
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්‍රදේශයේ පදිංචි 33,34,45 සහ 46 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.
විහාරාධිපති හිමියන් කල පැමිණිල්ලක් මත සිදුකල දීර්ඝ විමර්ශන වලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි .
විහාරාධිපති හිමියන් පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වාගෙන යනු ලබන අතර , කලකට පෙර උන්වහන්සේ ගේ හැදුනුම්පත අස්ථානගතව ඇති බවත් පොලිසිය කීය.
සැකකරුවන් එම බැංකවේම නාරම්මල ශාකාවෙන් අවස්ථා කිහිපයකදී මුදල් සිය ගිණුම් වලට මාරුකරගෙන මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම පුද්ගලයන් සොයා දඬුවම් දෙන්න ඕන. ඒ වගේම කම් සැප එපා කියා පැවිදි වූ භික්ෂූන් වහන්සේලා ලඟ මෙතරම් මුදල් පවතින්නේ කෙසේද සහ ඔවුන් ඒවා තියාගෙන ඉන්නේ ඇයි කියලත් හොයලා බලන්න ඕන.
හැඳුනුම්පත අස්ථානගතවීම පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබ්බද, නැත්තම් දැන් කියන කතාවක්ද? මේ “භික්ෂුව” මුදල් විශුද්ධිකරණයේ පුරුකක්ද කියලා සොයා බලන්න.
අපෝ මෙච්චර සල්ලි කොහෙන්ද ?
අනේ අපේ හාමුදුරුවන් කෝටිපතියෙක් වුණේ කොහොමද? මෙහෙම විශාල දානපති දායකයින් රැසක් ඉන්නා පන්සලක ලොකු හාන්දුරු කෙනෙක් හැටියට වැඩ ඉන්නට, මේ උත්තමයානන් වහන්සේ සසරේ පෙර ආත්මවල කොතරම් පිංකම් කරලා තියෙන්න ඇද්ද ? හැබැයි හාමුදුරුවනේ, කවුරු හරි අල්ලස් හො දූෂණ කොමිසමට tip එකක් දුන්නොත්, files, පොත් පත් එහෙම උස්සාගෙන Colombo යන එක නම් ෂුවර්...