කෙහෙළියගේ නඩුවට පුතාවත් සැකකරුවකු කරයි
ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවාගෙන ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු ඇමතිය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය සැකකරු ලබන 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කළාය.