
(සුජිත් හේවාජුලිගේ සහ මහේෂ් කීර්තිරත්න)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉකුත් 2017-2020 අතර කාලයේදී රුපියල් කෝටි 800කට වැඩි බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට විමර්ශනවලදී පැහැදිලි තොරතුරු අනාවරණයවී ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.
එම අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම මුදල් විවිධ ව්‍යාපෘති සඳහා වැයකර ඇති නමුත් සමහර ව්‍යාපෘති එම ආරමුදලේ විෂය පථයට පවා නොවැටෙන ඒවා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මේ අනුව මෙම කාල සීමාවේදී එම අරමුදල අපේක්ෂිත අරමුණු වලින් බැහැර වී ඇතැයිද දිසානායක මහතා පැවසීය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට රජය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව එම කමිටුව මෙසේ පත් කෙරිණ.
කමිටුවේ විමර්ශන මේ වනවිට අවසන් වී ඇති අතර එහි අවසන් වාර්තාව ඉදිරි දිනවල බාරදීමට නියමිතය.
එම වාර්තාවෙන් අනාවරණය වන තොරතුරු පදනම් කරගෙන ඊට වගකිවයුතු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂජියා අවුරුදු 1500කට විතර හිරේ යන්න ඕනා...
මේකත් ජනාධිපති අරමුදල වගේ තමයි. ඒත් එච්චර සල්ලි නෑ. ඒ නිසා අක්‍රමිකතා අඩුයි. කවුරුත් හෙව්වෙ බැලුවෙ නෑ. දැන් නම් එහෙම බැරි බව පේනව.
මැදමූලන රාජපක්ෂලා ගේ දේශීය, විදෙශීය ෆයිල් ටිකක් පරීක්ෂා කරලා බලන්න. වැල ගිය තැන්, මුල ගිය තැන්, අල බැහැපු තැන් එහෙම නියමෙටම බලාගන්න පුළුවන්... ඒ අතරම මුන්ගේ චක්ගොලයන් එහෙමත් අමතක කරන්න එපා !
ජයවේවා ජයවේවා ජයමවේවා !!!
ඔය කියන විපක්ශය තමයි රටකන පිල්ලිය..
දැන් හරිනේ අමාරුව.
ඒ සල්ලි ගෙදර ගෙනිහින්ද, පන්සල් වලට දීලද? පන්සල් වලට දීලා නම් පන්සල් වලින් ආපහු අයකර ගන්න. මේ ආණ්ඩුවට විතරයි ඒ දේ කරන්න පුළුවන් මොකද නිරාගමික නිසා. දැන් බුද්ධ සාසන අමාත්‍යංශයකුත් නෑ නේ. එහෙම නොකර මේ කයිවාරු වලින් වැඩක් නෑ.
දැන් මඩ හෝදන කාලය. හොඳයි.
ළාමක ටින් ටින් මධ්‍යම සන්ස්කෘතික අරමුදලෙන් ගසා කෑවා කියලා ලොකු රාවයක් තිබුණා.