IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


අවන්හලේ දමාගිය විදේශිකයාගේ වත්කම් සුරක්භාෂිතව භාරදෙයි

(නිමල් ජයරත්න)

කොළඹ සිට සීගිරිය නැරඹීමට පැමිණ දඹුල්ල පැල්වෙහෙර පිහිටි අවහන්හලකින් ආහාර ගැනීමට ආ විදේශීය සංචාරකයෙකුගේ අමතක වී ගිය රුපියල් ලක්ෂ 18කට අධික මුදල් හා විදේශීය මුදල් විශාල ප්‍රමාණයක් ඇතුලු අනෙකුත් උපකරණ  විදේශීය සංචාරකයාගේ අත් බෑගය එම විදේශීය සංචාරකයා වෙත යලි භාරදීමට දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ අවන්හල්හිමියෙකු ඊ‍යේ 22 කටයුතු කර තිබේ.

නමින් ටෙනී මාර්ටින් ස්ටයිම් නම් මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයා සිය පවුලේ තවත් සාමාජිකයින් තිදෙනෙකු සමගින් වෑන් රථයකින් දින 12 ක සිය සංචාරය තුල 22 දින දහවල් සීගිරිය නරඹා සිය දහවල් ආහාර ගැනීම සදහා ඊයේ හවස 2.00 ට පමණ දඹුල්ල ,පැල්වෙහෙර ප්‍රදේශයේ පිහිටි ආරිය රෙස්ට් අවහන්හල වෙත පැමිණ ඇත.

එලෙස දහවල් ආහාරය ලබා ගැනීමෙන් පසු එම අවන්හලෙන් නැවත ඔවුන් නවාතැන් ගැනීමට නියමිත සීගිරිය ප්‍රදේශයේ හෝටලය වෙත නැවත පිටත්ව ගොස් තිබේ.

එසේ සිය නවාතැන් පලට පැමිණි අවස්ථාවේ තම මුදල් ඇතුළු වටිනා අත් බෑගය තමන් ලග නොමැති බව දැනගත් ටෙනී මාටින් ස්ටයිම් මහතා ඒ පිලිබදව කළබල වී ඔවුන්ට මග පෙන්වීම සඳහා පැමිණි සංචාරක මාර්ගෝපදේශකවරයාට ඒ බව දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ එම සංචාරක මාර්ගෝපදේශකවරයා එම විදේශීය සංචාරකයින් පිරිස ආහාර ගනු ලැබූ අවන්හලේ හිමිකරුව දුරකථනයෙන් අමතා එම විදේශිකයා සතුව තිබූ අත් බෑගය නැතිවීම හා එය අවන්හලේ තිබේ ද යන්න පිලිබදව විමසීමෙන් අනතුරුව එම අවන්හලේ හිමිකරු වන කේ.පී.ආරියදාස මහතා එය සුරක්ෂිතව තම අවන්හල තුල තබා ඇති බවත් එය ලබා ගැනීම සඳහා එහි හිමිකරුව කැදවාගෙන එන ලෙසට ඔහුට දැනුම් දී ඇත.

ඒ අනුව පැය 04 කට පමණ පසු තමන් ආහාර ගත් අවන්හලේ අමතක වී ගිය මුදල් හා අනෙකුත් උපකරණ ඇතුලත් අත් බෑගය සුරක්ෂිතව තිබෙනු දැක ඔහු මහත් සතුටට පත්විය.



අදහස් (9)

අවන්හලේ දමාගිය විදේශිකයාගේ වත්කම් සුරක්භාෂිතව භාරදෙයි

බකල ජයා Tuesday, 23 September 2025 11:02 PM

කලාතුරකින් ලංකාවේ කෙනෙකුගේ අවංකකම ගැන සතුටුවෙන්න අවස්ථාවක්.

:       0       48

Neel Tuesday, 23 September 2025 11:24 PM

ඉතාම අවංක මිනිසුන්ට අපේ ගෞරවය හිමිවිය යුතුයි. මොකද අද සමාජයේ ඔබ වගේ මිනිසුන් ඉතාම විරලයි.

:       0       40

C.K.Lankaputhra Wednesday, 24 September 2025 04:57 AM

ඒ කියන්නේ බල්ලො වගේම මිනිසුත් ඉන්නවා කියන එකයි. එහෙව් රටක් මේක. නමුත් මේ රට අවුරුදු ගානක්ම පාලනය කලේ ඇල්ශේෂන් බල්ලො.

:       4       17

Perera Wednesday, 24 September 2025 05:34 AM

ඉතා හොඳ ක්‍රියාවක්. සුභ පැතුම්!

:       0       31

Asela Wednesday, 24 September 2025 06:18 AM

මෙය සැබවින්ම ප්‍රශංසනීයයි. දේශපාලනික දෘෂ්ටිය කුමක් වුවත්, බොහෝ ශ්‍රී ලාංකිකයන් තුළ තවමත් අභ්‍යන්තර ගුණාංග තිබේ.

:       2       31

ගුණරත්න Wednesday, 24 September 2025 08:42 AM

හොඳයි වැඩේ.

:       5       25

අරවින්ද මොණරවිල Wednesday, 24 September 2025 11:42 AM

අමනුෂ්‍යයින් රජ වූ සමාජයක් දැන් මනුස්සකම ඉස්මතු වෙමින් පවතිනවා, සැබෑම වෙනස එයයි...

:       2       13

සි . හෙට්ටිආරච්චි. Wednesday, 24 September 2025 11:47 AM

ඉතාමත් හොද සත් ක්‍රියාව ක්.මෙම යහපත් ගතිගුණ ලෝකයාට පෙන්වූ එම මහතාගේ ව්‍යපාරය දිනෙන් දිනම දියුණුවට පත් වේවා.

:       0       18

රටවසියෙක් Wednesday, 24 September 2025 12:37 PM

රජා ධාර්මික වෙනකොට රටවැසියා නිකන්ම ධාර්මික වෙනවා. ඔබගේ මේ ක්‍රියාවට අපගේ බලවත් වූ ප්‍රශංසාව...

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site