
(සුජිත් හේවාජුලිගේ සහ මහේෂ් කීර්තිරත්න)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉකුත් 2017-2020 අතර කාලයේදී රුපියල් කෝටි 800කට වැඩි බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට විමර්ශනවලදී පැහැදිලි තොරතුරු අනාවරණයවී ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.
එම අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම මුදල් විවිධ ව්‍යාපෘති සඳහා වැයකර ඇති නමුත් සමහර ව්‍යාපෘති එම ආරමුදලේ විෂය පථයට පවා නොවැටෙන ඒවා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මේ අනුව මෙම කාල සීමාවේදී එම අරමුදල අපේක්ෂිත අරමුණු වලින් බැහැර වී ඇතැයිද දිසානායක මහතා පැවසීය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට රජය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව එම කමිටුව මෙසේ පත් කෙරිණ.
කමිටුවේ විමර්ශන මේ වනවිට අවසන් වී ඇති අතර එහි අවසන් වාර්තාව ඉදිරි දිනවල බාරදීමට නියමිතය.
එම වාර්තාවෙන් අනාවරණය වන තොරතුරු පදනම් කරගෙන ඊට වගකිවයුතු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංස්කෘතික අරමුදලේ කෝටි 800ක් පිල්ලි ගිහින්
අබා Sunday, 21 September 2025 09:32 PM
ෂජියා අවුරුදු 1500කට විතර හිරේ යන්න ඕනා...
Perakum Liyanagama Sunday, 21 September 2025 10:20 PM
මේකත් ජනාධිපති අරමුදල වගේ තමයි. ඒත් එච්චර සල්ලි නෑ. ඒ නිසා අක්‍රමිකතා අඩුයි. කවුරුත් හෙව්වෙ බැලුවෙ නෑ. දැන් නම් එහෙම බැරි බව පේනව.
Nandalal DE SILVA - France Sunday, 21 September 2025 10:36 PM
මැදමූලන රාජපක්ෂලා ගේ දේශීය, විදෙශීය ෆයිල් ටිකක් පරීක්ෂා කරලා බලන්න. වැල ගිය තැන්, මුල ගිය තැන්, අල බැහැපු තැන් එහෙම නියමෙටම බලාගන්න පුළුවන්... ඒ අතරම මුන්ගේ චක්ගොලයන් එහෙමත් අමතක කරන්න එපා !
Piyasena Monday, 22 September 2025 06:13 AM
ජයවේවා ජයවේවා ජයමවේවා !!!
රනේ Monday, 22 September 2025 09:45 AM
ඔය කියන විපක්ශය තමයි රටකන පිල්ලිය..
Neel Monday, 22 September 2025 10:00 AM
දැන් හරිනේ අමාරුව.
Nishan Monday, 22 September 2025 10:25 AM
ඒ සල්ලි ගෙදර ගෙනිහින්ද, පන්සල් වලට දීලද? පන්සල් වලට දීලා නම් පන්සල් වලින් ආපහු අයකර ගන්න. මේ ආණ්ඩුවට විතරයි ඒ දේ කරන්න පුළුවන් මොකද නිරාගමික නිසා. දැන් බුද්ධ සාසන අමාත්‍යංශයකුත් නෑ නේ. එහෙම නොකර මේ කයිවාරු වලින් වැඩක් නෑ.
සිල්වා Monday, 22 September 2025 11:23 AM
දැන් මඩ හෝදන කාලය. හොඳයි.
ගමේ එකාලා Monday, 22 September 2025 02:02 PM
ළාමක ටින් ටින් මධ්‍යම සන්ස්කෘතික අරමුදලෙන් ගසා කෑවා කියලා ලොකු රාවයක් තිබුණා.