IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමැති වසන්ත - කතානායක රට සල්ලි හොයපු විදිය රටට කියන්න

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ලබාගෙන ඇති ක්‍රිප්ටෝ මුදල් 3000 සහ  කතානායක වෛද්‍ය ජගක වික්‍රමරත්න මහතාගේ  බයිනෑන්ස් ගිණුමේ  ඇති යූඑස්ඩීටී   1850 ලබා ගත්තේ කෙසේදැයි  මැතිසබයට හෙළි කරන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (24)  පැවසීය

මේ අනුව ආචාර ධර්ම පද්ධතිය සහ වරප්‍රසාද පනත උල්ලංඝනය  වන සේ මෙම අය  ක්‍රියාකර අැත් නම්  නම්  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන  කොමිෂන් සභාවෙන්    හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්  ඒ පිළිබඳව වහාම සොයා බැලීමක් කර  එ් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට  විරුද්ධව  නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද  ඔහු සඳහන් කළේය.

නීතිඥ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.

ලංකාවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවියේ පළ කිරීමෙන්  විශාල සමාජ  මතයක් ගොඩනැගී ඇත. අප  සමස්ත  මහජන මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි.  වත්මන් රජයට බලය ලබාදීමට මූලික හේතුවක් බවට  පත් වූ දේශපාලකයින්  රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිතා කිරීම සහ අයුතු ධනවත්වීම යන කරුණු මත ගෙන ගිය මහජන ව්‍යාපාරයේ අපේක්ෂාවන් අදවන විට දැඩි සේ කඩා බිඳ දමා ඇත.

එබැවින් ආණ්ඩුවේ කිසිවෙකුට ජනතාවගේ එකී බලාපොරොත්තුව කුමන හෝ  ආකාරයකින් කඩ කිරීමට කිසිදු අයිතිවාසිකමක් නැත. තමන්ට ලැබෙන වැටුප් නොගෙන ස්වෙච්ඡාවෙන් ජනතාවට සේවය කරන බවටත් ජනතාවගේ බදු මුදල් වංචා නොකරන බවටත්, අයුතු ලෙස ධනය ඒකරායි නොකරන  බවටත් වත්මන් රජයේ  සෑම මන්ත්‍රී වරයෙකුම සෑම විටම ප්‍රකාශ කළ ආකාරයට එ්  අවංකභාවය   ඔප්පු කිරීමේ වාරය  ඔවුන්ට පැමිණ ඇති බවද  සඳහන් කරමි.



අදහස් (13)

ඇමැති වසන්ත - කතානායක රට සල්ලි හොයපු විදිය රටට කියන්න

shyam Wednesday, 24 September 2025 12:25 PM

ප්‍රභූ...

:       6       33

ලූට මූස්Wednesday, 24 September 2025 09:55 PM

ආයෙත් අහලා…, මේ අර රෝයල් එකට ගිහිං “ඩිස්කේ අම්මට ඩිස්කේ” කියල කිච වෙච්චි උන්දැනේ.

:       0       0

මැක්ස් Wednesday, 24 September 2025 12:54 PM

තම දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීමේ කුරිරු ඉතිහාසයකට හිමිකම් කියන ජවිපෙ නඩේ පසුගිය කාලයට පුරා රටේ ප්‍රචලිත කළේ ඔවුන් හැර අන් සියල්ල හොරු බවයි. දැන් දැන් හෙළිවන කරුණු අනුව ඒ හොරු පරයා ජවිපෙ කම්බ හොරු කැපී පෙනෙයි. මාලිමාණ්ඩුවේ සුජාත භාවය යනු කාගෙදෝ කන්‍යාභාවය වැනි යැයි සෝදන බලකාය හැර රටම දනී. රටටම බොරු කියා, රවටා, ජනතාව අන්දවා බලය කොල්ල කා ගත් මේ පාපතර බේගල් ආණ්ඩුව දැන් ජාම බේරා ගන්නේ අපි යන්නේ කාල් මාක්ස් ගිය පාරේ යන සටන් පාඨය පැත්තකට දමා අපි යන්නේ රනිල් මහතා ගිය පාරේ ලෙස කටයුතු කරන නිසායි. නමුත් දවසින් දවස, පැයෙන් පැය රටට ඔවුන් පෙන්වන්නේ බැරි බැරියාව පමණමයි...

:       74       44

ලයන්Wednesday, 24 September 2025 07:02 PM

ඔබලාට කල හැකි හොදම දෙය වන්නෙ , මෙම චෝදනා සාක්ෂි සහිතව අදිකරනයට ඉදිරිපත් කොට නඩු පැවරිමය. අතන මෙතන කෑගැසීමෙන් වන්නෙ කාලය කා දැමීම පමනි

:       0       0

Rata PerataThursday, 25 September 2025 11:39 AM

ඇයි මෙච්චරකල් හොරා කාපු අනිත් උන් පෙනුනේ නැද්ද? රාජපක්ෂලාගේවත්කම් ගැන මොකූත් කිව්වේ නැත්තේ ඇයි?

:       0       3

දලුවගෙදර Wednesday, 24 September 2025 12:55 PM

පටන් ගනිමු ජනාධිපති අරමුදලෙන් හොරාකාපු නඩයෙන්!

:       20       68

ඒ.එම්.ඒ. කුමාර Wednesday, 24 September 2025 01:18 PM

දයාසිරි මුලින්ම USDT කියන්නේ මොනවාද, ඒවා ලබාගන්න පුළුවන් කොහොමද කියන එක ඉගෙනගත්තොත් හොඳයි. අන්තර්ජාලයෙන් මුදල් හොයන තරුණයෙකු ගෙන් ඇහුවානම් ඔහුට USDT ගැන කියලා දෙයි.

:       24       57

ගුණරත්නWednesday, 24 September 2025 03:21 PM

ඒවා ගැන දැනුම නොවේ. කුමාර මහත්තයා මෙතැන ප්‍රශ්නේ. ලංකාවේ ක්රිප්ටෝකරන්සි ගනුදෙනු තහනම්. ඉතින් ඩොලර් සංචිත හිඟ කාලෙක අමෙරිකානු ඩොලර් ගෙවලා ක්රිප්ටෝකරන්සි ගත් එකත් වැරැදියි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා සහ වගකිවයුතු දේශපාලනඥයින් විදියට ඩොලර් හිඟ කාලෙක කටයුතු කළ හැටි වැරැදියි. ඕක තේරුම් ගන්න.

:       0       0

සිල්වා Wednesday, 24 September 2025 01:36 PM

අවස්ථාවාදය දෙපැත්ත කැපෙන පිහියක්. අවස්ථාවාදී ලෙස දේශපාලන වාසියට වේදිකාවල කල කතාවලට දැන් ඵලවිපාක ලැබෙන කාලය පටන්ගෙන ඇත.

:       14       40

ප්‍රියන්ත Wednesday, 24 September 2025 02:31 PM

ඔතන බොරුවට කයිය ගහන්නේ නැතුව, දානවකෝ නඩු...

:       12       39

Ruwan R Wednesday, 24 September 2025 02:37 PM

අහෝ .....සිරි, ක්‍රිප්ටෝ මුදල් 3000 රුපියල් වලින් කීයද කියලා කියනවද? ක්‍රිප්ටෝ මුදල් යනු මුදල් ඒ්කකයක් නොවන බවවත් නොදන්නා තමුන් කාවද මේ රවට්ටන්නේ?

:       9       33

කපුරුහාමි Wednesday, 24 September 2025 02:48 PM

මහා ලොකු ප්‍රබූවරයෙක් කියලා හිතාගෙන ඉන්න, එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු ,රිලාසිරියා ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා.

:       11       34

පුරවැසියා Thursday, 25 September 2025 10:12 AM

තමුන් නීතීඥයෙක් නේද. ගිහින් දාන්නකෝ නඩුවක්. එතකොට අපිට පුළුවන් මේගොල්ලොටත් ගහලා එලවා දාන්න. හැබැයි අර ජනාධිපති අරමුදලෙන් ගත්ත සල්ලි ටික දීලා ඉන්න ඔක්කොටම ඉස්සරවෙලා. මරු කියවන්නේ නැතිව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site