ප්‍රා.ස.අපේක්ෂකයා ගංජා සමඟ අල්ලයි මෙවර පළාත් පාලන මැතිවරණයට කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවට තරඟ කරනු ලබන ස්වාධීන කණ්ඩායමක නායකයකු නීති විරෝධී ලෙස ගංජා සන්තකයෙ තබා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇත. 06 April 2025
යතුරු පැදි උස්සන පහක් මාට්ටු මහමග නවත්වා තිබෙන යතුරුපැදි සොරාගෙන ගොස් කැබලි කර විකිණීමේ නිරත වූ කාන්තාවක ඇතුළු එකම පවුලේ පුද්ගලයන් පස් දෙනකු සොරා ගත් යතුරුපැදි හයක්, කැබලි කළ යතුරුපැදි අමතර කොටස් තොගයක් සමගින් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි 06 April 2025
කෝටි 1000 මත්ද්‍රව්‍ය සමඟ ධීවරයන් හතක් අත්අඩංගුවට මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මුහුදේදී නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. 05 April 2025
වැලිකඩ තරුණයාගේ සිද්ධිය සීඅයිඩියට වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය 05 April 2025
ඉන්දීය අගමැති විපක්ෂ නායක හමුවෙයි මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (5) කොළඹ දී සිදුවිය. 05 April 2025
දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විරෝධය පළකර ඇත. 05 April 2025
මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගීත්වයෙන් අද (05) පෙරවරුවේ සිදු කෙරිණි. 05 April 2025
සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද පිටත් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 05 April 2025
බද්ද ගැන රජය ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්න යයි එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 05 April 2025
ඉන්දු-ලංකා අවබෝධතා ගිවිසුම් හතක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 7ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහත්වරුන් ඉදිරියේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. 05 April 2025
පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොටුවේ විරෝධතාවක ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග ලංකාවේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හා ඒවා අත්සන් කරන අත්තනෝමතික ආකාරයට විරෝධය දැක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (5) පස්වරුවේ පැවැත්විණි. 05 April 2025
ඉන්දු - ශ්‍රී ලංකා නියෝජිතයි අතර සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාව අද (5) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 05 April 2025
අමාරු කාල වලදී ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක් සියලු අසීරු අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් දෙමින් කටයුතු කර ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ දී පැවසීය. 05 April 2025
’’සංවර්ධන මාවත එක්ව ගොඩ නගමු’’ අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අදිටන් කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ හමුවට සහභාගී වෙමින් ජනාධිපති කාර්යාලයේදී අද පැවසීය. 05 April 2025
භාෂා පරිවර්තක හිඟයෙන් මැතිසබේ වැඩ කොටඋඩ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ භාෂා පරිවර්තකයන් දොළොස් දෙනකු පමණ හිඟවීමෙන් එහි කටයුතුවලට බරපතළ ලෙස බාධා මතුව ඇතැයි වාර්තාවේ. 05 April 2025
මෝදිට ලංකාවෙන් ඉහළ පෙළේ සම්මානයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ’’ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’’ සම්මානයෙන් පිදුම් ලැබීය. 05 April 2025
සෞඛ්‍ය සේවයත් ඩිජිටල්කරණයට සාකච්ඡා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටල්කරණය සහ ඒ සදහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 05 April 2025
බදු ගැන ඇමෙරිකාව සමඟ සාකච්ඡාවකට ශ්‍රී ලංකාවට පැනවූ බදු ලිහිල් කර ගැනීම සඳහා ඇමරිකානු පරිපාලනය සමග හැකි ඉක්මනින් සාකච්ඡා කිරීමට සූදානම් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි 05 April 2025
මෝදි දෙන සහය ආරක්ෂක ලේකම් කියයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා දිගුකාලීනව සහ ශක්තිමත් ලෙස පවතින බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයිකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. 05 April 2025
මෝදි ජනපති කාර්යාලයට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. 05 April 2025
ලංකා මාතාව මෝදි පිළි ගනී ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්රයේදී ශ්‍රී ලංකාව වෙත පිළිගනු ලැබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය පැවැත්විණි. 05 April 2025
මෝදිගෙන් එක්ස් සටහනක් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ. 05 April 2025
මෝදි පිළිගන්න සියල්ල සූදානම් ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී. 05 April 2025
ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක් ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 04 April 2025
මෝදි ලංකාවට පැමිණෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය. 04 April 2025
යෝෂිත - ඩේසි ඇප මත මුදා හරියි වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා පත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් ලක්ෂ 05 බැඟින් වටිනා ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට අද (04) නියෝග කළේය. 04 April 2025
හිතවත්කමේ ගුවන් යානය හෙට මියන්මාරයට මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05) මියන්මාරය බලා පිටත්ව යයි 04 April 2025
ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිගේ තටු ගළවයි වැඩබලන පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට දී තිබූ බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි. 04 April 2025
ට්‍රම්ප්ගේ බදු ඇමෙරිකා ආර්ථිකයට මරු පහරක් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ ඇමෙරිකාව ආර්ථිකය අවපාතයකට ඇද දමුණු ඇතැයි මතුව තිබෙන බිය තවත් වැඩි කරමින් ලොව විශාලතම සමාගම් වල වටිනාකම පසුගියදා පහත වැටුණු අතර ඉන් ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොළට ඇමෙරිකානු ඩොලර් බිලියන 2500 ක මුදලක් අහිමි කර ඇතැයි ’’ද ගාර්ඩියන්’’ පුවත්පත වාර්තා කළේය. 04 April 2025
ට්‍රම්ප් බදු ගැහිල්ලට නාමල්ගේ හිත උණුවෙයි ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අභියෝගවලට ලක්වන බැවින් පක්ෂ පාට බේද නොසලකා මේ අවස්ථාවේදී එකම අරමුණක් වෙනුවෙන් සියලු දෙනා එක් වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි. 04 April 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026