
(අංජුල මහික වීරරත්න)
මේ වසර සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවය පහල ගොස් ඇතැයි රජය පවසයි.
ඉකුත් වසරේ සැප්තැම්බර් 21 වැනිදායින් ඇරැඹි අනුර දිසානායක පාලනය ආදායම් වියදම් අතර පරතරය අඩු කළ වසරක් වන අතර ඒ අනුව ලබන වසරේ පොලී වියදම අඩු වීමක් අගපේක්ෂා කරන බව රජය කියයි.
අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී වසරක් ගත වන විට ලංකා ආර්ථිකයේ පැහැදිලි සුබවාදී දිශානතියක් පෙන්නුම් කරන බව රජය පවසයි.
පරිපූරක ඇස්තමේන්තු නොමැති සැලසුම් කළ ලෙසම වියදම් සීමාවන් පවත්වා ගෙන යාමට හැකියව ලැබී ඇති වසරක් බවද රජය සඳහන් කරයි. බැංකු පොලී අනුපාතය ස්ථාවර අනුපාතයක එනම් 8%ක ප්‍රමාණයක පවත්වා ගැනීමට සමත්ව ඇතැයි ද 2025 පළමු මාස 6 තුල රාජ්‍ය ආදයම රුපියල් බිලියන 2321 ක් බව රජය කියයි.
2024 වර්ෂයේ පළමු මාස 6 තුල ලබා ඇත්තේ රු. බි. 1,864 ක රාජ්‍ය ආදායමකි. 2024 පළමු මාස 6 තුළ ආදායම් බදු ලෙස ලැබී තිබුණේ රුපියල් බිලියන 1709 ක් වුවද මේ වසරේ එය රුපියල් බිලියන 2,152.09 ක් දක්වා වර්ධනය වී ඇතැයි රජය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ණය ගැනීමේ ඕනෑකම පහල යයි
Nihal Monday, 22 September 2025 01:17 PM
දැන් හොරා කාපු අය ගෙදරනේ, පවුල් පුම්බන්න වියදමක් නැහැ, මැඩම්ලා දුසිම් ගණන් බටහිර රටවලට ජනාධිපතිවරයාලා ඇමැතිලා එක්ක සමුළුවලට ආපුවාම මිලියන ගණන් ජනතා මුදල් කාබාසිනියා කරන අය නෑනේ.. කට්ටිය ආයේ රට සංවර්ධනය කරලා දෙන්න එනවාලු...
ගුණරත්නMonday, 22 September 2025 02:14 PM
හොරා කාලත් රනිල් ආණ්ඩුව අවුරුදු දෙකට ඩොලර් කෝටි 650ක් එකතු කරලා ගියා... මේ ආණ්ඩුව කීයක් සංචිත එකතු කරලද?