
(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ (159) ආදායම් බදු ලිපිගොනු (ෆයිල්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන පරීක්ෂා කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
එම බදු ලිපිගොනු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගැනීමට විපක්ෂයෙන් වෙනම කණ්ඩායම්ද පත් කරනු ලැබ සිටිති. එම කණ්ඩායම්වලට නීතිඥවරුද ඇතුළත් වෙති.
මේ අනුව මැති ඇමතිවරුන්ගේ මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ බදු ගෙවීමේ සියලුම ලිපිගොනු ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව ආසන සංවිධායකවරුන් මාර්ගයෙන්ද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
මේ අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලුම්පත් සීයකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් යොමු කර ඇත.
ඉල්ලුම්පත් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීම හේතුවෙන් ඒවාට පිළිතුරු සැපයීමේදී කොමිසමේ නිලධාරීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට මාලිමාවත් ඔය වැඩේ පටන් ගනීවි. අපට වෙන්නෙ බඩගින්නෙ හූල්ලන්න තමයි.
හොඳ පියවරක්. හැබැයි සජබේ අයගෙත් අනිත් පක්ෂවල අයගෙත් බදු විස්තර ප්‍රසිද්ධ කරන්න, මහජනතාවගේ දැනුම උදෙසා.
මේකෙන් සියලුම දේශපාලනඥයින්ට ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. රජයේ දේශපාලනඥයින් දැන් උගුලක හිරවෙලා ඉන්නේ, මොකද ඔවුන්ගේ ආදායම් මාර්ගය දැන් ප්‍රශ්නාර්ථයක්. විපක්ෂ මන්ත්‍රීවරයා වාර්තා කළ පරිදි අනුරගේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගේ වත්කම් ප්‍රකාශනය දැන් බෙහෙවින් වෙනස්. වටගල බිරිඳට බැංකු ගිණුම් 15 ක් සහ විදේශ මුදල් ගිණුම්වල තිබෙනවා. ඔවුන් සාමාන්‍ය ජනතාව සමඟ සිටින බව අපට පෙන්වන අය දැන් කෝටිපතියන් . බලයට එන්න ඔවුන් බොහෝ දේවල් අලෙවි කළා. අලෙවි කර තමයි "හොරුන්" සහ බදු පැහැර හරින්නන්! උත්ප්‍රාසය නම් සියලු හොරුන් වීමයි.
මුන් ටික මේ තරම් මහන්සි වුනානම් රට හදන්න ඒ කාලේ, අද ඕවා හොය හොයා මහන්සි වෙන්න ඕන නැහැ. යස අගේට කැමති විදියට හොරකමක් කරගෙන, ආණ්ඩුවේ බංගලා ටිකට වෙලා අපිව අන්ද අන්ද සැපෙන් ඉන්නවා. පව් අනේ ඔයාල, අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද. ඇඩෙනවා.
අනිවාර්යයෙන්ම ඒවා හොයලා බලන්න ඕන. ඒ ගමන්ම සංස්කෘතික අරමුදලේ කෝටි 800 ක් පිල්ලි ඇරලා (අද ලංකාදීපයේ) තියෙන එක ගැන හොයන්නත් ඒ උනන්දුව තියෙන්න ඕන.
කප්පම්කාරයො, මිනීමරුවෝ කියල දන්නවා. ඒත් මෙච්චරටම හොරු, වංචාකාරයෝ කියලා දැනගෙන හිටියෙ නෑ.
පෙරහැර ගියාට පස්සේ තමයි කට්ටියට මොලේ පෑදිලා තියෙන්නේ. චන්දෙට කලින් පච වමාරද්දී ඔය මොලේ තිබ්බානම් අදත් කට්ටියම බලයේ ඉන්නවා. බොරූ බේගල් ඇදබාන කාලේ ඔය ෆයිල් ටික අද්දා නම් අර එදා තිබ්බ සියයට තුනත් නෑ ජෙප්පොන්ට.
දැන්තමත් ජෙප්පෝ ඕවා ඔක්කොම හංගලා ඉන්නේ. හරියටම පිරිසිදුයි කියලා තමයි කියන්නේ.
රටට සේවය නොකර හොරකම් කරන එක තම රස්සාව කරගත් අබල දුබල විපක්ෂ වැටිලා තියෙන තැන !
අනුන්ගේ වැරදි අඩුපාඩු හොයමින් යන අතරේ තම තමන්ගේ අඩුපාඩුත් හොයාගෙන හදා ගන්න පුළුවන් නම් කොයි තරම් හොඳද
විපක්සෙ උන්ට හොඳ ලණුවක් කැවිලා.
මෝඩ විපක්ෂය බදු තොරතුරු ගන්න පුළුවන් උසාවි නියෝගයක් මත බව දන්නේ නැත්ද...
විපක්ෂයේ ඉන්නේ ෆේල් අයනේ . ඊළඟ මැතිවරණයෙන් පස්සේ විපක්ෂයේ බින්දුවයි
ඉතින් හොදයිනේ වැරැදි කරලා තියෙනවා නම් නඩු දාන්න. එච්චරයි...