IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තැපෑලේ කෝටි සීයක ඕටී හොරෙන් අරන්

(සුජිත් හේවාජුලිගේ)

ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නොතිබියදීත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් 28403කට නීතියට පටහැනිව රුපියල් කෝටි 65 කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙයට අමතරව දිසා ගිණුම් කාරයාල දාහතරක ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වෙලාවන් සලකා බැලීමකින් තොරව ගිය වසරේ ජුනි මාසය දක්වා රුපියල් කෝටි 37කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි පවසන එම කාර්යාලය පාලක කාර්යාලයේ සේවකයන් හත්දෙනෙකුටද ඇගිලි සලකුණු නොමැතිව රුපියල් ලක්ෂ 40කට වැඩි අතිකාල ගෙවා තිබූ බවද සඳහන් කරයි.

මේ අතර ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවි කර තිබුණද ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වෙලාවන් සලකා බැලීමකින් තොරව රාත්‍රී හත අට නමය දහය යන වේලාවල් වල රාජකාරී කළ බව සාවද්‍ය ලෙස දක්වා රුපියල් ලක්‍ෂ හැත්තෑවකට වැඩි අධිකාල දීමනා ගෙවා තිබූ බවත් එම අතිකාල දීමනා ගෙ වීම් වල නිවැරදිතාවය මේ හේතුවෙන් විගණනයට පරීක්ෂා කළ නොහැකි වූ බවත් එම වාර්තාවේ දැක්වේ.

මේ අතර සාමාන්‍ය පාර්සල් සේවාව යටතේ මිහිකත ආනයන සහ අපනයන සමාගමින් ලද පාසල් 47510ක් මෙරට පාර්සල් අංශය ඔස්සේ බෙදා හැරීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවද ලක්ෂ විසි හතරකට ආසන්න අලාභයක් සිදුව තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

 



අදහස් (17)

තැපෑලේ කෝටි සීයක ඕටී හොරෙන් අරන්

Aruna Saturday, 27 September 2025 10:21 AM

දැන්වත් මිනිස්සුන්ට තේරෙන්න ඕනේ හොරකම් කරන්නේ දේශපාලකයෝ විතරක් නෙමේ කියන එක. ඔය එක ආයතනයක්. රාජ්‍ය සේවය කුඩා කල යුතුම එකක්.

:       29       52

Jayasekara Saturday, 27 September 2025 10:34 AM

ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තිබ්බ එක පුදුමයි. මොවුන් රජයේ සේවකයෝ නොවෙයි. රට කන්න ආපු වසලයෝ...

:       10       120

රන්ජන් Saturday, 27 September 2025 11:08 AM

ජෙප්පන්ගේ යුනියන්කාරයෝ තමයි ඔය වගේ බලු වැඩ කරන්නේ. හොර වත්කම් වසන්ත උපදෙස් දෙන්න ඇති.

:       45       147

PriyanthaSunday, 28 September 2025 06:13 AM

ජවිපේ හැම යුනියන් එකකින්ම ඔහොම වංචා කරා. ඒ හොරකම් කරපු සල්ලි වලින් විශාල කොටසක් එදා ජවිපේ පක්ශ අරමුදලට ගියා. ජවිපේ නඩත්තු වුනේ ඒ හොරකම් කරපු සල්ලි වලින්. උන් ඔය කියපු ජයසාන්ත අපිට කන්න දෙනවා, සහෝදරයෝ කොන්ඩේ කපනවා, තවත් එකෙක් පස්ස හෝදනවා කිව්වේ රටේ මිනිස්සුන්ට කටක් ඇරලා කියන්න පුලුවන්ද? අපි යුනියන් වලින් ගසා කන සල්ලි වලින් ජීවත් වෙනවා කියලා. දැන් තේරෙනවානේ ජෙප්පෝ මෙච්චර පොහොසත් වුනේ කොහොමද කියන එක...

:       0       0

PriyanthaSunday, 28 September 2025 06:13 AM

ජවිපේ හැම යුනියන් එකකින්ම ඔහොම වංචා කරා. ඒ හොරකම් කරපු සල්ලි වලින් විශාල කොටසක් එදා ජවිපේ පක්ශ අරමුදලට ගියා. ජවිපේ නඩත්තු වුනේ ඒ හොරකම් කරපු සල්ලි වලින්. ඔවුන් ඔය කියපු ජයසාන්ත අපිට කන්න දෙනවා, සහෝදරයෝ කොන්ඩේ කපනවා, තවත් එකෙක් පස්ස හෝදනවා කිව්වේ රටේ මිනිස්සුන්ට කටක් ඇරලා කියන්න පුළුවන්ද? අපි යූනියන් වලින් ගසා කන සල්ලි වලින් ජීවත් වෙනවා කියලා. දැන් තේරෙනවානේ ජෙප්පෝ මෙච්චර පොහොසත් වුනේ කොහොමද කියන එක...?

:       0       0

bbc Saturday, 27 September 2025 11:41 AM

මේවා ජාතික අපරාධ. මේ රටට කෙලවෙලා තියෙන්නේ මේවාගේ හොරකම් නිසා. දේශපාලකයින්ගේ හොරකම් වලට එහා ගිය රාජ්‍ය සේවක හොරකම් නිසා රාජ්‍ය වියදම දරුණුවට ඉහළ ගිහින් තියෙන්නේ. කොච්චර බදු ගැහුවත්, මේ හොර හිල් වැහුවේ නැතිනම් රට ගොඩ යන්නේ නැහැ.

:       12       92

අපි තමයි හොඳටම කරේSunday, 28 September 2025 06:07 AM

මේ සේවකයන් 28,000කට තමයි කෝටි 37ක් ගිහින් තියෙන්නේ. එතකොට එක සේවකයෙක් මාසෙකට රුපියල් 1100ක් තමයි අරගෙන තියෙන්නේ. වැ‍රැද්ද නම් වැ‍රැද්ද තමයි. ඒත් අර එක ඇමැති කෙනෙක් කෝටි 27ක් හොයාගෙන තියෙනවා ඔය වගේ වංචා වලින්. කොහොම ගැහිල්ලක් ගහගන්න ඇත්ද? කෝච්චියේ හිඟා කකා, අනුන්ගෙන් රෙද්දත් ඉල්ලගෙන ඇඳගෙන හිටපු අය...

:       0       0

ගුණරත්න Saturday, 27 September 2025 12:04 PM

මම හිතුවා ජවිපෙ ආණ්ඩුව ආවාම දූෂණය හොරකමට තිත වැටිලා ඇති කියලා, තිතක් නොවේ තියෙන්නේ කොමාවක්, කොමාවට පස්සේ කතාව තවමත් යනවා...

:       31       82

WeerathungaSaturday, 27 September 2025 04:27 PM

පිස්සුද ගුණරත්න, ත්‍රස්ථවාදීන් බලයට ඇවිත් රටක් හදයි කියලා හිතන්න... පක්ෂය හදපු උන්ගේම නායකයාටත් ගරහන, පක්ශේ ප්‍රතිපත්ති කියලා 60,000ක් කොල්ලෝ කෙල්ලෝ මරලා අන්තිමට බලයට ඇවිත් ඒ ප්‍රතිපත්ති අමු අමුවේ මරාදාපු උන් රට හදන්න...

:       24       77

sene Saturday, 27 September 2025 03:46 PM

තැපෑල එක මිටට නේද දුන්නේ? අතිකාල ගෙන ඇත්තේ අනිත් ඈයෝ වෙන්න ඇති නේ...

:       4       27

thilak Saturday, 27 September 2025 03:48 PM

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් 28000 ක් ඉන්නවාද?

:       0       35

Lahiru Saturday, 27 September 2025 03:57 PM

ඉස්සර බලන්න කොටි 65 ගෙවලා තියෙන්නේ කොච්චර කාලයක් තුළද කියලා. අවසානයේ වසර 10 කට විතර වෙන්නත් පුළුවන්. අයවැය වෙන්කරපු මුදල් හින්දා මෙච්චර මුදලක් හේතු නැතිව වෙන්කලේ ඇයි කියලත් හොයන්න. ඇත්තටම අයවැය වෙන් කරලා නම් පාර්ලිමේන්තුව කැමැත්තෙන් දැනුවත්ව ගෙවලා නම් ගත අය කැමැත්තෙන් අරගෙන නම් අපිට පාන්ද?

:       5       31

Athula k Saturday, 27 September 2025 05:55 PM

තැපැල් හුවමාරුවේ නයිට් ඩියුටි කරන අය පත්තර එළාගෙන නිදාගන්නවා.

:       56       20

විපරමා Saturday, 27 September 2025 06:20 PM

දූෂිතම පව්ල් පාලන ආණ්ඩුවක් පැවති රටක්. අනික් අය ගැන කවර කතාද?

:       47       17

Krishna Sunday, 28 September 2025 11:23 AM

හොඳායි...

:       0       0

සෙනෙවිරත්න Sunday, 28 September 2025 01:24 PM

මෙතන රජයට දොස් තියන අයගෙ තර්කය කුමක්ද, රජය මොවුනගෙ මේ හොර රාජ්‍ය බිඳදමපු එකද වරද, ඇඟිලි යන්ත්‍ර සවිකළත් වැඩකට ගත්තෙ මේ රජයෙ සෘජු ක්‍රියකාරිත්වය නිසා,

:       0       0

අරුණි Sunday, 28 September 2025 03:02 PM

වෙන කවුද ඉතිං මාලිමාවට ඡන්දේ දුන්න බහුතර සුජාත රාජ්‍ය සේවකයෝම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site