IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


“තල් අරඹෙන් රුහුණු පුරට” වැඩසටහන ඇරඹෙයි

(අංජුල මහික වීරරත්න සහ ජේ.කේ.එල්. චාමින්ද)

තරුණ තරුණියන් අතර ද්වී භාෂා සන්නිවේදන හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් භාෂා පාලම ගොඩනැංවීම උදෙසා වන “තල් අරඹෙන් රුහුණු පුරට” තරුණ හුවමාරු වැඩසටහන අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

මෙහිදී වවුනියාව දිස්ත්‍රික්කයෙන් පැමිණි තරුණ තරුණියන් හරසරින් යුතුව අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පිළිගැනුණි.

වවුනියා දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විසිදෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියන් විසිදෙනෙකුගේ සහභාගීත්වයෙන් ගාල්ල, අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කඳුරුගමුව ග්‍රාම නිලධාරී වසමේදී ලබන සිකුරාදා (26) දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

වවුනියාවේ සිට පැමිණෙන තරුණ තරුණියන් විසිදෙනා අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි තරුණ තරුණියන්ගේ නිවෙස් වල නතරවී සහෝදරත්වය බෙදාගනිමින්  කාලය ගත කිරීමට නියමිත අතර, මෙම වැඩසටහන ක්‍රියාත්මක වන දින හතර ඇතුලත ගාල්ල ප්‍රදේශයේ ඇති සංස්කෘතිකමය ස්ථානයන් හා ආගමික ස්ථානයන් ඇතුළු විනෝදාස්වාදය සපයන ස්ථානයන් නැරඹීමට ද සහභාගී වනු ඇත.



අදහස් (0)

“තල් අරඹෙන් රුහුණු පුරට” වැඩසටහන ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1756 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site