසරවල අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය . 24 January 2025
දුම්රිය ටිකට් මගඩියට තවත් තුනක් මාට්ටු අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේ දි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 24 January 2025
සභානායක අසුනේ අමුත්තෙක් සභානායක බිමල් රත්නායක මහතාගේ ආසනයේ ඔහු නොසිටි අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අසුන් ගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් 24 January 2025
’ජනතාවට බරක් නොවි සුපිරි නිවාසවලින් යන්න’ රටේ අහිංසක මිනිසුන්ගෙන් කාලා බීලා ඉන්න ලැජ්ජාවක් නැද්දැයි ප්‍රශ්න කරන බවත් ජනතාවට බරක් නොවී කරුණාකර ඔය සුපිරි 24 January 2025
හිටපු පීසී ගේ ඇතුලේ කසිප්පු පෙරලා සිය පදිංචි නිවස තුල කසිප්පු පෙරමින් සිටි හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (23) සවස අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි 24 January 2025
අයිස් සමඟ දෙන්නෙක් මාට්ටු කළුතර සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම සදහා යොදාගත් යතුරු පැදි පහක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 24 January 2025
ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක් රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 24 January 2025
පළාත් කීපයකට අදත් තද වැසි ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 January 2025
මදුරන්කුලියේ වත්තක මුරකරුට වෙඩි තියලා මදුරන්කුලිය උනාවෙලිය හෙට්ටිවත්තට ආයුධ සන්නද්ධව කඩා වැදිනු පිරිසක් සිදුකල වෙඩි තැබිමකින් එම වතුයායේ මුරකරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. 24 January 2025
ට්‍රම්පේ යෝජනාවට රුසියාවෙන් ප්‍රතිචාර යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා මේසයට පැමිණීමට ප්‍රථමයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කරන සටන් විරාම ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි දැනගත යුතු බව රුසියාව ප්‍රකාශ කර ඇත. 23 January 2025
ට්‍රම්ප්, බයිඩන්ට දෙහි කපයි ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 23 January 2025
හොර වෛද්‍ය වාර්තාවක් දුන් නිර්වින්දන වෛද්‍යවරයා රිමාන්ඩ් තීරූ බදු රහිත බලපත්‍ර වලට විදේශ රටවලින් වාහන ගෙන්වා දෙන බව පවසමින් වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින නිර්වින්දන වෛදවරයා රෝගී තත්වයක් දක්වමින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාව පිළිගත හැකි එකක් නොවන බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්රමුඛ පංචපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර නිර්වින්දන වෛදවරයා රිමාන්ඩ් බාරයට පත් කළේය. 23 January 2025
ඇඟලුම් අපනයනයට හොඳ කලක් පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වාර්තාවේ දැක්වේ. 23 January 2025
මේ වසරේ විදෙස් රැකියා අවස්ථා 3,40,000 ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 23 January 2025
බහලුම් 2,458 ක් තවමත් හිරවෙලා නිෂ්කාශනය නොකළ බහාලුම් 2,458 ක් කොළඹ වරාය තුළ ඇති බවත් නැවතත් බහලුම් තදබදය නිර්මාණය වෙමින් පවතින බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 23 January 2025
පාස්පෝට් ලක්ෂ පහක් හදිසියේ මිලට ගනී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදයට පිළියමක් ලෙස විදේශමන් බලපත්‍ර ලක්ෂ පහක් හදිසියේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 January 2025
මහ ජලකඳ මැද සිරවූ පාසල් බසයේ සිටි සිසුන් නාවික හමුදාව බේරා ගනියි මිහින්තලේ මහකනදරාව වැවෙන් පිටාර යන රළ පහරට හසු ව කාර්මික දෝෂයකට ලක්වූ පාසල් බස් රථයක සිටි සිසුන් පිරිසකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදා ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු අද පෙරවරුවේ (23) සමත් වූහ. 23 January 2025
පහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ 2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පවසයි. 23 January 2025
මිනී මරන්න යතුරු පැදි දුන්න දෙකක් මාට්ටු මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත ලබාදීමට සූදානම් කර තිබූ යතුරුපැදි තුනක් සමග පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 23 January 2025
අයිස් කිලෝ 11ක් සමග අයෙක් දැලේ මාලඹේ කහන්තොට මාවත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (22) සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 11 ක් ග්‍රෑම් 2 ක් සහ හොරායින් ග්රැම් 180 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 23 January 2025
මැති සබේ කෑම වේලේ ගණන් උස්සයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව රුපියල් 2000 ක් දක්වා රුපියල් 1550 කින් ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අද (23) තීරණය කෙරිණ. 23 January 2025
අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා කී ආණ්ඩුව අනුර යාපා අල්ලනවා ජනාතවට සහල් සහ පොල් දීමට අපොහොසත් වී කෙදිරි ගාමින් සිටින ආණ්ඩුව විපක්ෂය සංවිධානය වීමට බියවී ඇති බවත් අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා වෙනුවට ගංවතුර ආධාර සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට ගෙන ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍යවරයෙක් වන පාඨලී චම්පික රණවක මහතා අද (23) පැවසීය. 23 January 2025
ගිනි ගාණට සහල් වික්ක 20කට නඩු සහල් වැඩි මිලට අළෙවි කරන වෙළෙදුන් සොයා කොළඹ දිස්තික්තය තුළ කළ වැටලීම් මාලාවකදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙදුන් 20 කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය. 23 January 2025
නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයට මාරු කර යවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 23 January 2025
වරාය අධිකාරියේ පර්යන්ත 2024දී වාර්තාවක් තබයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බහලුම් පර්යන්ත පසුගිය වසර තුළ බහලුම් මිලියන 2.4කට අධික සංඛ්‍යාවක් මෙහෙයවමින් 2023 වසරට සාපේක්ෂව සියයට 23ක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව එම අධිකාරිය පැවසීය. 23 January 2025
’’මින් ඉදිරියට, ඇමති ආයතනවලට නිතර එනවා’’ නව රජයේ පත් කිරීම් සිදු කිරීමේ දී ඥාති සම්බන්ධතා හෝ හිතවත්කම් සැලකිල්ලට නොගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 23 January 2025
ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉක්මණින් දෙනවා ප්‍රශ්න කීපයක් පිටවීමෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූ ශිෂ්‍යත්ව විභාගයේ (2024) ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (23) පැවසුවාය. 23 January 2025
කොළඹ - මහනුවර මාර්ගය නිට්ටඹුවෙන් අවහිර වියහැකියි නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථාන වාර්ෂිකව ‘දුරුතු නද’ මහ පෙරහැර හේතුවෙන් හෙට (24) රාත්‍රී කොළඹ - මහනුවර මාර්ගයේ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස එක් මංතීරුවක් දෙකට බෙදා වාහන දෙපසට ධාවන කරන බව පොලිසිය පවසයි. 23 January 2025
සියලු කොටස් මිල ඒකක 17,000 පනී කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව අද (23) පසු කළේය. 23 January 2025
සෞඛ්‍ය දර්ශක හොඳ වී ඇත්තේ වෘත්තිකයන්ගේ කැපවීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 23 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025