IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විපක්ෂය මැති ඇමැති ෆයිල් සොයා බදු කන්තෝරුවත් පීරයි

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ (159) ආදායම් බදු ලිපිගොනු (ෆයිල්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන පරීක්ෂා කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

එම බදු ලිපිගොනු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගැනීමට විපක්ෂයෙන් වෙනම කණ්ඩායම්ද පත් කරනු ලැබ සිටිති. එම කණ්ඩායම්වලට නීතිඥවරුද ඇතුළත් වෙති.

මේ අනුව මැති ඇමතිවරුන්ගේ මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ බදු ගෙවීමේ සියලුම ලිපිගොනු ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව ආසන සංවිධායකවරුන් මාර්ගයෙන්ද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

මේ අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලුම්පත් සීයකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් යොමු කර ඇත.

ඉල්ලුම්පත් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීම හේතුවෙන් ඒවාට පිළිතුරු සැපයීමේදී කොමිසමේ නිලධාරීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තාවේ.

 



අදහස් (17)

විපක්ෂය මැති ඇමැති ෆයිල් සොයා බදු කන්තෝරුවත් පීරයි

Perakum Liyanagama Monday, 22 September 2025 07:01 AM

ඊළඟට මාලිමාවත් ඔය වැඩේ පටන් ගනීවි. අපට වෙන්නෙ බඩගින්නෙ හූල්ලන්න තමයි.

:       47       8

ගුණසේකර Monday, 22 September 2025 10:20 AM

මාලිමාව පහුගිය අවුරුද්ද පුරාම කලේ ඕක තමයි ඒත් වැරැද්දක් හොයාගන්න බැරි උනා

:       24       121

Nilantha Monday, 22 September 2025 11:55 AM

ඇයි හිටපු ජනාධිපතිතුමා ගියපු රාජකාරි ගමනත් වැරැදියි. වත්මන් කෙනා රාජකාරි වාහනයෙන් රජයේ ආරක්ෂකයෝ පිරිවරාගෙන අම්මා බලන්න යාම හරියි කියලා සොයා ගැනීමම මදිද?

:       4       63

Perera Monday, 22 September 2025 07:09 AM

හොඳ පියවරක්. හැබැයි සජබේ අයගෙත් අනිත් පක්ෂවල අයගෙත් බදු විස්තර ප්‍රසිද්ධ කරන්න, මහජනතාවගේ දැනුම උදෙසා.

:       3       61

Asela Monday, 22 September 2025 07:22 AM

මේකෙන් සියලුම දේශපාලනඥයින්ට ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. රජයේ දේශපාලනඥයින් දැන් උගුලක හිරවෙලා ඉන්නේ, මොකද ඔවුන්ගේ ආදායම් මාර්ගය දැන් ප්‍රශ්නාර්ථයක්. විපක්ෂ මන්ත්‍රීවරයා වාර්තා කළ පරිදි අනුරගේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගේ වත්කම් ප්‍රකාශනය දැන් බෙහෙවින් වෙනස්. වටගල බිරිඳට බැංකු ගිණුම් 15 ක් සහ විදේශ මුදල් ගිණුම්වල තිබෙනවා. ඔවුන් සාමාන්‍ය ජනතාව සමඟ සිටින බව අපට පෙන්වන අය දැන් කෝටිපතියන් . බලයට එන්න ඔවුන් බොහෝ දේවල් අලෙවි කළා. අලෙවි කර තමයි "හොරුන්" සහ බදු පැහැර හරින්නන්! උත්ප්‍රාසය නම් සියලු හොරුන් වීමයි.

:       12       109

Rasi Monday, 22 September 2025 07:46 AM

මුන් ටික මේ තරම් මහන්සි වුනානම් රට හදන්න ඒ කාලේ, අද ඕවා හොය හොයා මහන්සි වෙන්න ඕන නැහැ. යස අගේට කැමති විදියට හොරකමක් කරගෙන, ආණ්ඩුවේ බංගලා ටිකට වෙලා අපිව අන්ද අන්ද සැපෙන් ඉන්නවා. පව් අනේ ඔයාල, අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද. ඇඩෙනවා.

:       87       31

ඒ.එම්.ඒ. කුමාර Monday, 22 September 2025 08:13 AM

අනිවාර්යයෙන්ම ඒවා හොයලා බලන්න ඕන. ඒ ගමන්ම සංස්කෘතික අරමුදලේ කෝටි 800 ක් පිල්ලි ඇරලා (අද ලංකාදීපයේ) තියෙන එක ගැන හොයන්නත් ඒ උනන්දුව තියෙන්න ඕන.

:       4       57

සෙනෙවිරත්න Monday, 22 September 2025 08:43 AM

කප්පම්කාරයො, මිනීමරුවෝ කියල දන්නවා. ඒත් මෙච්චරටම හොරු, වංචාකාරයෝ කියලා දැනගෙන හිටියෙ නෑ.

:       8       134

Mahesh Monday, 22 September 2025 08:58 AM

පෙරහැර ගියාට පස්සේ තමයි කට්ටියට මොලේ පෑදිලා තියෙන්නේ. චන්දෙට කලින් පච වමාරද්දී ඔය මොලේ තිබ්බානම් අදත් කට්ටියම බලයේ ඉන්නවා. බොරූ බේගල් ඇදබාන කාලේ ඔය ෆයිල් ටික අද්දා නම් අර එදා තිබ්බ සියයට තුනත් නෑ ජෙප්පොන්ට.

:       11       89

Toni Monday, 22 September 2025 09:00 AM

දැන්තමත් ජෙප්පෝ ඕවා ඔක්කොම හංගලා ඉන්නේ. හරියටම පිරිසිදුයි කියලා තමයි කියන්නේ.

:       9       79

අරවින්ද මොණරවිල Monday, 22 September 2025 09:11 AM

රටට සේවය නොකර හොරකම් කරන එක තම රස්සාව කරගත් අබල දුබල විපක්ෂ වැටිලා තියෙන තැන !

:       84       30

දේශප්‍රිය Monday, 22 September 2025 10:18 AM

දැන් කොච්චර කෙඳිරිගෑවත් රැල්ල ආපිට කැරකිලා ඉවරයි ඩෝබි ජෙප්පනේ.

:       17       89

Pradeep Kumara Monday, 22 September 2025 09:14 AM

අනුන්ගේ වැරදි අඩුපාඩු හොයමින් යන අතරේ තම තමන්ගේ අඩුපාඩුත් හොයාගෙන හදා ගන්න පුළුවන් නම් කොයි තරම් හොඳද

:       74       20

MindZap Monday, 22 September 2025 10:28 AM

විපක්සෙ උන්ට හොඳ ලණුවක් කැවිලා.

:       63       12

ලාල් Monday, 22 September 2025 10:37 AM

මෝඩ විපක්ෂය බදු තොරතුරු ගන්න පුළුවන් උසාවි නියෝගයක් මත බව දන්නේ නැත්ද...

:       56       6

Nihal Dharmatileke Monday, 22 September 2025 11:36 AM

විපක්ෂයේ ඉන්නේ ෆේල් අයනේ . ඊළඟ මැතිවරණයෙන් පස්සේ විපක්ෂයේ බින්දුවයි

:       38       1

fairoos Monday, 22 September 2025 11:52 AM

ඉතින් හොදයිනේ වැරැදි කරලා තියෙනවා නම් නඩු දාන්න. එච්චරයි...

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site