
(කාංචන කුමාර ආරියදාස)
කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල්ල රිදිඇල්ල ප්‍රදේශයේදී වන අලියකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළීම නිසා කුකුලන් විශාල ප්‍රමාණයක පාරේ තැන්තැන්වල මියගොස් ඇතැයි වනජිවිය කියයි.
අනතුරින එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
දඹුල්ල දෙස සිට බකමූණ දෙසට ලොරිය ධාවනය වෙද්දී වන අලියකු මාර්ගය හරහා මාරුවෙද්දී මෙම අනතුර සිදුවූ බව ලොරි රථයේ ගමන් කරමින් සිටි සේවකයෙක් සඳහන් කළේය
වන අලියාගේ ගැටීමත් සමඟම රථය පෙරළී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය බවත් ඔහු සඳහන් කළේය. අනතුරත් සමග කුකුලන් විශාල ප්‍රමායක් මියගොස් සිටින අයුරු දැක ගැනීමට හැකි විය . තවත් පණපිටින් සිටි කුකුළන් පාර පුරා වැටී තිබෙන අයුරුද දැකගැනීමට හැකි විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් නාමල්ගේ වැඩක් බිමල් සහෝදරයා.අනිවාර්යෙන්ම පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී කෙනෙකුට අයිති කන්ටේනර ඵකක් හදුන්නෙත්තියෝ.රාජපක්ෂ පවුලේ කවුරුහරි කුකුල් ගොවියෙක් වෙන්න ඇති ඕවා ගෙනිච්චේ මහින්ද ජයසිංහයෝ.හොයන්න හොයන්න දෙමු දෙමු වැඩක් සෙට් කරලා ශානිට ගොතලා නාමල් හිරේ දාන්න.
අලියට මොකද උනේ කියාපල්ලා
අලිය වැලේ වැල් නැතිව ඉන්නවා ලුම්බිණි, පුටුවත් කැඩිලා, සීනුවත් වැටිලා.
මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කරන මෝඩ රියදුරන්