IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල්ට ඇප

(රෝෂන් තුෂාර)

මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 112ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ,නගර සභා ආඥා පනතේ රෙගුලාසි හා රාජ්‍ය මුදල් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී රජයට හා ප්‍රජා සමීතිවලට පාඩුවක් කරමින් තමන්ට වාසියක් සලසා ගත්තේ යැයි බන්ධනාගාර ගතව සිටි මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා   දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදා හැරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක ඒස් බෝදරගම මහතා අද(23) නියෝග කළේය.

සැකකරුට මොරටුව මහ නගර සභාවට ඇතුල්වීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළේය.

විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය තැන්පත් කරන ලෙසට නියෝග කළ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කර නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද නියෝග කළේය.

"මග නැගුම"  ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට අදාළව රුපියල් මිලියන සීයයකට අධික වටිනාකමින් යුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති   112 ක් මොරටුවේ  ප්‍රජා සමීති 12ක් වෙත ලබා දෙන බවට අඟවා එම ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී   අයුතු ලාබ ලබා ගනිමින් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය අල්ලස් කොමිසම මගින් සිදු කෙරේ.

 



අදහස් (0)

මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site