
(සුජිත් හේවාජුලිගේ)
ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නොතිබියදීත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් 28403කට නීතියට පටහැනිව රුපියල් කෝටි 65 කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙයට අමතරව දිසා ගිණුම් කාරයාල දාහතරක ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වෙලාවන් සලකා බැලීමකින් තොරව ගිය වසරේ ජුනි මාසය දක්වා රුපියල් කෝටි 37කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි පවසන එම කාර්යාලය පාලක කාර්යාලයේ සේවකයන් හත්දෙනෙකුටද ඇගිලි සලකුණු නොමැතිව රුපියල් ලක්ෂ 40කට වැඩි අතිකාල ගෙවා තිබූ බවද සඳහන් කරයි.
මේ අතර ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවි කර තිබුණද ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වෙලාවන් සලකා බැලීමකින් තොරව රාත්‍රී හත අට නමය දහය යන වේලාවල් වල රාජකාරී කළ බව සාවද්‍ය ලෙස දක්වා රුපියල් ලක්‍ෂ හැත්තෑවකට වැඩි අධිකාල දීමනා ගෙවා තිබූ බවත් එම අතිකාල දීමනා ගෙ වීම් වල නිවැරදිතාවය මේ හේතුවෙන් විගණනයට පරීක්ෂා කළ නොහැකි වූ බවත් එම වාර්තාවේ දැක්වේ.
මේ අතර සාමාන්‍ය පාර්සල් සේවාව යටතේ මිහිකත ආනයන සහ අපනයන සමාගමින් ලද පාසල් 47510ක් මෙරට පාර්සල් අංශය ඔස්සේ බෙදා හැරීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවද ලක්ෂ විසි හතරකට ආසන්න අලාභයක් සිදුව තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මිනිස්සුන්ට තේරෙන්න ඕනේ හොරකම් කරන්නේ දේශපාලකයෝ විතරක් නෙමේ කියන එක. ඔය එක ආයතනයක්. රාජ්‍ය සේවය කුඩා කල යුතුම එකක්.
ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තිබ්බ එක පුදුමයි. මොවුන් රජයේ සේවකයෝ නොවෙයි. රට කන්න ආපු වසලයෝ...
ජෙප්පන්ගේ යුනියන්කාරයෝ තමයි ඔය වගේ බලු වැඩ කරන්නේ. හොර වත්කම් වසන්ත උපදෙස් දෙන්න ඇති.
මේවා ජාතික අපරාධ. මේ රටට කෙලවෙලා තියෙන්නේ මේවාගේ හොරකම් නිසා. දේශපාලකයින්ගේ හොරකම් වලට එහා ගිය රාජ්‍ය සේවක හොරකම් නිසා රාජ්‍ය වියදම දරුණුවට ඉහළ ගිහින් තියෙන්නේ. කොච්චර බදු ගැහුවත්, මේ හොර හිල් වැහුවේ නැතිනම් රට ගොඩ යන්නේ නැහැ.
මම හිතුවා ජවිපෙ ආණ්ඩුව ආවාම දූෂණය හොරකමට තිත වැටිලා ඇති කියලා, තිතක් නොවේ තියෙන්නේ කොමාවක්, කොමාවට පස්සේ කතාව තවමත් යනවා...
තැපෑල එක මිටට නේද දුන්නේ? අතිකාල ගෙන ඇත්තේ අනිත් ඈයෝ වෙන්න ඇති නේ...
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් 28000 ක් ඉන්නවාද?
ඉස්සර බලන්න කොටි 65 ගෙවලා තියෙන්නේ කොච්චර කාලයක් තුළද කියලා. අවසානයේ වසර 10 කට විතර වෙන්නත් පුළුවන්. අයවැය වෙන්කරපු මුදල් හින්දා මෙච්චර මුදලක් හේතු නැතිව වෙන්කලේ ඇයි කියලත් හොයන්න. ඇත්තටම අයවැය වෙන් කරලා නම් පාර්ලිමේන්තුව කැමැත්තෙන් දැනුවත්ව ගෙවලා නම් ගත අය කැමැත්තෙන් අරගෙන නම් අපිට පාන්ද?
තැපැල් හුවමාරුවේ නයිට් ඩියුටි කරන අය පත්තර එළාගෙන නිදාගන්නවා.
දූෂිතම පව්ල් පාලන ආණ්ඩුවක් පැවති රටක්. අනික් අය ගැන කවර කතාද?
හොඳායි...
මෙතන රජයට දොස් තියන අයගෙ තර්කය කුමක්ද, රජය මොවුනගෙ මේ හොර රාජ්‍ය බිඳදමපු එකද වරද, ඇඟිලි යන්ත්‍ර සවිකළත් වැඩකට ගත්තෙ මේ රජයෙ සෘජු ක්‍රියකාරිත්වය නිසා,
වෙන කවුද ඉතිං මාලිමාවට ඡන්දේ දුන්න බහුතර සුජාත රාජ්‍ය සේවකයෝම තමයි.