
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු තිරයේදී ගිනිබත් වීම හේතුවෙන් සමුද්‍රිය පරිසර පද්ධතියට හා ආර්ථිකයට සිදුවූ හානිය වෙනුවෙන් එම නෞකාව අයත් එක්ස්ප‍්‍රස් ෆීඩර්ස් සමාගමට වසරක් තුළ ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ක මූලික වන්දි මුදල එම සමාගම නොගෙවන බව එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ෂ්මුවෙල් යොස්කොවිට්ස් ඒ.එෆ්.පී පුවත් සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ප‍්‍රකාශ කර තිබිණි.
එවැනි වන්දි මුදලක් ගෙවීමෙන් ගෝලීය භාණ්ඩ ප‍්‍රවාහන නෞකා ක්ෂේත‍්‍රයට පුළුල් පරාසයක බලපෑම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් එවැනි වන්දී මුදලක් ගෙවීමෙන් සිය සමාගම නරක පූර්වාදර්ශයක් සපයනු ඇති බව විශ්වාස කරන බවත් එහිදී යොස්කොවිට්ස් පැවැසුවේය.
සමුද්‍රීය වෙළෙඳාම, වගකීම් සීමා කිරීම මත පදනම් වී තිබෙන බවත් ශ්‍රේෂ්ධිකරණ නඩු තීන්දුවෙන් එම පදනම යටපත් වන බවත් ඔහු එහිදී ප‍්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් එක්ස්ප‍්‍රස් ෆීඩර්ස් සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල නොගෙවන බවද ඔහු පැවැසුවේය.
නියෝගය සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම ගෙවීමක් අනාගතයේදී සමුද්‍රීය සිදුවීම් විසඳා ගන්නා ආකාරය පිළිබඳව නරක පූර්වාදර්ශයක් සපයනු ඇතැයිද ඔහු ප‍්‍රකාශ කළේය.
වගකීම් සීමාකිරීමක් නොතිබුණහොත් එහිදී ඉහළ රක්ෂණ වාරික ගෙවීමට භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවලට සිදුවනු ඇති බවත් අවසානයේදී එම බරද පාරිභෝගිකයා මත පැටවෙනු ඇති බවත් යොස්කොවිට්ස් පැවැසුවේය. කෙසේ නමුත් සිදුවීම සම්බන්ධයෙන් තමන් නැවත වරක් සමාව ඉල්ලා සිටින බවත් සිදුවීම හේතුවෙන් ඇතිවූ ව්‍යසනයේ බරපතළකම එක්ස්ප‍්‍රස් ෆීඩර්ස් සමාගම දන්නා බවත් ඔහු ප‍්‍රකාශ කළේය. හැකිතාක් එය නිවැරදි කිරීමට සමාගම උත්සාහ කරන බවද ඔහු පැවැසුවේය.
සුන්බුන් ඉවත් කිරීමට, මුහුදු පතුළ සහ වෙරළ තීරයන් පිරිසිදු කිරීමට මෙන්ම බලපෑමට ලක් වූ ධීවරයින්ට වන්දි ගෙවීමට එක්ස්ප‍්‍රස් ෆීඩර්ස් සමාගම දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක මුදලක් වැයකර තිබෙන බවද ඔහු ප‍්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සල්ලි රාජපක්ෂ අයිස් කම්පැණි එකේ අය ගත්තා.
බිග් කෙෂ්චන්?
රටකට සල්ලි නැතිවුණාම බලය නෑ.. බලය නැති වුණාම ඔහොම වෙන්න පුළුවන්... කොහේ වුණත් එහෙමයි.
මේවට වග කියන්න ඕනේ රත්‍රන් හොරා ඇතුළු නිලධාරියෝ අත්අඩංගුවට අරන් චෝදනා ගොනු කරන්න ප්‍රමාද මොකද?
1. ඕකට ගෑවිච්ච lawyer ගෑනුකෙනෙක් හිටියේ නැව නිදහස් කරන එක ප්‍රශ්නයක් නැහැ අපිට වන්දි හම්බවෙනවා කියපු. අන්න එයාව අල්ලලා ජීවිත කාලයම හිරේට දාන්න ඕනේ. 2. ඒ නැවු සමගමේ ලංකාවේ නියෝජිතයන් සියලු දෙනාම ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ. එතකොට ඒ නැව් සමගමට වගේ අපිටත් ලෝකෙට කියන්න පුලුවන් අපේ මුහුදේ ඒවගේ හානියක් කරලා ඒවට වන්දි ගෙව්වේ නැත්නම් ලංකාව විදිහට අපි කරන්නේ මෙහෙමයි කියන්න. 3.නැවේ captainව ජීවිතකාලයම හිරේ දාන්න ඕනේ අයෙත් කිසිම කෙනෙක් ඔය වගේ සමගම් වලට වැඩ නොකරන්න. 4. ඔකෙන් සත 5ක් වත් සල්ලි ගත්ත අයව හිරෙ දාලා ඒ අයගේ සියලුම වත්කම් රාජසන්තක කලයුතුයි ඒවායේ වටිනකම බලන්නේ නැතුව.