
(අංජුල මහික වීරරත්න)
කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරය QR ක්‍රමවේදය ඔස්සේ ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙහි ආරම්භක වැඩසටහන වැලිපැන්නේ දී අද(26) සිදු කෙරිණි.
ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට කිලෝ මිලියන 400 ක් දක්වා වර්ධනය කිරීමට මෙම සහනාධාර තේ පොහොර නව ක්‍රමවේදය අනුව දීමට තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000 ක මුදලක් 2025 වර්ෂය සඳහා වෙන්කර ඇත.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ කි.ග්‍රෑම් 50 ක පොහොර මිටියක් සදහා රු. 4000 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සදහා රු. 2000 මුදලක් ද, සහනාධාර වශයෙන් ලබාදෙනු ලැබේ.
සහනාධාරලාභීන් වෙත QR කේතයක් ලබාදී රජයේ පොහොර සමාගම ඇතුලු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් මෙම අනුමත පොහොර ලබා ගත හැකි පරිදි නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.
මෙම නව ක්‍රමවේදය යටතේ පොහොර මිලදි ගැනිමට අවශ්‍ය කටයුතු ඔක්තෝබර් 1 දින සිට සියලු ප්‍රදේශ වල ක්‍රියාත්මක කරන බව රජය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඔය QR ක්‍රමය හදන්නේ ඇමැතිවරයා කෙනෙකුට QR සහතිකයක් දෙනවා ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක නම් පිරිසකට දෙන්නේ කොහොමද මෙතෙක් කාංචන QR කේත නැතුව කුඩා තේවතු සදහා පොහොර බලයලත් වෙළෙන්දා නැත්නම් තේ කම්හලේ වාහන වලින් ඉඩමට ගෙන්නා ගන්න හැකියාව තිබුණා මේ ක්‍රමයෙන් සුළු වගාකරුවන් පොහොර කඩවලට යන්නද තේ පරීක්ෂක සොයා ගොස් රස්තියාදු වෙන්නද කියන්න තමන්ගේ මූණත් තහඩුව පෙන්නන ව්‍යාපෘතිය නතරකර ගුණාත්මක බවෙන් ඉහළ පොහොර ටිකක් පෙර ලෙසම ගන්න පහසුකම් සලසන්න...
සමහර මිනිස්සු ඉන්නවා ෆෝන් තිබ්බාට නිකම් බටන් ෆෝන් එක විතරයි තියෙන්නේ, මේ කිවූආර් එක ස්කෑන් කරන්න. ඒ අය ස්මාට් ෆෝන් එකක් ගන්න ඕනෑද...?