
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික යකු බව කියන පොට්ට අමිල නැමැත්තා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනකු රුපියල් ලක්‍ෂ 10 කට ආසන්න වටිනා මත්පෙති සහ අයිස් මත්ද්‍රවය සමග අද දහවල් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග මත්පෙති 5300 ක් සහ අයිස් මත්ද්‍රවය මිලිගෑම් 15000 ක් හා ජාවාරමට යොදා ගත් ජංගම දුරකථන 3 ක් ද පොලිස් භාරයටට ගෙන ඇත.
ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ මත්ද්‍රවය ජාවාරම්කරුවකු වන පොට්ට අමිල නැමැත්තාගේ සමීපතමයකු අයිස් මත්ද්‍රවය බෙදා හැරීම සඳහා පැමිණෙමින් සිටින බවට මොරගහහේන පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රවය මිලිගෑම් 2200 ක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම අයිස් මත්ද්‍රවය පොට්ට අමිල තවත් පුද්ගලයකුට ලබාදීම සඳහා තමන් වෙත ලබා දුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව පොට්ට අමිල නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා නිවස සොයා යාමේදී ඔහු තවත් පුද්ගලයන් දෙදෙනකු සමග පෙට්ටියක්ද අත දරාගෙන පැමිණෙමින් සිටියදී එම සැකකරු නවතා සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රවය මිලිගෑම් 10100 ක් හා අත දරා සිටි පෙට්ටිය තුළ තිබී මත් පෙති 5000 ක් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොට්ට අමිල අල්ලයි
රනේ Sunday, 21 September 2025 05:48 PM
දැන් නම් පොලිසියේ ඇස් පෑදිලා..!
ජගත් ලියනගේ Monday, 22 September 2025 07:26 AM
ඔය වගේ දේවල් වලට සිංහලෙන් කියන්නේ “අතේ කෝට්” කියල.
maalaka Monday, 22 September 2025 07:26 AM
මෙතරම් කල් පොලීසිය මේවා දැනගෙන හිටියා, නමුත් තිබිච්ච මජර, දූෂිත දේශපාලනය නිසා අවංක නිලධාරීනුත් අහක බලගෙන හිටියා.