IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දකුණු අධිවේගයේ කොටසක් අලුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටසක් ප්‍රතිසංස්කරණයට කොන්ත්‍රාත් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වර්ෂයේදී රථවාහන ගමනාගමනය සඳහා විවෘත කෙරුණු අතර, මේ දක්වා කිසිදු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදු කර නොමැත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 0 සිට කිලෝමීටර 19 දක්වා අධිවේගී මාර්ග කොටස සහ කිලෝමීටර 19 සිට කිලෝමීටර 34 දක්වා අධිවේගී මාර්ග කොටස, පැකේජ දෙකක් යටතේ කඩිනමින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව, කිලෝමීටර් 19ක මංතීරු 4කින් යුතු අධිවේගී මාර්ග ප්‍රමාණයක් ආවරණය වන කිලෝ මීටර 0 සිට කිලෝමීටර 19 දක්වා හානියට පත්වූ අධිවේගී මාර්ග කොටස දෙවන පැකේජය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත. 

ඒ සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙතින් ජාතික තරගකාරී ක්‍රම වේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ලංසු 05 ක් ඉදිරිපත් වී තිබේ. ලංසු ඇගැයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,490.96 ක මුදලකට  අවම ලංසුකරු වශයෙන් M/s Access - WKK බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

දකුණු අධිවේගයේ කොටසක් අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site