
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මේ අවුරුද්දේ ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 24 ක් පාවිච්චි කර තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"2018 වසරේදී සංචාරකයන් ලක්ෂ 23 ක් විතර රටට එනවා.සාමාන්‍යයෙන් සංචාරකයන් දවසකට ඩොලර් 172 ක් විතර වියදම් කරනවා.අපේ මුදල් ප්‍රමාණය වැඩි කර ගත යුතුයි.ඊයේ වනවිට දාසය ලක්ෂ හැත්තෑදාහකට වඩා සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබෙනවා.මෙය සියයට විස්සක පමණ වැඩිවීමක්.මේ වන විට ඩොලර් බිලියන 2.3ක සංචාරක ආදායමක් ලැබී තිබෙනවා.සංචාරකයන් සියයට 24 ක් පාවිච්චි කරලා තියෙන්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින්.සුරාබදු ආදායමෙන් ඉලක්ක ගත ආදායමට වඩා රුපියල් බිලියන 12ක් පමණ වැඩිපුර ලැබී තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒදවස්වල රෝමයෙනුත් පසුව මිලානෝ ගුවන්තොටුපොලෙනුත්, ෆ්රැන්ක්ෆර්ට්, ඩස්ල්ඩෝර්ෆ්, පැරිස්, ඇම්ස්ටර්ඩෑම්, සූරිච් සහ ලංඩන් හීතෲ ගුවන්තෙටුපොලවලිනුත් මා අනේක වාරයක් එයාර් ලංකා සහ ශ්‍රීලංකන් යානයේ නැගී ලංකාවට පියඹා ඇත. හැමවිටම එය මනරම් සුන්දර ගමනක්ම විය. සොදුරු සුහද අපේ ගුවන් උපස්ථාදායක ළදුන්ගේ සේවාව ඉතාමත්ම අනර්ඝය, ආකර්ශනීයය. අපේ ගුවන්යානයකට නැගුනු විගසම අප අපේ රටට පාතැබුවා සේ අපට දැනෙන්නට ඉඩ හැරීමම ඔවුන්ගේ දක්ෂතාවයය.
සංචාරකයෝ ගිය වසරට වඩා ආවා කිව්වත් ප්රවෘත්තියක මම දැක්කා ආදායම බැහැලා කියලා. ඉතින් ගිණුම් වාර්තා හදනකොට බැලන්ස් එක ඍණ. අන්තිමේ පාඩුයි...
පැරිස් සහ කොළඹ අතර (මා හිතන විදියට) පියාසර කරන එකම සෘජු ගුවන් සේවය වන " ශ්‍රී ලංකන් " සමග මා අනෙක වාරයක් "ගම් බිම්" බලා ගියෙමි. ලංකාදීපය හො වෙනත් සිංහල පුවත්පතක් කියවමින්, ලුණු මිරිස් සම්බොල සමග කිරිබත් කැබැල්ලක රස බලමින් යන එම ගමන අතිශයින් ශ්‍රී ලංකාව කිට්ටු කරන්නක්ය ... එහෙම වුනත් අප සමාගම සමග ශ්‍රී ලංකාවට යන විදෙස් සංචාරකයන් ප්‍රමාණය ඉතාම කුඩාය...සුළු සොච්චමකි. මෙම සංචාරකයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් සියයට 80 ක් වත් දක්වා ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම සහ ශ්‍රී ලංකාවේ සංචාරක ආයතන විශාල කාර්ය භාරයක් කිරීමට කාලය එළඹ තිබේ ...
ප්‍රශ්නෙකට තිබෙන්නේ කොච්චර සංචාරකයෝ ආවත් හැමදාම ශ්‍රී ලන්කන් ගුවන් සමගම පාඩු ලබන එක ? අපේ සහල් , සිනි , පරිප්පු වලට ගහන බද්දෙන් මේවගේ දේවල් නඩත්තු කරන එක හරිම අසාධාරණයක්, මම ජිවිතේට රට ගිහින් නැහැ... මගේ බදු සල්ලි මේ වගේ විකාර වලට වියදම් කරනවාට මම කැමැති නැහැ. සමහරු මට කුහකයෙක් කියාවි නමුත්, මම කියන්නේ ඇත්ත... හැමෝම මොහොතක් හිතන්න. අපේ පොදු ප්‍රවාහන සේවය අවුල්... පොදු ප්‍රවාහන සේවය නඩත්තු නොකර මේ ගුවන් සේවයේ පාඩු පියවන එක සාධාරණද?