
(අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකා රේගුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු 6 වැනිදා දක්වා රුපියල් බිලියන 1271 ක ආදායමක් රැස් කර ගෙන ඇතැයි රජය පවසයි.
වසරේ මෙතෙක් වැඩිම රේගු ආදායම ලෙස පසුගිය ජුලි මාසයේදී රැස් කර ගත් රුපියල් බිලියන 231 ත් සමඟින් මෙම ආදායම තවත් ඉහළ ගොස් ඇත.
මෙම වසරේ ගත වූ මාස 6 තුළදී වරාය මෙහෙයුම් වලින් ඉපැයූ ලාභය රුපියල් මිලියන 24,418 ක් වේ. ඉකුත් 2024 වසර පුරා වරාය මෙහෙයුම් වලින් ඉපැයූ ලාභය රුපියල් මිලියන 14,691 ක් බවත් ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 66%ක වර්ධනයක් මේ වන විට ලබා ඇත.
මේ වසරේ ගත වූ මාස 6 තුළදී ටෙලිකොම් ආයතනය රුපියල් මිලියන 3670ක ලාභයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වර්ෂයේ වාර්තා වී තිබුනේ රුපියල් මිලියන් 3020 ක් ලෙසය.
ශ්රී ලංකා පෙට්රෝලියම් කෝපරේෂන් හි 2025 පළමු කාර්තුවේ ලාභය රුපියල් බිලියන 18 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලිනුත් ඔය ආදායම තිබුණා. හැබැයි ඒ අයයි, දේශපාලකයෝයි ඒක බෙදාගත්තා.
ඉහළ සිට පහළට වංචාව හොරකම හා නාස්තිය නැති කිරීමේ වැඩ පිළිවෙල ඇති සාර්ථකව ක්රියාත්මක වෙනවා. දුන්න ඡන්දය ගැන පුරවැසියෙක් හැටියට ආඩම්බර වෙන්න පුළුවන්...!
රටට වාහන ආනයනය කරන විට ඒ බදු ආදායම ඉහළ යන නිසා රේගුවේ ආදායම් ඉහළ යනවා. දැන් තෙල් මිල තීරණය කරන්නේ මිල සූත්රයට අනුව නිසා පෙට්රෝලියම් එකට වාසියක් එනවා. මිනිස්සුන්ගේ දුරකථන හා අන්තර්ජාල සේවා භාවිතය වැඩි නිසා එතැනත් වාසියක් එනවා.
හොරකම, දූෂණය අඩු වුනාම තත්වය මේ. හරි හරියට වැඩ කෙරෙනකොට ලංකාව පොහොසත් රටක්.. අපිට ඡන්දයක් දීලා සතුටක් ලැබෙන පළමු අවස්ථාව තමයි මේ. ජයවේවා...!
රේගු ආදායම් වැඩි වන විට, ආනයනය ඉහවහා වැඩි වෙනවා! ඒත් ඒකට ගැලපෙන අපනයන ආදායම් වැඩි වෙනවාට වඩා අඩු වෙනවා! එතකොට විදේශ ණය වැඩිවීමෙන් තමයි රේගු ආදායම් වැඩි වෙන්නේ. ඒ කියන්නේ ආයේම රට බංකොලොත් වීම...!!!
මේ රටේ දුප්පත් ජනතාවට ආර්ථික දුෂ්කරතා මත ඉතිරි කළ මේ මහා පරිමාණයෙන් ලැබෙන ප්රතිලාභ මොනවාද? අවම වශයෙන් එක් දෙයක් නම් කරන්න.