IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කාටත් නිදහස් ජීවත ගෙවන්න ප්‍රතිපත්ති හදනවා

(අංජුල මහික වීරරත්න)

සෑම ප්‍රජාවකටම සංස්කෘතික-පෞද්ගලික සහ දේශපාලනික ජීවිත කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි  ප්‍රතිපත්ති සැලසුම් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පැවසුවාය. 

"සංඥා භාෂා අයිතිය නොමැති නම් මානව අයිතිවාසිකම් අහිමිය යන්න"  තේමා කර ගනිමින් බත්තරමුල්ල සුහුරුපායේ අද (23) පැවති ජාතික සංඥා භාෂා දින සැමරුම් උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය  මේ බව සඳහන් කළාය. 

"එක්ව අත් නොහැර සැම අතින්ම සමානාත්මතාවයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. සංඥා භාෂාව අප සියලු දෙනා උගෙන ගැනීමෙන්   එම ප්‍රජාවටද වෙනසකින් තොරව ජීවත්විය හැකි පරිසරයක් ගොඩ නැගෙනවා.  එවැනි පරිසරයක් තුළ මානව අයිතිවාසිකම් සුරකෙන සමාජයක් ගොඩනැගිය හැකි බව රජය විශ්වාස කරනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ,පාර්ලිමේන්තු මන්ත්‍රී  සුගත් වසන්ත ද සිල්වා මහත්වරුද මීට සහභාගී වූහ.



අදහස් (0)

කාටත් නිදහස් ජීවත ගෙවන්න ප්‍රතිපත්ති හදනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site