
(සුජිත් හේවාජුලිගේ)
වත්කම් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න ඇසීම නුවණට හුරු නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ දෙරණ 360 වැඩසටහනට ඊයේ සහභාගි වෙමිනි.
සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද ප්‍රකාශ කළේය.
මට ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්.අපි දෙන්නා මේක මෙතන විභාග කරන එක සාධාරණ නැහැ. රටක නීතියක් තියෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වත්කම් වාර්තා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ පාරෙ හම්බ වෙනකොට අහල ප්‍රශ්න කරන්න නෙවෙයි.
යමෙකුට මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අල්ලස් එකට ලියල ඒ ගැන පරීක්ෂණයක් ගන්න පුළුවන්. මට මේවට උත්තර දෙන්න බැරිකම නොවෙයි.
මේ අවස්ථාවේදී හඳුන්නෙත්ති මහතා සහ නිවේදක කලිඳු කරුණාරත්න අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවනුද දැක ගත හැකිවිය.
නිවේදක:
මා ඔබ පාරේ දි මුණ ගැසුනා නොවෙයි.
මේක රූපවාහිනී සංවාදයක්. ජනතාව බලාගෙන ඉන්නවා. මට ප්‍රශ්න අහන්න අයිතිය තියෙනවා. ඔබතුමාට ඕන නම් පිළිතුරු නොදී ඉන්න පුළුවන්.
ඔබලා වත්කම් බැරකම් ඉදිරිපත් කළ ආකාරයේ විශ්වාසනීයත්වය ගැන ගැටළුවක් තියෙනවා. වත්කම් බැරකම් නීතිය විහිළුවට දාලා ඉදිරිපත් කරපු ආකාරයකුත් පේනවා.
හඳුන්නෙත්ති මහතා:
ඔබතුමා මෙහෙම ප්‍රශ්න අහන එක වැරදියි. මේකට රටේ ක්‍රමවේදයක් තියෙනවා.
නිවේදක:
ඔබතුමාට පර්චස් 47ක වත්කමක් තියෙනවා. ඒ ඉඩම අත්පත් කරගත් ආකාරය සහ වටිනාකම වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් කරලා නැහැ.
සුනිල් හඳුන්නෙත්ති:
ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් පැමිණිල්ලක් කරන්න පුළුවන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔක්කොම හොරු මල්ලී.
විපක්ෂයේ මෝඩයන්ට තේරෙන්නෙ නෑ ඔවුන් ආපහු පාරක් ඇද ගෙන නාන්න යන්නේ කියලා. ආණ්ඩුවේ මන්ත්‍රීලා අභියෝග කරනවා පුළුවන් නම් ගිහිල්ලා අල්ලස් කොමිසමට, මූල්‍ය අපරාධ අංශයට ගිහිල්ලා පැමිණිලි කරන්න, නඩු දාන්න කියලා. විපක්ෂෙ කවුරුත් මීඩියා ඉස්සරහා රඟනවා විතරයි, ගිහින් පැමිණිලි කරලා නෑ. මොකද උන් දන්නවා තමන්ගෙ කිල්ලෝටවල හුණු කඳු පිටින් තියෙන්නේ, පැමිණිලි කරනවා කියන්නේ ඇදගෙන නාන්න තමා වෙන්නේ කියලා.
නමුත් ඇමැතිතුමෝ, රාජපක්ශවරුන් සම්බන්දයෙන් ඔබලා වේදිකා මත මහ හඬින් කෑගසා චෝදනා කර, ඔබම නඩු අසා, ඔබම තීන්දු දුන්නා මතක නැද්ද? නමුත් අද ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා ඔබලාගෙන් ජනතාවට සැක තැන් නිවැරිදි කරගන්නත්, ප්‍රශ්න විමසන්නත් බෑ උසාවියට යන්නලු. වත්කම් අවප්‍රමාන කර දැක්වීම, ඉපැයූ හැටි හෙලිකරගත නොහැකි වීම, ක්‍රිප්ටෝවල ආයෝජන විස්‍තර නොමැතිවීම් ආදිය ගැන ඔව් අපි උසාවි යන්නම්. නමුත් ඔබ කිසිවෙකුට රටින් පැනයාමට අවස්ථාවක් නම් නැත.
කිච වීම කලාවක් නම් එහි පිකාසෝලා බවට මේ වන විට පත්ව ඇත්තේ මේ පච ආංඩුවේ ලොකු ලොක්කන්ය. එසේම එහි සෝදන යන්ත්‍ර බවට පත්ව ඇති ගෝල රෑන ද හඳුන්නෙත්ති මන්ත්‍රී තුමා මෙනි. ප්‍රශ්නයක් ඇසූ විට ලිස්සා යයි. එහෙම නැත්නම් අදාළ නැති මොකක් හෝ කියවයි. කවදාවත් තමුංගෙ අයගෙ වැරදි නොදකී. විරුද්ධවාදීන්ගෙ නම් නැති වැරදිත් ඉස්මතු කර පෙන්වයි. පේන විදිහට ඒක ජවිපෙ/මාලිමාවෙ උඩ සිට පහලට ම තියෙන ගති ලක්‍ෂණයක්.
දෙරණේ දිලිත්ගේ නයි අරින කලිදුලට මොකටද උත්තර දෙන්නේ ? ඒ කාලේ රාජපක්ෂලාගෙනුත් ඕවා ඇහුවද දන්නේ නැහැ.
කලිදු කියන්නේ පොරක් කියලා හිතාගෙන ඉන්න පට්ට පල් මෝඩයෙක්, ඌ හරහා හදුන්නෙත්ති කනට ගැහුවේ සමස්ත මොංගල් විපක්ෂටයි. අපි අපේ වත්කම් හෙලි කරලා තියෙනවා, ඒවා උපයා ගත්ත ආකාරය උබලට කියන්න අපි බැදිලා නැහැ, පුළුවන් නම් අල්ලස් කොමිසමට පැමිණිලා කරලා බලපල්ලා..... කියලා
ජවිපෙ වත්කමුත් හරි අපූරුයි, රුපියල් එක්ලක්ෂ හැට දාහේ ප්රීමියෝ කාර් තියෙනවා, ප්රීමියෝ එකක් නියම වටිනාකම ලක්ෂ එකසීය හැටක් විතර වෙනවා. තව එකෙක් වටිනාකම රුපියල් හත්දහසේ නිවසක ඉන්නේ. රුපියල් හත්දාහට කුලියටවත් ඉන්න නිවසක් හොයාගන්න පුලුවන්ද? තව උන්ට ඩොලර් ලක්ශ ගණන් වත්කම් තියෙනවා. ජීවිතේට රස්සාවක් නොකරපු උනුත් ඉන්නවා. එත් වත්කම් තියෙනවා ලක්ෂ සිය ගණන්, මේවා කොහොමද වෙන්නේ? ගොඩක් පොහොසත් යාළුවො නිකම් දීල කියන්නේ. එත් නිකම් එහෙම දෙන්නේ නැහැ. මේවාත් එක්තරා අන්දමක පගාවක්, අල්ලසක්.
ඩේසි ආච්චිගේ මැණික් මල්ලටත් ඔය තර්කෙම අදාලයි. දෙනකෙනා දුන්නේ කැමැත්තෙන්නම්, ආච්චි ගත්තෙත් කැමැත්තෙන්නම්, ජෙප්පන්ට පාන්ද ?
අනිවාර්යෙන් කියන්න බැදිලා නැහැ තමා . කරුණු හොයාගත්තා නම් සැක නම් ,අධිකරණයට යන්න පුළුවන්. කලින් හිටපු අය හොරා කන වෙලාවේ නිදි පෙති බීලාද දන්නේ නැහැ හිටියේ.
අනුගාමිකයන් දුක් විදගන කඹුරද්දී නායකයින් තමන්ගේ ජීවිත මනාව සැලසුම් කර ඇති බව පෙනේ...
ඔවු එක ඉස්සා බිග් කුච්චන් එකක්, ඕකට උත්තර දෙන්න බැහැ... සමහර විට අර ඩේසි ආච්චිට මැණික් මල්ල දීපු එකා මේ ගොල්ලන්ගේ කට වහන්න යන ගමන් මැණික් ගලක් දෙකක් මෙයාටත් දීලා ගියාද දන්නේ නැහැ...
මේ උදා වී ඇත්තේ මාලිමා සෝදන්නන් විසින් කළිඳු කරුණාරත්න නමැති මාධ්‍යවේදියා පල් මෝඩයකු බවට පත් කිරීමටත්, මේ වනවිට දේශපාලනමය වශයෙන් පුස්සකු බවට පත් ව ඇති සුනිල් හඳුන්නෙත්ති නමැති බිග් ක්වෙච්චන් ඇමැතිතුමාගේ පුස් ඇරීමට ඔවුන් උත්සාහ කරන සමයයි. අපට කීමට ඇත්තේ අනේ පව් තමුන්නැහැලා යනුවෙන් පමණි...
මේ දක්වා අරවින්ද මොනරවිල නමින් පෙනී සිටි මාව NPP ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ අරවින්ද D වොෂින්ටන් ලෙස වැඩි දෙනා හඳුන්වන බැවින් අපුල්ලා සෝදා දීමේ රාජකාරිය ඉහලින්ම කරන නිසා මෙතැන් පටන් මම ඉදිරියට අරවින්ද D වොෂින්ටන් ලෙස නම වෙනස් කරන බව ජනතාවට දැනුම් දෙමි. මීට අරවින්ද D වොෂින්ටන්.
මෙතන වැළලෙන එවුන්ට මතක නෑ අපේ ෆෙරාරි සීය සමුළුවේදී කිව්ව දේ "අපි විවෘත ආර්ථිකය ගෙනාවා කැමති කෙනෙක්ට කැමති විදිහකට හම්බකර ගන්න කියලා. මුන මේ වැළලෙන හැටියට ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වන ව්‍යාපාරික ධම්මික පෙරේරාත් වැරැදියිනේ? යකෝ වැරැද්ද තියෙන්නේ, වංචාවෙන් සහ දුෂණයෙන් මහජන ධනය සහ පොදු දේපළ කොල්ල කාලා ධනවත්වෙන විදිහ ගැනයි. එහෙම නැත්නම් රටම වනසන මත්ද්‍රව්‍ය වැනි අනීතික ව්‍යාපාර මගින් ධනවත්වෙන විදිහ ගැනයි. ඒක තේරුම් ගන්න බැරි මී හරක් එක්ක කොහොමද රටක් ගොඩගන්නේ..?
මම හිතන විදියට අපිට ආයෙත් මේවා විග්‍රහ කරන්න ඕනේ නෑ. හොරු කවුදැයි දැන් හොඳටම පැහැදිලියි.
එතකොට දිලිත්ගේ ඇන්ටිජන් ගණුදෙණු ගැනත් අහන්න ඕනෑ. කොහොමත් ඔය චැනල් එක ගැන කවුරුත් දන්නවනේ..
ජෙපි ඩෝබිලට රෙදි ඉල්ලේ