
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිට ඉන්දියාවේ දිල්ලි නගරය බලා පියාසර කළ කාම් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක රෝද සම්බන්ධ වන කුඩා කුටියේ සැඟවී 13 හැවිරිදි ඇෆ්ගනිස්තාන පිරිමි දරුවකු ඉන්දියාව බලා පැමිණි පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
එම පිරිමි දරුවා ඇෆ්ගනිස්තානයේ කුන්ඩුස් නගරයේ වාසය කරන අයකු බවත් දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථයේ ඔබමොබ යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසිය ඔහුව සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඇතිවූ කුතුහලය හේතුවෙන් ගුවන් යානයේ රෝදය සම්බන්ධ වන ස්ථානයේ තමන් සැඟවුණු බව ගුවන් තොටුපොළ බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය. එක අවස්ථාවක යානය අඩි 36,000 ක් උඩින් පියාසර කර ඇතත් පිරිමි දරුවට කිසිම අනතුරක් සිදුනොවී ඇති බවත් පැය එකයි විනාඩි තිහක කාලයක් එම දරුවා යානයේ සැඟව සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇෆ්ගන් දරුවා ගුවන් යානා රෝදයේ සැඟවි දිල්ලියට එයි
මැක්ස් Wednesday, 24 September 2025 09:20 AM
දකුණු ආසියානු රටවල් සමඟ කෙසේ වෙතත් ස්කැන්ඩිනේවියානු රටවල් හා සසඳමින් ශ්‍රී ලංකාව තුට්ටු දෙකට දාන කට්ටියටත් රට පනින්න අත්හදා බලන්න පුලුවන් ඒ ක්‍රමේට. ඒ පිරිස ඉතා වැඩි දෙනෙක් මාලිමා සපෝටර්ලා නිසා තව ටිකක් ඉවසලා ඉන්න හැබැයි.
ගුණරත්නWednesday, 24 September 2025 11:42 AM
ඒ කොල්ලා ඇෆ්ඝනිස්තානයේ කර්කශ කටුක සීතලට පුරුදු නිසාත් උස් බිම්වල අඩු ඔක්සිජන් මට්ටමක ජීවත් වෙලා හුරුවීම නිසාත්, ගමන කෙටි වීම නිසාත් බේරුනා වෙන්න පුළුවන්, නමුත් ඉතා ඉහල අහසේ ගමන් කරනවිට තද සීතලත් ඔක්සිජන් හිඟ වායුගොලයත් නිසා ඔය වැඩේ ඉතාම අනතුරු දායකයි. ඔය වැඩේ කල මිනිසුන් මියගිහින් අයිස්කුට්ටියක් වෙලා ගුවන්තොටුපොළ ආසන්නයේ පොලවට පතිතවුණු සිදුවීම් යුරෝපා රටවලින් අහන්න ලැබිලා තිබෙනවා. ඒ වගේම රෝදය හකුලන හයිඩ්රෝලික් පද්ධතියට අසුවෙලා මිය යන්න පුළුවන්. අර කුඩා දරුවෙක් නිසා පොඩි ඉඩක යන්න පුළුවන් වුනාට වැඩිහිටියෙක් නම් චප්ප වෙනවා. එක නිසා ඔය අදහස තියෙන අය ඉන්නවා නම් දෙපාරක් සිතා බලන්න.
MindZap Wednesday, 24 September 2025 09:48 AM
මේ සමහර මිනිස්සුන්ට තියෙන්නේ මහා පුදුම මේනියාවක්. පිස්සුවක්. රටේ හරි ලෝකේ මොන දිල්ලියේ හරි මොකක් හරි අන්ජබජලයක් උනොත් ඒක මේ කොහෙවත් තියෙන මාලිමා රජයට පටලවන්න හදනවා. එකෙන්ම තේරෙනවා මේ මිනිස්සු කොයි තරම් තමන්ගේ වාසියට විතරක් නිකම් බත් බැල වහල්ලු වගේ දනින් වැටීගෙන එහෙයි කියාගෙන හිටපු කට්ටියක්ද කියලා. කවදාවත් බුද්ධිමත් මිනිස්සු මේ බාලයන්ගේ විකාර වලට ආයේ නම් අහුවෙන්නේ නැහැ.