
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දැන් හාල්මැස්සො නොව තෝරු මෝරු අහුවෙන කාලය බවමහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දූෂණයට විරුද්ධ වීම භයානක බවත් දූෂණයට විරුද්ධ නොවී සිටීම ඊට වඩා භයානක බවත් අනුර දිසානායක ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අමතමින් ප්‍රකාශ කළා.එය අප නැවත අවධාරණය කළ යුතුයි.අපි දේශපාලන පලි ගැනීම් කරනවා යැයි චෝදනා කරනවා.නමුත් ඇත්ත ඒක නෙමෙයි.මත්තල ගුවන් තොටුපොලේ මගින් පර්යන්තය එක ආණ්ඩුවක් නෙළුම් පොහොට්ටුවක හැඩයකට හදන්න තීරණය කළාම ඊට පස්සේ ආණ්ඩුව ඒක අරලිය පෙත්තක හැඩයකට වෙනස් කරන්න තීරණය කරලා. ඒවට මිල ගෙවන්නෙ කවුද? මේ රටේ ජනතාවගේ සල්ලි.මිනිස්සු පාරට ඇදගෙන වැටුනේ මේ දේවල් නිසා. කෝප් එකට උත්තර බඳින්න ඕන අය කලින් ආණ්ඩු වල කෝප් එකේ තනතුරු වල වාඩි වෙලා හිටියා.දැන් හාල්මැස්සො නෙමෙයි තෝරු මෝරු අහුවෙනවා.ඒකට අදාල වැඩපිළිවෙලා ඉතා සාර්ථකව අප කරගෙන යනවා යනුවෙන්ද මනුවර්ණ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ ලොකුම මෝරෙක් ඉන්නවා... නීතියේ දැල් දාලා අල්ලන්න බැහැ. තව ඉන්නවා මෝරු, තමන්ගේ වත්කම් ප්‍රකාශ නොදුන්නු අය, ඒ පිරිසට නියෝජ්‍ය කතානායකත්, තව ඇමැති, නියෝජ්‍ය ඇමැති 11 දෙනෙක් ඉන්නවා. පොඩි මෝරු 31 දෙනෙක් වත්කම් ප්‍රකාශ දීලා නැහැ...
මට අදහස් ලියන්නවත් ඕන නැති වැඩකට නැති චරිත
Gunarathna කුඩු කාරයින්ට කඩේ යන්න එපා බන්
ඔය අලුත් කෝටිපතියන් ගේ වත්කම්ද ?හිඟකමනෙන් සිනමන් ගිය ඈයෝ ගැන වෙන්ටැති මයේ හිතේ .
මාලිමා තෝරු මෝරු වතුර රත්වෙනකම් රඟනවා. දැන් තමුන් පදිංචි රිලා දූපතේද? රිලව් ගනින්න ගත්ත සල්ලි කෝ?
මොහාන් මහත්තයා මට කියා තිබෙනවා කුඩු ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්න කියලා. ඒත් මම කොතැනකද එහෙම පෙනී හිටියේ කියලා දැනගන්න කැමැතියි. මම කියා තිබෙන්නේ උසස් තනතුරු දරන්නන් වන මැති ඇමැතිවරුන් හිතාමතා තමන්ගේ වත්කම් එළිදරව් නොකිරීම වංචාවකට අර අර ඇඳීමක් වෙන්න පුළුවන් කියයි. ඇයි වත්කම් හංගන්නේ? මොකක් හරි සැක කටයුතු මාර්ගයකින් වත්කම් උපයාගෙන තිබෙනවාද? තවත් දෙයක් නම් මේ නීති ගෙන ආවෙත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මගින් තමයි. නැතිව ජවිපෙ කරන ලද ප්‍රතිසංස්කරණ හෝ නීති නොවෙයි.
බොරුවට අන්දලා... ලැම්බො ගිනියක් ඉල්ලලා මාලිමා වහල්ලු ටික රැවැට්ටුවට අපිනම් අහුවෙන්නේ නෑ.
ගුණරත්න, වත්කම් හෙළි නොකරන අයට එරෙහිව නීතියට යන්න. ඒ අවුරුදු 70ක් රට කාපු හොරු..., කුඩු කාරයෝ, බැංකු මංකොල්ල කාපු... අයට කඩේ යන්නේ... ලැජ්ජා වෙන්න මනුස්සයෙක් හැටියට.
තෝරූ මෝරු විතර ද? රිලව්, දඩු ලේන්නු එහෙම අහුවුනේ නැද්ද?
මෙලෝ රහක් නැහැ...
ගංජා පප්පා, නුවරින් පත් වුණා කියන්නත් ලැජ්ජයි...