
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන වැලිගම වැලිහිද ප්‍රදේශයේ හෝටලයක් වටලා මෝල්ඩෝවා ජාතික තරුණයකු අද සවස සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඒ පිළිබඳව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
අදාල හෝටලයේ වායු සමනය කළ කාමරයක් තුළ මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලිය සිදු කර තිබෙන බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
18 හැවිරිදි සැකකාර මෝල්ඩෝවා ජාතිකයා මෙරට පදිංචි කිහිප දෙනකුගේ ද සහාය ඇතිව මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලීසිය සැක කරයි.
එම ස්ථානයේ තිබී අවර්ණ රසායනික දියර සහිත ලීටර් 05 බැගින් වූ කෑන් 20 ක්,ප්ලාස්ටික් බෝතල් වළ දමා තිබු රසායනික ද්‍රව්‍ය බෝතල් 04 ක් සුදු පැහැති ප්ලාස්ටික් කැබලි අඩංගු කිලෝ 05 බැගින් වු පැකට් 02 ක් සුදු පැහැති කූඩු වැනි රසායනික ද්‍රව්‍ය ඇසුරුම් 02 ක් අයිස් මත්ද්‍රව්‍යට සමාන ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පොලීසිය සොයා ගෙන තිබේ.
ඊට අමතරව නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කළ බව කියන වායු සමනය කළ කාමරයේ තිබී රසායනික ද්‍රව්‍ය දමා සකස් කළ ප්ලාස්ටික් තැටි 10 ක් ,තරාදියක් ,උෂ්ණත්ව මානයක් ආදී උපකරණ රැසක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම අපේ ලංකාව, කුඩු මත්ද්‍රව්‍ය පුරයක් නේ.
මත් කුඩු, අයිස් නම් ඉතිං දකුණු පළාතම තමයි. ආණ්ඩුව මාරු වුනේ නැත්නම් මෙලහකටත් ශ්‍රී ලංකා නම වෙනුවට අයිස්ලන්තය කියලා නමත් වෙනස් වෙලා...