
(අංජුල මහික වීරරත්න)
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය.
සිය තෙදින ජපාන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ (27) දිනයේදී ජපානයට පැමිණියේය.
එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා (Akio ISOMATA), ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසින් ජනාධිපතිවරයා හරසරින් පිළිගනු ලැබීය.
ඊයේ පැවති වැඩසටහන් වලින් අනතුරුව අද (28) උදෑසන Shin- Osaka දුම්රියපොළින් ටෝකියෝ හි Shinkansen දුම්රියපොළ බලා පිටත් වූ ජනාධිපතිවරයා අද පස්වරුවේ ටෝකියෝහිදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය.
සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක් හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
එමෙන්ම, ශ්‍රී ලංකා සහ ජපාන වාණිජ මණ්ඩල ඒකාබද්ධව ටෝකියෝහිදී සංවිධානය කර තිබෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදය සඳහාද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා අපට නියම නායකයෙක් ලැබිල තියෙනව, ටයිකොට් කාරයො ඉංග්‍රීසියෙන් දොඩල කලේ අපි හිඟන්නො කල එක විතරයි. වැඩේ කියන්නෙ උන්ට තාම ඒක නොතේරෙන එක.
ශින්කන්සේ කියන්නේ දුම්රිය පොලක් නෙමෙයි. ඒක ජපානයේ අධිවේගී දුම්රිය වලට කියන නම නේද ?
ඉඩක් ලැබුණොත් හිරෝෂිමා යුධ ස්මාරක කෞතුකාගාරය බලන්න යන්න. රටක නායකයෙක් වශයෙන් ඔබ ඉතා සංවේදී වනු ඇත.
කෝච්චියෙන් නැතිනම් කාර් එකේ හෝ බස් එකේ... මෙයා හිතුවද ප්ලේන් එකක් දෙයි කියලා ඒවා ලැබෙන්නේ ට්‍රම්ප් වගේ අයට තමයි.
අපි ගීනස් පොතට මේක දාමුද