IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට පුරා පුංචි රෝහල් දහසක් අරින වැඩේ අරඹයි

(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පිහිටු වීමේ වැඩසටහන යටතේ මෙම වසරේදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි.

රජයේ  “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි  ස්ථානයක ස්ථාපිත කරන මෙම  ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථානය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ලෙස නම් කර ඇත.

ඒ අනුව  ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතිය යටතේ මෙම මස 26,27,29 සහ ඔක්තෝබර් 02 යන දිනයන්හි දී ගාල්ල, රත්නපුර, කළුතර, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක පහ ආවරණයවන පරිදි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පහක් ජනතා අයිතියට පත්  කිරීමට නියමිත ය.

සැප්තැම්බර් 26 වන දා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ, මාපලගම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර මාපලගම, තල්ගස්වල, ගෝනලගොඩ සහ ගෝනලගොඩ නැගෙනහිර යන ග්‍රාමනිලධාරී වසම්වල ජීවත්වන පන්දහසකට ආසන්න ජනතාවකට මෙමගින් සුව සේවාවන් සැපයෙනු ඇත.



අදහස් (5)

රට පුරා පුංචි රෝහල් දහසක් අරින වැඩේ අරඹයි

PGP Thilak Thursday, 25 September 2025 12:07 PM

රෝහල් වලට ප්‍රතිකාර ගන්න යන අසරණයන්ට කඩා පනින සේවයන් කියලා ඉන්න යක්ෂයන්ට යක්ෂණියන්ට පිස්සු බලු බෙහෙත් නොදී තවත් මේ වගේ තැන් ඇති කිරීම රටටම බරක් බව මාළිමා ආණ්ඩුවට වැට හේවා!!

:       18       5

ගුණරත්න Thursday, 25 September 2025 12:20 PM

දැනටත් රජයේ රෝහල්වල උග්‍ර සේවක හිඟයක් තියෙනවා, ඔය අලුතෙන් හදන රෝහල් වලට කෝ සේවකයන්? රතු තරුවේ උන්ට පන්ති 5ක් කරලා සේවයට දානවද?

:       16       13

රනේ Thursday, 25 September 2025 03:00 PM

අපේ අසරණ ජනතාව ගැන හිතන ජනතාවාදී ආණ්ඩුවක්..! ජයෙන් ජයම වේවා..! ඔබට ස්තූතියි !

:       5       10

Saman Friday, 26 September 2025 10:33 AM

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට ජාත්‍යන්තර තත්වයට ගැලපෙන වැටුපක් නොදී, රටේ රදවා ගැනීමට කටයුතු නොකර ජනතාවට දෙන සිගිති ආතල් විතරයි.

:       0       0

de silva Friday, 26 September 2025 03:02 PM

කරුණාකර තිබෙන රෝහල් වලට අවශ්‍ය බෙහෙත් ශල්‍ය උපකරණ වැනි දේවල් සම්පුර්ණ කරන්න , බොරුවට ගොඩනැගිලි හැදුවට වැඩක් නැහැ රෝහලේ බෙහෙත් නැතිනම් , කාර්යමණ්ඩල නැතිනම්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site