IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැඩිමිලට බෙහෙත් වික්ක රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ඇප

 

(මනෝප්‍රිය ගුණසේකර)

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කර සිටි නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් හත්දෙනෙකු ඇප මත මුදාහැරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් ශර්මිලා සහබ්දීන් මහත්මිය නඩුව යළි කැඳවන නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අද  (26) වැනිදා නියම කළාය.

නඩුවට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අධිකරණය කිහිප වරක්ම නොතිසි නිකුත් කර තිබුණත් වසර 1 1/2කට අධික කාලයක් තිස්සේ උසාවියේ පෙනී නොසිටි අදාළ අධ්‍යක්‍ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය පෙරේදා (25) වරෙන්තු නිකුත් කිරීමට පසු දිනය වු ඊයේ (26) දිනයේදීම විත්තිකාර අධක්‍ෂවරුන් හත්දෙනෙකුම අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ඔවුන්ට ඇප නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරිය විත්තිකරුවන්ට එරෙහිව නිකුත් කර තිබු වරෙන්තු ආපසු කැඳවීමටද නියම කළාය.

උසාවියට බාරවීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා ඇප මත මෙලෙස මුදාහරින ලද්දේ නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන අශෝක පතිරගේ. මංජුල කරුණාරත්න. සුදර්ශන් අහංගම. හැරිස් ප්‍රේමරත්න. සිවකුමාර් සෙල්ලයියා. හර්ෂ කුමාර් කයිමාල් සහ අජිත් කරුණාරත්න නමැත්තන්ටය”



අදහස් (4)

වැඩිමිලට බෙහෙත් වික්ක රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ඇප

මහසෙන් Friday, 26 September 2025 12:48 PM

නමක් නැති පුද්ගලික රෝහලක් ද?

:       1       12

නුවන් Friday, 26 September 2025 12:53 PM

ඇයි ආසිරි කියලා නම කියැවෙන්නේ නැද්ද?

:       1       19

ThusharaFriday, 26 September 2025 02:35 PM

ඔන්න ඕක තමයි ප්‍රශ්නේ... ලොකු සමාගමක් නම් නම කියවෙන්නේ නෑ. ගමේ සිරිපාලගේ නම් නම බෝල්ඩ් කරලා දානවා. මේවාත් හැදෙන්න ඕනෙ අප්පා...

:       0       10

Perera Saturday, 27 September 2025 01:20 AM

බොහොම සරලයි. රෝහලේ නම නොකියන මාධ්‍යවලට එම රෝහල්වලින් වෙළෙද දැන්වීම් අනුග්‍රහයෙන් ලැබෙනවා. එම නිසා තමයි නම එළි නොකරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site