IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රටපුරා ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක්

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ඇතුළු ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක් පවතින බව වෛද්‍යවරු පවසති.

කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයේ වෛද්‍යවරු නිර්දේශ කරන ‘ඉන්සියුලින්’ ප්‍රමාණයෙන් අඩක් පමණක් නිකුත් කරන බවත් ඉතිරි ‘ඉන්සියුලින්’ ප්‍රමාණය ගැනීමට පසුව පැමිණෙන ලෙස දැනුම් දෙන බවත් වෛද්‍යවරු පැවසූහ.

දියවැඩියා සායනයේ වෛද්‍යවරු නිර්දේශ කරන තවත් ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව කියන වෛද්‍යවරු එම ඖෂධ පෞද්ගලිකව මිලදී ගන්නා ලෙස සටහන් කරන බව ද සඳහන් කළේය.

රටපුරා සෙසු මූලික සහ දිස්ත්‍රික් රෝහල්වල් බොහෝමයක ‘ඉන්සියුලින්’ දැඩි හිඟයක් පවතින අතර එම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට මාස ගණනකින් ‘ඉන්සියුලින්’ නිකුත් කර නොමැති බව කියන වෛද්‍යවරු මෙම තත්වය හමුවේ දියවැඩියා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද කීහ.

ඇතැම් දියවැඩියා රෝගීන්ට මාසයකට ‘ඉන්සියුලින්’ කුප්පි හතරත් පහත් අතර සංඛ්‍යාවක් අවශ්‍ය බව කියන වෛද්‍යවරු එම ප්‍රමාණය මිලදීගැනීමට රුපියල් 10,000 කට ආසන්න විශාල මුදලක් අවශ්‍ය බව ද සඳහන් කළහ.

ජාතික රෝහලේ ඖෂධ නිකුත් කරන ස්ථානයෙන් ප්‍රකාශ කරන ආකාරයට රෝගීන්ට ඉතිරි ‘ඉන්සියුලින්’ ප්‍රමාණයට ගැනීමට නැවතත් සායනයට පැමිණ වෛද්‍යවරු හමුවී නිර්දේශ කරනවා ගැනීමට සිදුවන බවත් එසේ කිරීමට රෝගීන්ට තව දුරටත් රස්තියාදුවීමට වන බවත් වෛද්‍යවරු පවසති.

කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණීම නිසා තදබදයක් ඇති බව කියන වෛද්‍යවරු ‘ඉන්සියුලින්’ නිර්දේශය ගැනීමට රෝගීන් නැවත පැමිණීමෙන් තදබදය තව දුරටත් ඉහළ යන බව ද සඳහන් කළහ. 



අදහස් (4)

රටපුරා ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක්

ගුණරත්න Wednesday, 24 September 2025 03:35 PM

ආණ්ඩුව කෝටි සිය දහස් ගණන් වියදම් කරනවා කියලා පත්තරේ බැලුවාම පේනවා..., අස්වැසුම දෙනවා, හිඟන කොල්ලන්ට පඩි ගෙවනවා, රස්සා බෙදනවා, හයිවේ හදනවා, විදුලි බලාගාර හදනවා, රෝහල් හදනවා, ඒත් බෙහෙත් නැහැ...! මේක වෙන්න පුළුවන්ද? මාලිමා බයියන් වෙනුවෙන් මේ කමෙන්ටුව රචනා කර පලකිරීම සඳහා යවන ලදී...

:       0       1

Nandana Wednesday, 24 September 2025 04:56 PM

කෝ අර කයිය වැඩ

:       0       2

පුරවැසියා Thursday, 25 September 2025 09:49 AM

මම eye preacher එකට භාවිතා කරන eye drop එක කොහේවත් නැහැ s p c එකෙත් නැහැ රුපියල් 100ට ගත්ත බෙහෙත දැන් රුපියල් 540යි

:       0       2

Joni Friday, 26 September 2025 04:39 AM

හෝදපල්ලකෝ බන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site