IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ජනපති හෙට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය හෙට (24) ඇමතීමට නියමිතය.

ඇමරිකා වේලාවෙන් ප.ව 3.15ට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇත.

එහිදී ජනාධිපතිවරයා  රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ගුවන් තොටින් ඊයේ (22) රාත්‍රී ඇමරිකාව බලා පිටත්ව ගියේය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට  නියමිතය.

ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද මෙහිදී  සහභාගී වනු ඇත.



අදහස් (7)

ජනපති හෙට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

Nishan Tuesday, 23 September 2025 05:07 PM

ඔක්කොම පාවලා දීලා එයිද දන්නේ නෑ... ඩයස්ගේ සහ ජූලි නෝනාගේ උපදෙස් වලට අනුව...

:       9       13

Don perea Tuesday, 23 September 2025 07:40 PM

එංගලන්තයේ දෙමළ ඩයස්පෝරා එකෙන් මෙයාව හොදට බලා ගන්නවා.

:       3       10

තඹුත්තේගම බිට්කොයින් වසන්ත Tuesday, 23 September 2025 07:42 PM

මෙයා එක්සත් ජාතින් අමතන කොට, රටේ ජාතින් මෙයාගේ මව අමතනවා !

:       4       9

Dias Tuesday, 23 September 2025 08:07 PM

සිංහලෙන්ද ...?

:       3       11

Hemantha Wednesday, 24 September 2025 12:03 AM

කජනින්නාලංකාරය කටපාඩමින් කොලයක් බලන් නැතුව පැය ගානක් කියවන්න පුළුවන්.

:       0       4

Rodni Wednesday, 24 September 2025 12:16 AM

රතු පලසක් උඩ දුවන්න ආසයි සහෝ

:       0       5

Hira Wednesday, 24 September 2025 08:24 AM

රටට කිසිම වැඩක් නැති සංචාරයක්. පචවෙන එක විතරයි වෙන්නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site