IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එක්ස්ප‍්‍රස් පර්ල් ඩොලර් කෝටි සීයේ වන්දි නොගෙවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු තිරයේදී ගිනිබත් වීම හේතුවෙන් සමුද්‍රිය පරිසර පද්ධතියට හා ආර්ථිකයට සිදුවූ හානිය වෙනුවෙන් එම නෞකාව අයත් එක්ස්ප‍්‍රස් ෆීඩර්ස් සමාගමට වසරක් තුළ ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ක මූලික වන්දි මුදල එම සමාගම නොගෙවන බව එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ෂ්මුවෙල් යොස්කොවිට්ස් ඒ.එෆ්.පී පුවත් සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ප‍්‍රකාශ කර තිබිණි.

එවැනි වන්දි මුදලක් ගෙවීමෙන් ගෝලීය භාණ්ඩ ප‍්‍රවාහන නෞකා ක්ෂේත‍්‍රයට පුළුල් පරාසයක බලපෑම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් එවැනි වන්දී මුදලක් ගෙවීමෙන් සිය සමාගම නරක පූර්වාදර්ශයක් සපයනු ඇති බව විශ්වාස කරන බවත් එහිදී යොස්කොවිට්ස් පැවැසුවේය.

සමුද්‍රීය වෙළෙඳාම, වගකීම් සීමා කිරීම මත පදනම් වී තිබෙන බවත් ශ්‍රේෂ්ධිකරණ නඩු තීන්දුවෙන් එම පදනම යටපත් වන බවත් ඔහු එහිදී ප‍්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් එක්ස්ප‍්‍රස් ෆීඩර්ස් සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල නොගෙවන බවද ඔහු පැවැසුවේය.

නියෝගය සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම ගෙවීමක් අනාගතයේදී සමුද්‍රීය සිදුවීම් විසඳා ගන්නා ආකාරය පිළිබඳව නරක පූර්වාදර්ශයක් සපයනු ඇතැයිද ඔහු ප‍්‍රකාශ කළේය.

වගකීම් සීමාකිරීමක් නොතිබුණහොත් එහිදී ඉහළ රක්ෂණ වාරික ගෙවීමට භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවලට සිදුවනු ඇති බවත් අවසානයේදී එම බරද පාරිභෝගිකයා මත පැටවෙනු ඇති බවත් යොස්කොවිට්ස් පැවැසුවේය. කෙසේ නමුත් සිදුවීම සම්බන්ධයෙන් තමන් නැවත වරක් සමාව ඉල්ලා සිටින බවත් සිදුවීම හේතුවෙන් ඇතිවූ ව්‍යසනයේ බරපතළකම එක්ස්ප‍්‍රස් ෆීඩර්ස් සමාගම දන්නා බවත් ඔහු ප‍්‍රකාශ කළේය. හැකිතාක් එය නිවැරදි කිරීමට සමාගම උත්සාහ කරන බවද ඔහු පැවැසුවේය.

සුන්බුන් ඉවත් කිරීමට, මුහුදු පතුළ සහ වෙරළ තීරයන් පිරිසිදු කිරීමට මෙන්ම බලපෑමට ලක් වූ ධීවරයින්ට වන්දි ගෙවීමට එක්ස්ප‍්‍රස් ෆීඩර්ස් සමාගම දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක මුදලක් වැයකර තිබෙන බවද ඔහු ප‍්‍රකාශ කළේය.

 

 

 



අදහස් (10)

එක්ස්ප‍්‍රස් පර්ල් ඩොලර් කෝටි සීයේ වන්දි නොගෙවයි

Shammi Samuel Wednesday, 24 September 2025 12:50 PM

ඒ සල්ලි රාජපක්ෂ අයිස් කම්පැණි එකේ අය ගත්තා.

:       17       33

සිසිරWednesday, 24 September 2025 02:26 PM

ජෙප්පෝ මාර ගේමක් දෙන්නේ රාජපක්‍ෂලා මාකට් කරන්න. 2.50ට වැටුුණු නාමල්ව ජනාධිපති කරනකම්ම ජෙප්පෝ මේ කොන්ත්‍රාත්තුව කරයි.

:       15       18

ගුණරත්නWednesday, 24 September 2025 03:44 PM

හුටා! එහෙනං සල්ලි ටික ඇත්තේ උගන්ඩාවේ නේ? අර මන්ත්රීතුමිය රජෙ විශේෂ නියෝජිතවරිය කරලා උගන්ඩා යවලා ඒ සල්ලි ගන්න බැලුවනං හොඳයි නේ.

:       9       7

Rata PerataThursday, 25 September 2025 11:41 AM

අනේ නූගත් කලකාන්නියෝ, සල්ලි ටික තියෙන්නේ ඒ කම්පැනියේ . ඒක තමයි දෙන්න බෑ කියන්නේ. මේ වන්ඩිය ගැන හිටපු දේශපාලුවන් කියපුව මතක නැද්ද? දැන්වත් මොනවාහරි ඉගෙන ගන්න, මෝඩකම ප්‍රදර්ශනය කරනේ නැතුව.

:       1       0

sam Wednesday, 24 September 2025 01:21 PM

බිග් කෙෂ්චන්?

:       4       25

Nimal Wednesday, 24 September 2025 02:06 PM

රටකට සල්ලි නැතිවුණාම බලය නෑ.. බලය නැති වුණාම ඔහොම වෙන්න පුළුවන්... කොහේ වුණත් එහෙමයි.

:       2       13

de silva Wednesday, 24 September 2025 02:10 PM

මේවට වග කියන්න ඕනේ රත්‍රන් හොරා ඇතුළු නිලධාරියෝ අත්අඩංගුවට අරන් චෝදනා ගොනු කරන්න ප්‍රමාද මොකද?

:       2       18

කෝරලගේ Wednesday, 24 September 2025 03:11 PM

සහතික ඇත්ත.ගිනිගත් නැව අපේ මුහුදු සිමාවට එනවා රත්තරන් දුරේක්ෂයකින් බල බල හිනාවෙවි හිටියා.එතකොට රත්තරං තමයි වරාය සහ නාවික කටයුතු ඇමති.මේ මහා මුහුදු සහ පරිසරයට වෙච්චි විනාසය ඉල්ලන් කාපු මහා බරපතල පාරිසරික අපරාධයක්. මාලිමා ආණ්ඩුව මේ තරම් හරි වන්දියක් ගත්ත එක කොච්චර දෙයක්ද.

:       4       13

අජන්ත Wednesday, 24 September 2025 03:55 PM

මෙතෙක් ලැබුණ සියලු වන්දි ගන්න පුළුවන් වුනේ පහුගිය ආණ්ඩුවට විතරයි. මාලිමා ආණ්ඩුවට එක ඩොලරයක් ගන්න බැරිවුණා. වංචාවක් වෙලා තියෙනවා නම් ඒකට වගකිවයුත්තෙක් අල්ලගන්නත් බැරිවුණා. සමහරවිට යටින් ඩීල් එකක් දාලා ඇති.

:       10       10

ආලපාල Thursday, 25 September 2025 05:40 AM

1. ඕකට ගෑවිච්ච lawyer ගෑනුකෙනෙක් හිටියේ නැව නිදහස් කරන එක ප්‍රශ්නයක් නැහැ අපිට වන්දි හම්බවෙනවා කියපු. අන්න එයාව අල්ලලා ජීවිත කාලයම හිරේට දාන්න ඕනේ. 2. ඒ නැවු සමගමේ ලංකාවේ නියෝජිතයන් සියලු දෙනාම ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ. එතකොට ඒ නැව් සමගමට වගේ අපිටත් ලෝකෙට කියන්න පුලුවන් අපේ මුහුදේ ඒවගේ හානියක් කරලා ඒවට වන්දි ගෙව්වේ නැත්නම් ලංකාව විදිහට අපි කරන්නේ මෙහෙමයි කියන්න. 3.නැවේ captainව ජීවිතකාලයම හිරේ දාන්න ඕනේ අයෙත් කිසිම කෙනෙක් ඔය වගේ සමගම් වලට වැඩ නොකරන්න. 4. ඔකෙන් සත 5ක් වත් සල්ලි ගත්ත අයව හිරෙ දාලා ඒ අයගේ සියලුම වත්කම් රාජසන්තක කලයුතුයි ඒවායේ වටිනකම බලන්නේ නැතුව.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site