
(සුජිත් හේවාජුලිගේ)
ඇමතිවරුන් පගා නොගන්නා නිසා බොහෝ ව්‍යාපෘතිවලින් කෝටි ගණන් ඉතිරි වන බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මේ ආණ්ඩුවේ ඇමතිවරුන් හොරකම් කරන්නේ නැතැයිද ඔහු කීය.
පල්ලන් ඔය පාලමෙන් පමණක් කෝටි දෙකක් ඉතිරි වූ බව පැවසූ අමාත්‍යවරයා ඇමතිවරුන් සල්ලි ඉල්ලමින් පස්සේ එන්නේ නැති හෙයින් කොන්ත්‍රාත්කරුවන්ට නිදහසේ වැඩ කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇතැයිද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ මොනරාගල පල්ලං ඔය යකඩ පාලම වෙනුවට නව පාලමක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙම පාලම ලබන වසරේ දෙසැම්බර් මාසයේ දී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඒකනේ ඇමැතිතුමා අපි කැමති නැත්තේ ඕගොල්ලොන්ට. පගාව අරගන්න. ඊට පස්සේ ඉන්න ඔය ගමේ හෙංචයියලාටත් කීයක් හරි දීලා ඔවුන්ව ෆෝර්ම් කරලා අරගන්න. පොඩ්ඩක් ජෝගියක් එහෙම දාලා ආතල් එකක් දෙන්නේ මිනිස්සුන්ට නැත්නම් මිනිස්සු කැමති නෑ ඕකට. ඕගොල්ලෝ පගාව ගන්නැතුව ඉතුරු කරනවා. මිනිස්සු ඒකට කැමැති නෑ. හොඳ අක්කර දහයක් 15ක් අරගෙන ලොකු ගෙවල් අරගෙන වාහන විස්සක් විතර යන්න පිටිපස්සෙන් ඔබතුමා යද්දී..
ඔබේ කාලකණ්ණි ආණ්ඩුව දැනටමත් දැවෙන ප්‍රශ්න රාශියක් විසඳීමට අසමත් වී ඇත. වහලුන් සතුටු කිරීම සඳහා වන සර්කස් පමණි. ව්‍යාපෘති නැත, ප්‍රාග්ධන ගොඩනැගීම් හෝ කිසිදු සංවර්ධනයක් නැත. ඒ කෙසේ වුවත්, උමන්දාවේ භික්ෂුව මෙම පාලනයේ ඇමතිවරුන්ට වඩා ජාතිය වෙනුවෙන් හොඳ වැඩක් කරනවා...
හොරකම් නොකරන පගාව නොගන්නා වංචා, දූෂණවල නොයෙදෙන එක වහලුන්ට ප්‍රශ්ණයක් වෙලා බිමල් සහෝදරයා. මොකද උන් දන්නේ තමන්ගේ මහ එවුන් හොරා කාලා ඉතිරිවෙන කටු සූප්පු කරලා ජීවත් වෙන්න විතරයි.
ඔය ඉතුරු වෙච්ච ඒ සල්ලි මිනිස්සුන්ට දැනෙන්න මොනව හරි අඩු කරන්න. අච්චර ඉතුරුයි මෙච්චර ඉතුරුයි කිවුවට අඩුම ගානෙ බදු අඩු කරල තෙල් මිල අඩු කරල ඒ වාසිය මිනිස්සුන්ට දෙන්න. නැතුව අතන මෙතන කියව කියව ගියාට ඕක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ඉතුරු කරපුවගෙන් මිනිස්සුන්ට සහන දෙන්න අවුරුද්දක් උනා ලැබුනු මගුලක් නෑ
අසේල මෝඩයා
අනේ පොඩ්ඩක් අර කන්ටෙනෙර් 323 ගැනත් කියන්න පුලුවන්ද. මුන් තවම ජනතාව මුලා කරනවා