
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්ෂණය කරන්නට ගොස් තිබේ.
පාර්ලිමේන්තු කුස්සිය අපිරිසිදු වී ඇති බවත් මීයන් ගැවසෙන බවත් කථානායකවරයා කළ ප්‍රකාශය පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්ෂණය කළ බව අමිල ප්‍රසාද් මහතා කීය.
එහි ගබඩා කාමර වීදුරු සහ දැල් යොදා සකස් කර ඇති අතර, කාර්ය මණ්ඩලය පිරිසිදුභාවය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත් කථානායකවරයා කියන ආකාරයේ අපිරිසිදුවක් නැති බවත් අමිල ප්‍රසාද් මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මුළුතැන් ගේ උඳුන් 7න් 6ක් අක්‍රීය වන අතර, උපකරණ අබලන්ව පවතින්නේ යැයි ද ශීතාගාරය අලුත්වැඩියා කළ යුතු තත්ත්වයක ඇතැයි ද අමිල ප්‍රසාද් මහතා සිය නිරීක්ෂණයෙන් පසුව සඳහන් කරයි.
එහි පිටාර පංකා (Exhaust Fans) අක්‍රීය වී තිබීම, ටයිල් පළුඳු වී තිබීම සහ නාන කාමර ද අබලන් තත්ත්වයේ පවතින බව ද නිරීක්ෂණ වූ බව මන්ත්‍රීවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොටෝ ගන්න ආරංචියට මීයො ටික හැංගිලා. මෙතැන මොකක්හරි කැරපොතු කුමන්ත්‍රණයක් තියෙනවා. PHI ලා එනවාට විරුද්ධ කුමන්ත්‍රණයක්...
මීයො හිටියා නම් ඉස්සරහට ඇවිත් “හායි අමිල” කියලා කියන්න එපැයි, නේද මන්ත්‍රී තුමා...
ඌරාට ඌරු කොටුව අපිරිසිදු තැනක් නොවේ.
මීයො ලැජ්ජාවට හැංගිලා. නැත්තං මෙයා එන අප්පිරියාවට හැංගුනා වෙන්නත් පුළුවන්.
පහුගිය සතියේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා නිර්දේශයන් නිකුත් කළ බව මාධ්‍ය තුළින් දැක්කා.
ෂෝ එපා මල්ලි...
මෙ මිනිහට, උත්තරීතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කුස්සිය හෙවත් මුළුතැන්ගෙය තබා කක්කුස්සියක්වත් පරීක්ෂා කිරීමට අනුමැතිය දුන්නේ කවුද ? කථානායකවරයාගෙ අවසරය ලැබුණේ නැත්නම් ඔහුගේ "පරීක්ෂණ වාර්තාව", පාර්ලිමේන්තු ටොයිලට්වල, ටොයිලට් පෙපර් හිගයක් ආවොත් පාවිච්චි කිරීමට පුළුවන් බව එයාට සිහිපත් කර දෙන්න... ජයවේවා!
වැඩේ හෙළි උනාට පස්සේ ගිහින් බැලුවට හොර වැඩ අල්ලන්න පුළුවන් ද ? ලෝකෙට පේන්න රඟපානවට වඩා සියලු දෙනා එකතු වෙලා ගැටලුවට පිළියම් සෙව්වොත් හොද නැද්ද
ජීවිත කාලයම ජරාව කාපු එවුන්ට ඕක මොකක්ද? බැරිද ඔය ජරාව කාපු එවුන්ට පොලිස් කොත්තුවක් දාල දෙන්න සෑම පාර්ලිමේන්තු දවසෙම
නොදන්නා රෙද්දවල් ගැන කතා නොකර හිටියා නම් හරි, මේවගේ මිහරක් පාර්ලිමේන්තුවට යවපු එවුන්ට අබ සරණයි!
ජෙප්පො තමයි කැරපොත්තෝ, මීයො දැන් ඔකුන් පාර්ලිමේන්තු ආවාට පස්සේ තමා ඔය සේරම...