
(අංජුල මහික වීරරත්න)
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලි බලය සාමාන්‍ය ජනතා ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන හෙයින් ඊට අවහිර බාධා එල්ලවීම වැළැක්වීමට පියවර ගැනීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ජනාධිපති අණ පරිදි ජනාධිපති ලේකම් එන්.එස් කුමානායක මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි නයා උනත් වැඩක් නැහැ පෙනේ පෙනේ පුපපන්නේ නැත්නම්, එහෙම උනාම තමයි ගැහැණු දරමිටිය බදින්න ගන්න හදන්නේ !
රටේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා කලයුතු වැඩක්. හැබැයි මේක සීයා කරන කොට ජෙපි මල්ලිලා පොලවේ පස් කෑවේ නැති එක විතරයි.
ඔව්, මුන් හදන්නේ ආණ්ඩු පෙරළන්න. ඒව සුම්මා. ආපහු හොරකම් කරන්න, පිලිවෙලට වැඩ කරන්න දෙන්නේම නෑ.
විදුලි බල මණ්ඩලයේ උන් කවදත් උද්ගෝෂණ ,වර්ජන කරන්ඩමයි බලන්නේ? ඔහොම කරන කොට රටට සුගතියක් වෙයිද ? මානුසිකව හිතලා වැඩකිරීම කොයිතරම් අගේ ද?
රටගැන, ජනතාව ගැන හිතා බලා AKD මාළිමා රජය, ගග හත් ගව්වක් කියා අමුඩය ගැසීම ගැන ජනතාව රජයට කෘතඥතාවය පිරිනමනවා... අවම වශයෙන් මෙමගින් ජනතාවට ඉටිපන්දම් එළියෙන් සිය වැඩ කටයුතු කර ගැනීමට අවශ්‍ය නොවනු ඇත !!!