
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන හෝටලය සහ පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුල කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට දැණුම්දි තිබේ.
රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරිම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ.
ඒ අනුව පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරිමේදි වැව් රක්ෂිතය තුලම හිටපු ආණ්ඩුකාර බිරිද හෝටලයක් ඉදිකිරිම සදහා කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැතිව අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරිමේ හේතුවෙන් එය කඩා ඉවත්කර ගන්නා ලෙසට දැණුම් දුන් බවත් දිසානායක මහතා පැවසිය.
මේවන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියළු මැණුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහීපාලගේ බිරිඳ මේ හෝටලය හැදුවේ රෑට වගේ. රජයේ සේවකයෙකුගේ මැදිහත්වීමක් නැතුව හැමදේම කරලා ඉවර කරලා, ඒවා ගැන විමර්ශනය කරන්නේ නැත්නම්, අපිට රජයේ සේවක බලඇණි අවශ්‍ය ඇයි? ඒ කාලේ ලේකම්වරයා පියවරක් ගත්තේ නැත්තේ ඇයි, එතකොට ලේකම් කවුද, දැන් එයා කොහෙද ඉන්නේ? බොහෝ දෙනෙක් දේශපාලනඥයින්ට දොස් කියනවා, රජයේ කූඩැල්ලන් නැතුව කිසිම දෙයක් කරන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ? ඇයි? ඡන්දදායක පදනම?
දූෂිත දේශපාලුවන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ අක්‍රමිකතා මෙතෙකැයි කියා නිමකල නොහැක. අදාල සියල්ලන්ට නිසි දඬුවම් ලැබෙනතෙක් අපි බලා ඉමු.
අම්මා, අප්පච්චිගෙන් දෑවැද්දට ලැබුණු ඉඩමක ගෙ පොඩ්ඩක් හදාගත්තා වගේ මේ කපටි ජොඩුව නියමෙට හොටල් දමනකම්, හිටපු රජයන්, නිළධාරීන් නිදි වැදිලා හිටියා ද ? උන් හදපු අටමගල කුඩු කරාට මදි. ඒකෙ සියළුම ගල්, බදාම එතැනින් ඉවත් කර , එම ස්ථානය පිරිසිදුවම රජයට පවරා දීමටත්, උන් රංචුව කරපු මේ කුපාඩි වංචාවට සෑහෙන දඩුවම් දීමටත් අධිකරණය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු ...
මොහු සබරගමුවට කළ විනාශය බොහොමයි . ඉක්මනින් සොයා බලන්න.
නීතිය අතට ගත් මේ නීචයන් විසින් කරන ලද නින්දිත ක්‍රියා මේවාය.
මේ මනුස්සයා 1990 කාලේ හිටපු හැටි ප්‍රදේශවාසීන් දන්නවා. එදා තත්ත්වය අනුව අද වෙනකොට තියෙන දේපළ බලන්න මෙහෙම හම්බ කරන්න පුළුවන්ද? මුලින්ම සමූපකාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා, එතනත් හොර කීවා. රට බංකොලොත් වෙද්දී මුන් රජ සැප වින්දා . මේ මිනිසුන්ගේ දේපළ පරීක්ෂා කර අයතා විදිහට උපයා ගත් දේපළ රාජ සන්තක කරන්න. වාසියට කාලෙකට UNP, කාලෙකට පොදු පෙරමුණ රට කපු හොරා තක්කඩි.
මෙයා පොහොසත් උන විදිය මේ පළාතෙ මිනිස්සු හොදට දන්නව
ඇත්තෙන්ම මිනිස්සු චන්දය මලිමාවට දුන්නේ ඉස්සර හිටපු කාලකන්නි දේශපාලකයින්ගේ හොරකම් සහ මැරකම් හින්ද , හැබය් දැන් ඉන්න උනුත් දෙහ්ස්පලනයෙන් බයානක තැන් වලින් සල්ලි අරගෙන තියනබව හොදින්ම තේරෙනවා . අනිත් එක හැමවෙලාවෙම පළිගන්නේ එක කණ්ඩායමකින් ...
මේ ගොඩනැගිල්ල වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනයට ගන්න.
මේක කඩන්න එපා. සියල්ල රජයට පවරාගෙන කුමක් හෝ ජනතා සේවයක් සදහා යොදාගන්න. ඒ වගේම ඔවුන්ගෙන් දඩ මුදලක් අයකර ගන්න.
මහිපාල හේරත් මහතාගේ පමණක් නොව පුතුන්ගේ වත්කම් 1995 වසරේ සිට උපයාගත්ආකාරය සොයා සොරකම් කළ මුදල්. ආපසු රජයට පවරා ගතයුතු බව ජනතා මතය වේ... ජනතාවට දුන්පොරොන්දු ඉටුකිරිම රජයේ වගකීම වේ...