
(ජේ.කේ.එල්. චාමින්ද)
ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සදහා ඉකුත් වසරේ (2024) රුපියල් 80,154,422ක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වැයකොට ඇති බව අනාවරණය වි ඇත.
මෙම ජනාධිපති මන්දිරවල ආරක්ෂක අංශ නිලධාරින් 392ක්, සිවිල් සේවකයින් 16 දෙනෙකු සේවයේ යෙදි තිබුණි. සිවිල් සේවකයින් 16 දෙනෙකු සදහා වැටුප් හා දිමනා ගෙවිම සදහා ඉකුත් වර්ෂයේ (2024) දි රුපියල් 13,741,080 වැයකොට තිබුණි.
ජනාධිපති ලේකම් කාර්යාල සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියො ඕක මොකක්ද, යෝග, ගුණරත්න, මැක්ස් ඇතුළු ලොන්ඩරි කාරයන්ගෙ pocket money වලින් ගෙවන්න පුළුවන්නෙ.
රටක ජනාධිපතිවරු ඉන්නවා නම් නිල නිවාස සහ නඩත්තු කටයුතු විය යුතුනේ. මොනවද මේ මෝඩ කතා භැමදාම? පත්වූ ජනාධිපතිවරු ලොකු වරදක් කරලා වගේ නේ කතාව. නැත්නම් පත්කල ජනතාවගේ වරදක්ද? කොන්ටේනර් පිටින් අයිස් ආනයනය කරන වර්ථමාන පාලකයන් පත්කර ගැනීමේදී නම් ජනතාව අතින් ලොකු වරදක් වී ඇති බවයි පේන්නේ
හිටපු අයට ඔය සැප මතක් වෙනව ඇති. ඒකනෙ වල පයයි ගොඩ පයයි තියා ගෙනත් ආපහු එන්න දගලන්නෙ.
කරුණාකර ඔය මැදුරු ටික විකුණලා දමන්න නැතිනම් ඩෝසර් කරලා දමන්න ඕවා තියාගෙන හිටියොත් නඩත්තුවට වියදම් වන මුදල ඉතා විශාලය