නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි සංවිධාන එක්ව වැලිකොට්ට දැමීමට කටයුතු කළේය. 22 January 2025
කොටස් වෙළෙඳපොළ තවත් වැඩ පෙන්වයි කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,828.80 ක් බවට පත්වූ බව එම වෙළෙඳපොල පවසයි. 22 January 2025
වතු ජනතාවට නව නිවාස 4350ක් වතු ජනතාවට නිවාස දීමේ වැඩපිලිවවල යටතේ මෙම වසරේ (2025) නිවාස 4350 ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්යාරත්තන මහතා පැවසීය. 22 January 2025
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 22 January 2025
’’රේගු අධ්යක්ෂ එන වැඩවලට අපි එන්නෙ නෑ’’ රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති සන්ධානයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීරණය කළ බව එම සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (22) පැවසීය. 22 January 2025
රාමනාදන් අර්චුනා පොලිසියේදී අර්චුනෑ ලෝචනා වෙලා අනුරාධපුර රථවහන අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරු තමා බව පවසමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වුවද ඔහු මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් පිළිගැනීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය. 22 January 2025
හැටන් ආපනා ශාලාවක බත් සමග කැරපොත්තෙක් දීලා හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකින් ඊයේ (21) දින දහවල් ආහාරයට ගත් බත් වල කැරපොත්තෙක් සිටි බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි හැටන් දික්ඔය නගර සභා මහජන සෞඛ්‍ය අංශය කියයි. 22 January 2025
මනුෂගේ ඇපෑල විසි වෙයි පූර්ව ඇපයක් නියමකරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (22) නියෝග කළාය. 22 January 2025
ඔඩීසි ටිකට් වංචාවට ත්‍රිරෝද රියැදුරෙක් සැකපිට මහනුවර සිට ඇල්ල, බදුල්ල සහ බණ්ඩාරවෙළ බලා ධාවනය වන සංචාරකයන් ගමන් ගන්නා විශේෂ ඔඩිසි දුම්රියේ ඊ ප්‍රවේශපත් ජාවාරම සම්බන්ධව බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු සුදුහුම්පොල ප්‍රදේශයේ සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 January 2025
වෘත්තීය අධ්‍යාපන - පුහුණු ගැන ලෝක බැංකු සමග සාකච්ඡා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 22 January 2025
ඉඩම් කොමිසම ඉඩම් ගැන දන්නේ නෑ තමන් යටතේ පවතින ඉඩම් මොනවාදැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නොදන්නා බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය. 22 January 2025
කර්මාන්ත - හෝටල් විදුලි බිල සියයට 31කින් අඩු වෙයි මිල සංශෝධනයේදී කර්මාන්ත සහ හෝටල්වල විදුලි බිල සියයට තිස් එකකින් පමණ අඩුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 January 2025
’’රටින් පොල් ගේන්නේ නෑ’’ රටින් පොල් ගෙන එන්නට රජය තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය. 22 January 2025
අනිල් භාරතී හඬ නිහඬ වෙයි මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය. 22 January 2025
සෞඛ්‍යයට - ජනමාධ්‍යයට සහය දෙන බව ජුලී චංග් කියයි මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රවල ඉදිරි ප්රගමනය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබා දීමට ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චංග් මහත්මිය එකඟතාවය පළ කර තිබේ. 22 January 2025
බහරේනයත් සංචාරක වීසා රැකියාවලට වැට බඳියි බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 22 January 2025
මිනී මැරුම්- කුඩු වැඩි වෙලා මනුෂ්‍ය ඝාතන සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් වේගයෙන් වර්ධනය වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 January 2025
රිදියගම සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාවක් අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලබා සිටින සිංහ පැටවු හය දෙනා සඳහා නම් තැබිමට මහජනතාවට අවස්ථාව උදා කර ඇත. 22 January 2025
කොස් ගසට නැගී සිසුවා විදුලි සැර වැදී මරුට විශ්‍රාමික විදුහල්පතිවරයෙකුට අයත් මකුලෑව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ සිටුවා තිබෙන කොස් ගසක අතු කැපිමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන් ඊයේ (21) මියගොස් ඇතැයි හුරීගස්වැව පොලිසිය කියයි. 22 January 2025
අර්චුනාගෙන් මෝසමක් පොලිසියේ රාජකාරිය බාධා කළැයි කියන සිද්ධියකට චෝදනා ලබ සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අද පෙරවරුවේ අනුරාධපුර අධිකරණයට මෝසකමක් මගින් ඉදිපත්වී තමන්ට එරෙහි චෝදනා විභාග කරන්නැයි අනුරාධුර අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 22 January 2025
කුරින්වර්කනි පාලමට ඩොලර් මිලියන 10.5ක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇ.ඩො මිලියන 10.5 ක මුදලක් වෙන් කළ බව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 22 January 2025
ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 January 2025
වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 January 2025
විද්‍යා තාක්ෂණ ඇමැති මහාචාර්ය පදවිය ඉවත් කරගනියි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඊයේ (21) ඉවත් කෙරිණ. 22 January 2025
අලුත උපන් බිළිඳා ළිඳකට දමලා තම අලුත උපන් බිළිඳා ළිඳකට දමා ඝාතනය කළ මවක අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි. 22 January 2025
එජාප - සජබ සාකච්ඡා සාර්ථකයි එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 22 January 2025
සමන් දේවාලයේ ඇත් දළ යුගළ දෙකක් අතුරුදන් රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය සතු එහි තැන්පත් කර තිබූ ඇත්දළ යුගල දෙකක් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයුතු රත්නපුර සහකාර කොමසාරිස් පී.ඩී. නිහාල් මහතා රත්නපුර පොලිසියට පැමිණිලි කර ඇතිබව රත්නපුර පොලිසිය පවසයි. 22 January 2025
පළාත් කිපයකට අදත් තද වැසි නැගෙනහිර, උතුරු,උතුරු - මැද මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 22 January 2025
බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කරගෙන ඩොලර් බිලියන 64820ක් කොල්ල කාලා ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820 ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක්ස්ෆෑම් රාජ්‍ය නොවන සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ 21 January 2025
දේව ප්‍රතිමා ඉස්සූ හිටපු සෙබලා ඇතුළු දෙකක් මාට්ටු පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ බව කියන හිටපු හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . 21 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025