(අංජුල මහික වීරරත්න)
බයිෆේසික් අයිසොෆේන් ඉන්සියුලින් එන්නත් ( මිනිස් ) 30% ද්‍රාව්‍ය 70% අයිසොෆේන් වයල් 2,200,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධයක් වන බයිෆේසික් අයිසොෆේන් ඉන්සියුලින් එන්නත ( මිනිස්) 30% ද්‍රාව්‍ය 70% අයිසොපේන් එන්නත් වයල් 2,200,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ.
මේ සඳහා ලංසු දෙකක් ලැබී ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව මෙම ඉන්සියුලින් එන්නත් ( මිනිස්) 30% ද්‍රාව්‍ය 70% අයිසොෆේන් වයල් 2,200,000 ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s M.J. Biopharm Pvt. Ltd. වෙත ඇමෙරිකා ඩොලර් මිලියන 3.98 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්සියුලින් එන්නත් ගන්න කොන්ත්‍රාත්තුව ඉන්දියාවට
අරවින්ද මොණරවිල Tuesday, 23 September 2025 01:56 PM
රඹුක්වැල්ල අදුරන කවුරුවත් ඉන්නවාද දන්නේ නැහැ මේ කොන්ත්‍රාත් දෙන්න.